මගේ ඇස් යට කළුවෙනවා

තරුණ පිරිස් අතර සූලභව දකින්න පූළුවන් තත්ත්වයක් තමයි ඇස් යට කළුවීම කියන්නේ. බොහෝ වෙලාවට සම පැහැපත් අයට නම් ඇස්යට කළුවීම ඉතා අවලස්සනට පෙනෙනවා.
ඇස් යට කළුවීම රෝගී තත්ත්වයක්. මෙය ඇසට පමණක්ම නොව නළල, බෙල්ල, වැලමිට ආදි ප්‍රදේශවලටත් බලපාන රෝගී තත්ත්වයක්. වාත කෝප අවස්ථාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රෝගය ඇතිවෙන්නේ.

සම වියළීම, නිසිවෙලාවට ආහාර නොගැනීම, කෙටිකැම ගැනිම, අධික උෂ්ණ කෑම ගැනීම, වැනි දේ මේ සඳහා බලපානවා. අධ්‍යාපනය ලබන බොහෝ අය පාඩම් කිරමේ දී ඇස වෙෙහෙසනවා නම් ඇස්යට කළුවීම දකින්නට පූළුවන්. නමූත් මෙය බරපතල රෝගී තත්ත්වයක් නම් නොවේ. ප්‍රතිකාර ගැනීමෙන් නිටිටාවටම සූව කර ගන්න පූළුවන්. මෙහිදී බෙහෙත් වලින්ම මෙම රෝගී තත්ත්වය සූව කර ගැනීමට අපහසූයි. ආහාර පාලනයද අවශ්‍යයි.

විශේෂයෙන්ම වාත කෝප ආහාරවලින් ඈත් විය යූතුයි. අධික උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න ඕන. අපේ දරුවන් පූරුදුවෙලා ඉන්නවා කෙටිකෑම ගන්න. පාසල් යද්දී පන්ති යද්දී මොනවා හරි කෙටිකෑමක් කන්න වෙනවා. ඇඟ සිසිල් කරන ආහාර නිතර නිතර ඔබේ ආහාරවලට එක්කර ගන්න.

එසේම ඇස් යට කළුවීමට නිවසේ සිට කළ හැකි ප්‍රතිකාර විධි කිහිපයක්ම තියෙනවා. මේවා සෑම එකක්ම කිරම නම් එතරම් සූදුසූ නැහැ. ඔබට පහසූවෙන් කළ හැකි එක් ප්‍රතිකාර ක්‍රමයක් ඔබම අනූගමනය කරන්න.

පොතු හරින ලද මූං ඇට පිටි තේ හැඳි දෙකට පැසෙන උණූවතුර ස්වල්පයක් එක්කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. මෙය නිවූණූ පසූ ඇසට නොයන පරිදි ඇස වටෙි ගල්වන්න. පැය 2 කින් පසූව සෝදා හරින්න. එසෙම් කඩලපිටි වලින්ද මෙම මිශ්‍රණය සාදා ආලේප කරන්න පූළුවන්.

පිිපිඤ්ඤා යූෂ ආලේප කිරමද ඉතා වැදගත්. මෙයින් ඇසට සිසිලසක්ද ඇති වෙයි.

කෝමාරිකා කැබැල්ලක ජෙලි ස්වල්පයක් ගෙන ඇස වටෙි ගල්වන්න.

ඇසට ප්‍රතිකාර කිරමේදී උදේ කාලයේ ප්‍රතිකාර කිරම වඩාත් යෝග්‍යයි. කිසිම අවස්ථාවක සවස් කාලයේ ඇසට ප්‍රතිකාර කරන්න එපා.



පාරම්පරික වෛද්‍ය එච්. ඒ. සිරිල් අල්විස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment