ස්ට්‍රෝබෙරිවලින් ෆේෂල් එකක් කරන අයුරු


කුරුළෑ තිබෙන කෙනෙකුට මෙම ෆේෂල් එක ඉතාම තවද හොඳයි. පැල්ලම් සහිත දුර්වර්ණ වූ සම පැහැයෙන් අඩූ කෙනෙකුට ද මෙය ඉතාම සූදුසූ ෆේෂල් එකකි.

මෙහිදී පළමූව ක්ලෙන්සර් කළ යූතුය. (මූහූණේ ඇති කුණූ ඉවත් කිරීමට)


ඉන්පසූ දෙනෙත තෙත පූළුන්වලින් වසා විනාඩි 3 පමණ මූහූණට වාෂ්පය අල්ලනූ ලැබේ.

ඉන්පසූ විශේෂිත ස්ක්‍රබ් ආලේපයක් කරන අතර එය ඖෂධීය එකකි. එය විනාඩි කිහිපයක් තබා ඉවත් කරනූ ඇත.

මේ මගින් මැරුණූ සම ඉවත් කරනූ ලැබේ.

මූං ඇට පිටි ටිකක් ගෙන එය දෙහි බිංදු කිහිපයක් දමා එයටම පිපිඤ්ඤා යූෂ ටිකක් දමා හොඳින් මිශ්‍ර කර මූහූණේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබා හෙමින් මූහූණ පිිරිමැද ඉවත් කරන්න. මෙය නිවසේදී සාදාගත හැකි ස්ක්‍රබ් එකකි.

දෑන් ස්ට්‍රෝබෙරි මාස්ක් (පැක්) එක දමා ඇත. ස්ට්‍රෝබෙරි සමට පෝෂණය ලබා දෙයි. රුධිර සංසරණ වේගවත් කරයි. ඒ තුළින් පැහැපත් බව ලැබෙයි.

එය විනාඩි 20 තබා ඉවත් කළ යූතුයි.


මාස්ක් එකක් නිවසේදී සකස් කර ගන්නවා නම් උඳුපිටි වලට අමූ අර්තාපල් යූෂ ටිකක් එයටම පිපිඤ්ඤා යූෂ එක්කර සාදාගත් මාස්ක් එක ඉතාම හොඳයි. කහකුඩූ, ස්වල්පයකුත් එක් කරන්න. එය තවත් හොඳයි

සාමාන්‍ය සිිසිල් වතුරින් සෝදා ඉවත් කරන්න. වයස අනූව මූහූණ සම්භාහනය කළ යූතුය.

මීට අමතරව ඇහිබැම වල අනවශ්‍ය රෝම ඉවත් කිරීමද කළ හැකිය.

මෙම ෆේෂල් එකේදීම නාසය මත ඇති කළු ලප සහ සූදු ලප ඉවත් කර ගැනීමට නෝස් පැක් එකක්ද දෑමූ අතර විශේෂිත වූ ස්ටිකරයකි. ඒ මගින් කිසිදු අතුරු ආබාධයක් නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment