අලුත උපන් දරුවන්ගේ ඇස් සහ සිරුර කහපැහැ වන්නේ ඇයි?


Muslim baby names from ajju 15/06/08 - baby cryingfrom ajju

ඇස් නියපොතු මෙන්ම ශරීරය පූරාම කහ පැහැ වීම අප කා අතරත් ඉඳහිට හෝ දක්නට ලැබෙන රෝගයක්. බොහෝ දෙනා මෙය කහ උණ ලෙස හඳුන්වනවා. මේ කියන්නේ ඒ රෝගය ගැන නෙවෙයි. කුඩා දරුවන්ගේ ඇස් මෙන්ම සිරුර කහ පැහැවීමේ රෝගය පිළිබඳවයි.


ප්‍රශ්නය
අපට අසන්න දකින්න ලැබෙන දෙයක් තමයි උපන් අලුත දරුවන්ගේ සිරුර කහ පැහැවීම බොහෝ දෙනා කියන්නේ උපන් ගමන්ම දරුවන්ට සෙංගමාලය වැළඳෙනවා කියලයි. මොකක්ද මේ රෝග තත්ත්වය.


පිළිතුර

මේ තත්ත්වය ජොන්ඩිස් හෙවත් කාමලාව කියලයි හඳුන්වන්නේ. ජොන්ඩිස් කියන්නේ ශරීරයේ කහ පැහැවීමයි. අක්මාවේ නිපදවන බිල්රුබින් (ඊසකරමඉසබ- කියන වර්ණකය නිසයි මෙසේ වන්නේ. මෙම වර්ණය කහ පැහැතියි. යම් හේතු නිසා මේ වර්ණකය රුධිරයේ තිබිය යූතු ප්‍රමාණයට වඩා ඉහළ යා හැකියි. මෙසේ මේ වර්ණකය ශරීරයේ විවිධ තැන්වල විශේෂයෙන් අත්ල සම සහ ඇස්වල සූදු ඉංගිරියාව වැනි තැන්වල තැන්පත් විය හැකියි. කුඩා දරුවන්ගේ ශරීරයේ මේ තත්ත්වය පැහැදිලිව දැකගත හැකියි. සෙංගමාලය රෝගයේදීත් ශරීරයේ කහ පැහැ වෙන නිසා මේ දෙකම එකක් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. සෙංගමාලය කියන්නේ අක්මා ප්‍රදාහය හෙපටයිටිස් කියලයි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. මේක රෝගයක් ජොන්ඩිස් කියන්නේ රෝග ලකෂණයක් විතරයි. රෝගයක් නොවෙයි.


ප්‍රශ්නය

නියෝනේටල් ජොන්ඩිස් (භැදබ්ඒක නදමබිසජැ- කියන්නේ දරුවන්ට ඇතිවන රෝග තත්ත්වයක්. එයට හේතු මොනවාද?


පිළිතුර

නියෝනේටල් ජොන්ඩිස් කියන්නේ දරුවෙක් උපන් ගමන් නැත්නම් ඉපදී මූල් දවසේ කිහිපය තුළ හෝ මාස කීපය තුළ ඇතිවන ශරීරයේ කහ පැහැවීමයි.


බොහෝ දරුවන්ගේ ශරීර කහ පැහැවීමක් දක්නට ලැබෙනවා.

මේ තත්ත්වය හඳුන්වන්නේ පිසියොලොජිකල් ජොන්ඩිස් (ඡයහජසදකදටසජ්ක න්මබාසජැ- හෙවත් කායික කාමලාව කියලයි. මෙය රෝගී තත්ත්වයක් නොවෙයි. මෙවන් අවස්ථාවකදී දරුවාට මවූකිරි දුන්විට මේ තත්ත්වය මගහැරී යනවා.


අඩූ වශයෙන් උපදින දරුවන්ගේ බිල්රුබින් වර්ණකය සංසරණය වන පද්ධතිය හරි හැටි වර්ධනය නොවීම හේතුවෙන් කාමලා තත්ත්වයක් ඉපදී මූල් කාලය තුළ ඇතිවෙන්න පූළුවන්. මේ හැරුණූ කොට රියස් (සෘ්‍ය- සාධකයේ නොගැලපීමක් නිසා කාමලා තත්ත්වයක් ඇතිවෙන්නත් පූළුවන්. සෘ්‍ය- (සෘ්‍ය සෘණ) රුධිරය තිබෙන මවකට සෘ්‍යූ (සෘ්‍ය ධන) රුධිරය තිබෙන දරුවෙක් උපදින්න පූළුවන්. සෘ්‍ය සෘණ සාධකය තිබෙන අය ජනගහණයේ සිටින්නේ ඉතා අඩූ ප්‍රමාණයක්. වැඩි කොටසක් සෘ්‍ය ධන රුධිරය ඇති අය. ස්වාමියා සෘ්‍ය ධන වීම නිසා දරුවා සෘ්‍ය ධණ රුධිරය ඇත්තකු විය හැකියි. පළමූ දරුවාට මෙසේ ගැටලුවක් වන්නේ නෑ. ඒත් උපදින අවස්ථාවේදී හෝ ගර්භාෂය තුළදී හෝ මවගේ රුධිරය දරුවාගේ රුධිරයට මිශ්‍රවීමක් සිදුවූවොත් ඊළඟ දරුවාට මේ තත්ත්වය දරුණූ අන්දමින් බලපාන්න පූළුවන්. දරුවාගේ ශරීරය කහපැහැවීමක් වෙන්නත් පූළුවන්. එනිසා දරුවෙක් ලැබිල සෘ්‍ය සාධකයේ නොගැලපීමක් ඇති වූවොත් අනෙක් දරුවන් ලැබීමට පෙර වෛද්‍යවරයාට දැනූම් දිය යූතුයි. මේ අවස්ථාවේදී වෛද්‍යවරයා "රෝගම්" නම් එන්නතක් මවට ලබාදෙනවා. මේ එන්නත මගින් ඉදිරියේදී ලැබනෙ දරුවන්ට සිදුවන අනතුරු වැළැක්වීමක් සිදුවෙනවා. ඉතා කලාතුරකින් හෝ රුධිර වර්ගය (ඊකදදා ඨරදමච- අතර නැතිනම් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක අතර ගැටලුවක් නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පූළුවන්. තවත් හේතුවක් තිබෙනවා. රතු රුධිර ෙසෙල සාමාන්‍යයෙන් ද්වි අවතල හැඩයක් ගන්නවා. එක්තරා රුධිර රෝගයක් නිසා රතු රුධිර ෙසෙල ද්වි අවතල හැඩය නොවී ගෝලාකාර හැඩයක් ගන්නවා. ගෝලාකාර වීම නිසා ෙසෙල බිදෙන්න තිබෙන සම්භාවිතාව වැඩියි. රතු රුධිර ෙසෙල වැඩි වැඩියෙන් බිඳෙන නිසා බිලිරුබින් වර්ණකය රුධිරයට වැඩියෙන් එකතු වෙනවා. මේ නිසා රුධිරයේ තිබිය යූතු ප්‍රමාණයට වඩා බිලිරුබින් තිබෙන නිසා ශරීරය කහ පැහැ ගැන්වෙනවා. උපතින්ම එන්සයිම පද්ධතිය හරි හැටි ක්‍රියා කිරීම සිදු නොවූණූ විටත බිල්රුබින් ප්‍රමාණය වැඩිවෙනවා. මෙහිදී අනතුරුදායක තත්ත්වය තමයි දරුවාගේ මොළයට බිල්රුබින් ගමන් කර මොළයේ වර්ධනය බාල කිරීමක් සිදුකිරීම. මෙහිදී සිදුවන්නේ බිල්රුබින් වර්ණකය මොළයට ගමන් කර මොළයේ තැන්පත්වීමයි. මේ නිසා කුඩා දරුවෙක් දිගින් දිගටම කහපැහැ ගැන්වෙනවා නම් වෛද්‍ය උපදෙස් ගත යූතුයි. මෙය යථා තත්ත්වයට පත්වෙන දෙයක් නොවෙයි.


තවත් හේතුවක් තමයි බාධකයක් නිසා ඇතිවන කාමලා තත්ත්වය. අක්මාව තුළ නිපදවන පිත පිත්ත ප්‍රණාලය තුලින් පිත්තාශය වෙතට ගමන් කරන බව අප දන්නවා. අක්මාවේ සාදන පිත ගබඩාකර තබන්නේ පිත්තාශය තුළයි. ආහාර ජීර්ණයේදී අවශ්‍ය වෙලාවට මෙම පිත පිත්ත ප්‍රණාල දිගේ ආහාර මාර්ගයේ ග්‍රහණිය නම් කොටසට ශ්‍රාවය කරනවා.


ඉතින් මේ ගමන් මගේ කෙනෙකුගේ අවහිරතාවක් ඇතිවූවොත් පිනමාලා තත්ත්වයක් ඇතිවෙන්න පූළුවන්.


ප්‍රශ්නය

කුඩා දරුවන්ගේ උපතින්ම පිත්ත ප්‍රණාල වර්ධනය නොවී තිබිය හැකිද? එසේ වීමෙන් ඇතිවන තත්ත්වය කුමක්ද?


පිළිතුර

මෙම තත්ත්වය ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින්. ළදරු උපත් විසි දහසකට එකක් පමණ උපතින් පිත්ත ප්‍රණාලයේ වර්ධනයක් නොවී ඉපදෙන්න පූළුවන්. මෙය බිලියරි ඇට්‍රිශියා (ඊසකස්රහ ්එයරුිස්- යනූවෙන් හඳුන්වනවා. සිංහලෙන් හඳුන්වන්නේ "සංජානීය පිත්ත ප්‍රණාල ක්ෂිණවීම" කියලයි. මෙහිදී බහූලව පෙන්නූම් කරන රෝග ලකෂණය නම් ඉපදී මූල් සති දෙක තුළ ශරීරය කහපැහැවීමක් පෙන්වනවා පමණක් නොව උග්‍රවීම නිසා කොළ පැහැයක් පෙන්වන්නත් පූළුවන්. මල ද්‍රව්‍යයන් කහ පැහැවෙන්න පූළුවන්. මේ අවස්ථාවේදී අක්මාවේ ඉදිමීමක් සිදුවෙනවා.



ශ්‍රී ජයවර්ධනපූර
විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ කථිකාචාර්ය වෛද්‍ය
අනිල් සමරනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment