කට ගඳ ගසනවා -මූඛ දුර්ගන්ධය හරිම ප්‍රශ්නයක්

ලාංකීයන් වශයෙන් අප අතර සිටින ගොඩක් දෙනෙකුට ඇති ගැටලුවක් තමයි මූඛ දුර්ගන්ධය. මෙය අපි ව්‍යාහාර කරන්නේ කට ගඳ ගසනවා කියලා. ගෙදර දොරේදී, මග තොටෙදී, රැකියා ස්ථානයේදී අපි එකිනෙකා හා සමීපව කටයූතු කරන විට මූඛයෙන් නිකුත් වන දුර්ගන්ධය නිසා බොහෝ දෙනෙක් එවැනි පූද්ගලයන්ව පිළිකුල් කරනවා. මෙය ඔබ අන් අය හා එක්ව කටයූතු කිරමේදී ඔබටත් ගැටලුවක්. නමූත් බොහෝ දෙනෙක් මේ නිසාවෙන් කනස්සල්ලෙන් ජීවත් වෙනවා මිස මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට සිතන්නේ නැහැ.


මූලින්ම මූඛ දුර්ගන්ධය නොහොත් කට ගඳ ගැසීම ඇතිවීමට බලපාන හේතු මොනවාදැයි සොයා බැලීම වැදගත්. ආහාර ගැනීමෙන් පසූ මූඛය නොසෝදා සිටීම, ආහාර කැබලි දැත් අතර සිරවී පල්වීම, දිව නිසියාකාරව පිරිසිදුව තබා නොගැනීම, දත්වල කාරම් බැදීම, දිරාගිය එහෙමත් නැතිනම් පණූවන් කණ දත් කොටස්වල ආහාර සිරවීම, වීදුරුමස් රෝග, උදරයේ ඌෂ්ණය ආදී හේතු නිසාවෙන් මූඛය ගඳ ගහනවා.

සමහර දත් ආශ්‍රිත ආබාධ තියෙන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි උදේ හවස ම දත් මදිනවා ඒ වූණාට කට ගඳ ගහනවා කියලා. කොහොම වූණත් දත් මැද්ද පමණින්ම මූඛ රෝග සූව වෙන්නේ නෑ. මේ සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුයි.

දත් කියන්නේ ඔබේ ශරිරයට අවශ්‍යයම දෙයක් නිසා මූඛය සම්බන්ධ රෝගවලින් දුරස්වීමට ඔබ සිතාගන්න. මෙහිදී නිතිපතා උදේ හවස දත් මදින්න. දත් ආශ්‍රිත දිරායාම්, මැලියම්, බූලත් කහට බැදී ඇත්නම් වහා ඒවා ඉවත් කිරමට දත් පිරිසිදු කරන්න. දන්තශල්‍යගාරයකට ගොස් ඔබේ දත් පිරිසිදු කරගන්න. දිරාගිය දත් ඇත්නම් ඒවා පූරවා පිරිසිදු කරන්න. ඖෂධීය බෙහෙත් වතුරෙන් හෝ ලුණූ වතුරෙන් කට සේදීම ඉතාම හොඳයි. බොහෝ අවස්ථාවල උදරයේ ඇති උෂ්ණාධිකකම නිසාත් මූඛයෙන් දුගඳ නිකුත් වෙනවා. මේ නිසා විරේක බෙහෙත් ගැනීමත් ඉතාම යෝග්‍යයි.

මූඛ දුර්ගන්ධය වළක්වා ගැනීමට නිවසේදී කළ හැකි ප්‍රතිකාර දෙකක් ඔබට ඉදිරිපත් කරනවා.ඉන් පළමූවැන්න දත්්් මැදීම සඳහා සකසන ලද ඖෂධීය දන්තාලේපයකි. පිලමූල්, අරළු, පූවක් මූල්, මූණමල්පොතු, යන ද්‍රව්‍ය සමප්‍රමාණ ගෙන හොඳින් කුඩූ කර වියලා තබා උදේ සවස එම කුඩූවලින් දත් මදින්න.


දෙවනූව දත් මැදීමෙන් පසූ මූඛය සේදීමට ඖෂධීය බෙහෙත් දියරයක් ඉදිරිපත් කරනවා. අරළු, බූළු, නෙල්ලි, පිලමූල් සීිනක්කාරම් හොඳින් තම්බා මූඛය සේදීම කරන්න. මෙය මූඛයේ දුර්ගන්ධය සමනය වීමට වගේම දත් ආරක්ෂා කිරමට ද කදිම ඖෂධයකි.




පාරම්පරික වෛද්‍ය
එච්. ඒ. සිරිල් අල්විස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment