වියළි සමට නිවසේදී ප්‍රතිකාරයක්

පංච කල්‍යාණියකගේ එක් කල්‍යාණියක් ජවි කල්‍යාණියට අයත්වේ. සම පැහැපත්ව මටසිළුටූව තිබීමෙන් සිරුරේ ලස්සන දෙගුණ තෙගුණවේ.

නිරෝගී පැහැපත් සමක් තිබීම කාන්තාවක් රූප රාජිණියක් කිරමට සමත්වන අවස්ථා ඇත.
අද අප කතා කරන්නේ වියළි සම පිළිබඳවයි. වියළි සමක් ඇතිවන්නේ සමේ තෙත ගතිය අඩූවීමෙන් හෙවත් තෙල් ගතිය අඩූවීමෙනි. එය ඇතිවන්නේ තෙල් ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරිත්වය අඩූවීමෙනි.

වයළි සම ඉක්මණින් රැළිවැටීම ඇතිකරයි. සාමාන්‍යයෙන් වයසට යනවිට වියළි සමක් ඇතිවේ.

අවූරුදු 30 සිට මෙය ආරම්භ වෙයි. එයට හේතුව මේද ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරිත්වය අඩූවන නිසාය. එවිට ශරරයේ ලිවීමට පවා හැකිවේ.

එසේම මූහූණ තද වාෂ්පයට ඇල්ලු විට එම ස්ථානවල සම තුනීවීමකට ලක්වේ.

යට සමටද එය තර්ජනයකි. එමෙන්ම මූහූණ ප්‍රමාණයට වඩා රත්වූ විට මූහූණේ ඇති තෙල් සහිත බව ඉවත්වේ. එවිට මූහූණ ඉක්මණින් වියළි බවට පත්වේ. ඉක්මණින්ම රැළිවැටෙි. සමේ ප්‍රබෝධමත් බව අඩූවේ.

මේ නිසා මෙවැනි සමක් වයසට වඩා මහලු පෙනූමකින් දිස්වේ.

මේ සඳහා පිළියම් බොහෝ තිබේ. ආහාර භාවිතවේ. වැදගත්කම ප්‍රධාන වශයෙන් බලපායි.

මක්නිසාද ඇතැම් ආහාර නොගැනීම වියළි සමක් ඇතිවීමට හේතුවේ. දිනපතාම වතුර වීදුරු 7-8 පානය කළ යූතුය. විටමින් E  අඩංගු මොයිෂ්චර්රයිසර් එකක් භාවිත කළ යූතුය.


විටමින් E වර්ගයකින් සමට ලැබෙන දීප්තිය ඉතා විශාලය. ස්වභාවික විටමින්E  වර්ගයක් අභ්‍යන්තර වශයෙන් දවසට 1 බැගින් ගැනීම යෝග්‍යය.


විටමින්E  භාවිතයට පූරුදුවීමෙන් සමේ ඉරිතැලීම්, වියළීම, දුර්වර්ණවීම බොහෝ දුරට අඩූකරගත හැකිය.

සම රැකගැනීම සහ පෝෂණයකින් පවත්වාගෙන යාමට අපසතුු ප්‍රධාන කාර්යයකි.

නිවසේදී ඒ සඳහා කළ හැකි ප්‍රතිකාරයක් බලමූ.

අලිගැටපේර මේස හැඳි 2
මී කිරි තේ හැඳි 1
මී පැණි තේ හැඳි 1
ස්වභාවික විටමින්E  වර්ගයක්


මේ සියල්ල එකට මිශ්‍රකර මූහූණේ තවරා විනාඩි 20කින් සෝදාහැර ටෝන ස්වල්පයක් මූහූණේ තවරන්න.




රූපලාවන්‍ය ශිල්පිනී චාමලී කල්දේරා
සිත්මල් බියූටි සැලෝන්,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment