එකම කෙසෙල් මූව එක එක තාලෙට එක එක රසට මේසෙට එනවා

අද වෙළෙඳ පොළේ එළවළු මිල ඉතාම අධිකය. මිල අධිකකම නිසාම බොහෝ එළවළු වර්ග මිනූම්කර ඇත්තේ ග්‍රෑම් දෙසියපනහේ ප්‍රමාණවලිනි.

එළවළු මිල ඉතාම අධික මෙවැනි කාලයක අපේ ගෙවත්තෙන් පහසූවෙන් ලබාගත හැකි කෙසෙල්මූව වැනි දෙයින් අපිට වෑංජන වර්ග කෙතරම් නම් සකස් කර ගත හැකිද?

ඒ වගේම වෙළෙඳ පොළේ වූව කෙසෙල්මූව මිල අධික දෙයක් නොවේ.
ඒ නිසා කෙසෙල්මූවවලින් විවිධ වෑංජන සකස් කර ගැනීමට අද ඔබට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙය හරිම ගුණවත් ආහාරයක්. ඒ වගේමයි රසය. ඒ ඔක්කෝටමත් වඩා ඔබේ පසූම්බියටත් හරිම වාසියක්.
ඔබේ කෑම මේසය රසවත් කර ගැනීමටත් මෙම වෑංජන අත්හදා බලන්න.

කෙසෙල්මූව සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍යලියාගත් කෙසෙල්මූව ග්‍රෑම් 200
උම්බලකඩ කුඩූ මේස හැඳි 1
අමූමිරිස් දෙකට පලා කරල් 4
ලියාගත් ළුෑනූ ග්‍රෑම් 100
රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, කෑලි මිරිස් මේස හැඳි 1
ලුණූ තේ හැඳි 1
නියඹලා යූෂ මේස හැඳි2
කරදමූංගු ඇට 2
කරාබූ නැටි ඇට 2
තෙල් අඩූ කෝප්ප 1

සාදාගන්නා ක්‍රමය
කෙසෙල්මූව ගැඹූරුතෙල් රන්වන් පැහැයට බැද තෙල් පෙරාගන්න.
දෑන් එම කෙලටම ළුෑනූ රම්පෙ කරපිංචා කුරුඳුපොතු දමා රන්වන් පැහැයට බැදීගෙන එනවිට වෙනම භාජනයකට දමන්න. එම තෙලටම අමූමිරිස්, කෑලි මිරිස්, ලුණූ දමා මදගින්නේ බැදගන්න. දෑන් ළුෑනූ භාජනයට උම්බලකඩ, සියඹලා දමා තරමක් පිපසගන්න. එයටම බැදගත් කෙසෙල්මූව එක්කර හොඳින් පිසගන්න.
මෙය සීනි සම්බෝල ආකාරයේ විය යූතුය. ඉඳිආප්ප, බත්, පිටිටූ වැනි දේ සමග වඩාත් රසවත්ය.

කෙසෙල්මූව සලාදය
අවශ්‍ය ද්‍රව්‍යහීනියට ලියා බැදගත්
කෙසෙල් මූව ග්‍රෑම් 200
හීනියට ලියා කපාගත් ළුෑනූ ග්‍රෑම් 50
හීනියට කපාගත් අමමිරිස් කරල් 3
ගම්මිරිස් තේ හැඳි 1�2
මිරිස් කෑලි තේ හැඳිි 1�4
ලුණූ තේ හැඳි 1
උම්බලකඩ කුඩූ මේස හැඳි 1
හීනියට කපා ඇට ඉවත් කළ (අඟලක් දිගට)
තක්කාලි ග්‍රෑම් 50
දෙහි යූෂ මේස හැඳි 1

සාදාගන්නා ක්‍රමය
තක්කාලි සහ කෙසෙල්මූව හැර අනිකුත් දේ එකට දමා හොඳින් මිශ්‍ර කර සම්බෝලයක් සාදා ලුණූ ඇඹූල් බලා කෙසෙල්මූව සහ තක්කාලි එක්කර පොඩි නොවන්නට මිශ්‍ර කරන්න. එයට මූකුණූවැන්න හෝ ගොටූකොළ හෝ කංකුං දීසියක් වටෙිට තබා ඒ මැදට සම්බෝලය දමා ලස්සන කර ගන්න.

හොඳින් සෝදා සලාද කොළ ආකාරයට ඉහත පලා වර්ග තබාගන්න. ඒවාත් කෙසෙල්මූව සමග ආහාරයට ගන්න.


කෙසෙල්මූව කටිලටි

අවශ්‍ය ද්‍රව්‍ය
ලියා ගැඹූූරු තෙලේ බැදගත් කෙසෙල්මූව ග්‍රෑම් 200
බතල හෝ මඤ්ඤොක්කා හෝ දෙල් හෝ අලුකෙසෙල්
තම්බා පොඩි කර ගන්න. ග්‍රෑම් 75
පොඩියට කපාගත් අමූමිරිස් කරල් 2
පොඩියට කපාගත් ළුෑනූ ග්‍රෑම් 50
ලියාගත් කරපිංචා කිනිති 1
කෑලි මිරිස් තේ හැඳි 1
ලුණූ තේ හැඳි 1
දෙහි යූෂ තේ හැඳි 1

සාදා ගන්නා ආකාරය
භාජනයක් ගෙන තෙල් ටිකක් දමා ළුෑනූ රම්පෙ කරපිංචා බැදෙන්න හරින්න. රන්වන් පාටට බැදෙන විට තෙල් පෙරා කෑලි මිරිස් අමූමිරිස්, උම්බලකඩ තරමක් බැදෙන විට ලිපෙන් ඉවතට ගෙන පොඩි කර ගත් අල හෝ ඔබ තෝරාගත් දෙය සමග කෙසෙල්මූව දමා දෙහි දමා රසබලා අවශ්‍ය පමණ බෝල සාදාගන්න.

පිටි මිශ්‍රණයපිටි ග්‍රෑම් 50
බිත්තර 1
පාන්කුඩූ ග්‍රෑම් 200
පිටි සහ බිත්තරය එකට මිශ්‍ර කර ලුණූ ටිකක් දමා වතුර එක්කර තරමක් ඝන මිශ්‍රණයක් සකස් කර ගන්න. සාදාගත් කටිලටි එහි බහා පාන්කුඩූ දවටා බැදගන්න.
මෙය හරිම රසවත්ය. ඔබත් අත්හදා බලන්න.


කෙසෙල් මල් බැදුම
අවශ්‍ය ද්‍රව්‍යකෙසෙල් මල් තෝරාගෙන මැද ඇති ඉරටූව වැනි කොටස ඉවත් කරන්න.
එම මල් ග්‍රෑම් 200
කහ තේ හැඳි 1
ළුෑනූ ග්‍රෑම් 100 (හීනියට ලියාගත්)
ලියාගත් අමූමිරිස් කරල් 4
උම්බලකඩ කුඩූ මේස හැඳි 1
තෙල් අඩූ කෝප්ප 1
රම්පේ, කරපිංචා, කුරුඳුපොතු
පොඩියට කපා ගත්
තක්කාලි ග්‍රෑම් 50
මිරිස් කෑලි මේස හැඳි 1�2
දෙහි යූෂ තේ හැඳි 1
ලුණූ තේ හැඳි 1


සාදාගන්නා ආකාරයපළමූව කහ ලුණූ මිශ්‍ර වතුර ලිප තබා උතුරන විට කෙසෙල්මල් දමා විනාඩියක පමණ තබා දිය බේරා වේලෙන්නට තබන්න.
එය නැවත ගැඹූරු තෙලේ බැදගන්න.
දෑන් තෙල් මේස හැඳි 2
නැවත භාජනයකට දමා ළුෑනූ රම්පේ කරපිංචා කුරුඳුපොතු අම්මිරිස්, රන්වන් පැහැයට බැදෙන්නට හැර තෙල් පෙරා කෑලි මිරිස්, උම්බලකඩ, ලුණූ මදගින්නේ තරමක් බැදෙන්නට හැර තක්කාලි දමා මදගින්නේ තක්කාලි හොඳින් තැම්බෙන්නට හැර ඉන්පසූ කෙසෙල්මල් ටික දමා මදගින්නේ තැම්බෙන්නට හැර ලිපෙන් ඉවතට ගෙන දෙහි යූෂ දමා රස බලන්න. මෙය සාමාන්‍යයෙන් හාල්මැස්සන් බැදුම හා සමානය.





පබිලිස් සිල්වා
අධ්‍යක්ෂ ආහාර ප්‍රවර්ධන ගල්කිස්ස මහ හෝටලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment