ලිංගේන්ද්‍රියෙන් සූදු පැහැති දියරයක් වැනි යමක් පිටවේ.විවාහ දිවියට බලපායිද ?

මම දහහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. මට ඇති ප්‍රශ්නය නම් මෙයයි. එනම් වෛද්‍යතුමනි මගේ ලිංගේන්ද්‍රියෙන් සූදු පැහැති දියරයක් වැනි යමක් පිටවීමයි. මෙය මා වැඩිවියට පත්වූදා සිටම පවතින දෙයක් වන අතර නිරන්තරයෙන්ම පිටවන බව ද දැනේ. මෙය ඇඟ උණූකරවා යාමේ තත්ත්ව යැයි මා දන්නවා. වෛද්‍යතුමනි මගේ ශරීරයද ඉතා කෙටිටූය. මෙමගින් මගේ ශරීර සෞඛ්‍යයට හානියක් වේද. එමෙන්ම විවාහ දිවියට බලපෑමක් වේද යන්න පහදා දෙන්න.


පිළිතුර


යෝනි මාර්ගයේ අවට ශ්ලේෂ්මල වැනි දියර නිකුත් කරන ග්‍රන්ථි සූලභව දැකිය හැකියි. ඒවා මගින් ඔසප් චක්‍රය යම් යම් අවස්ථාවලදී දියරමය ද්‍රව්‍යයක් නිකුත් කරනූ ලබනවා. විශේෂයෙන්ම ආර්ථව චක්‍රයේ මැදදී ඩිම්බ මෝචනයත් සමග මේ තත්ත්වය ඉතා වැඩිවෙයි. මෙය කිසිදු රෝගයක ලකෂණයක් නොවේ. ඒනිසා අනවශ්‍ය බියක් ඇති කරගත යූතු නොවේ.

මෙවැනි දියරයක් ලිංගික උත්තේජනය වන අවස්ථාවලදී ද සිදුවෙනවා. කලාතුරකින් විෂබීජ යෝනි මාර්ගයට ඇතුළු වීම නිසා මෙවැනි දියර පිටවීම සිදුවෙනවා. එවැනි අවස්ථාවලදී පිටවන දියරය උකු ගතියකින් යූක්තවන අතර ඇතැම් විට එය සිදුණූ කිරි වැනි ස්වභාවයක් ගන්නවා. එමෙන්ම දුගදින් යූක්ත වෙනවා. තව ද ලේවලට මිශ්‍රවූ බවක්ද දැකිය හැකියි. යෝනි මාර්ගය අවට කැසීමක් නම් එය අසාමාන්‍ය ලකෂණයකි. මෙවැනි ලකෂණයක් නොමැති නම් අනවශ්‍ය බියක් හෝ කළබලකාරී තත්ත්වයක් ඇති කර ගත යූතු නොවේ.
දියරය පිටවීම හේතුවෙන් ශරීරය කෙටිටූ වේ යැයි නිගමනය කළ නොහැකියි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment