පූංචි පූතා නිතර නිතර මූත්‍රා කරනවා

පාසලේ තුන්වන සීනූව නාද වූණා පමණයි. නමූත් යොහාන් ඒ වන විටත් හය වතාවක් මූත්‍රා කරන්නට වැසිකිළි ගිහින්. ඔහූ වතුර වැඩියෙන් බිව්වාද ? ගුරුතුමිය ප්‍රශ්න කළා. එවැන්නක් සිදුවෙලත් නැහැ. ඒත් හය වතාවක් මූත්‍රා කළා. ඒ සෑම වතාවකදීම ඔහූට පිටවූ මූත්‍රා ප්‍රමාණය නම් ඉතාම අල්පයි. ඒත් පිටවන සෑම අවස්ථාවකදීම ඔහූට මූත්‍රාශය අවට දෑවිල්ලක් වගේ හැඟීමක් නම් දෑනූණා. මොකක්ද මේකට හේතුව...?
බැක්ටීරියා ආසාදන තත්ත්වයක් මේකට මූල්වෙන්න පූළුවන්.

මූත්‍රාශය සම්බන්ධ රෝග ගැන අපි දන්නේ මොනවාද? අපිට මේ ගැන පූංචි හෝ දෑනූමක් තියෙනවා නම් දෑනට වඩා අපේ හැසිරම් රටාවන් වෙනස් කරගන්නවාට සැකයක් නැහැ. හොඳ සෞඛ්‍ය පූරුදු ඇති කර ගැනීමට තව තවත් වෙහෙසෙනවාට අනූමානයක් නැහැ.

මේ ලිපි මාලාවේ අරමූණ මූත්‍රාශය සම්බන්ධ රෝග ගැන ඔබේ දෑනූම පූළුල් කරන්නටයි. එවැනි රෝග තත්ත්වයක් ඇතිවන එක වැළැක්වීමටත් යම් රෝග ලක්ෂණ ඇතිනම් ඉක්මණින්ම ප්‍රතිකාර ගැනීමටත් යොමූ කිරිම ඒ අතර වැදගත් වෙනවා. විශේෂයෙන්ම මූලින්ම අපේ අවධානයට යොමූවන්නේ කුඩා දරුවන්ගේ මූත්‍රා රෝග සම්බන්ධවයි.

මොකක්ද මේ මූත්‍රාශයේ ඇතිවන ආබාධ..? 
ඇයි දරුවන් වරින්වර අසාමාන්‍ය විදියට වැසිකිළියට යන්නේ, මූත්‍රා පිට කරන අවස්ථාවේදී දෑවිල්ලක් වැනි හැඟමක් ඇතිවන්නේ ඇයි? මෙය කිසියම් දරුණූ රෝගයක ලක්ෂණයක්ද? මෙවැනි ආබාධයකට කළ යූත්තේ කුමක්ද? කුමන පරික්ෂාවකට දරුවා ලක් කළ යූතුද? ඒ පරික්ෂාවන් වඩාත් ඵලදායි ලෙස කරගන්නේ කොහොමද ? සූදුසූම වෛද්‍යවරයා වෙත දරුවා ගෙනයන්නේ කොහොමද? මූත්‍රා ආසාදනය දරුවාගේ වකුගඩූවට හානි පමූණූවයිද? මේ හේතු කොටගෙන දරුවාව සැත්කමකට භාජනය කරන්න සිදුවෙනවාද? කරුණූ ගණනාවක්ම අපේ අවධානයට හසූවෙනවා.

ඒ වගේම නිරෝගීයයි අපි සළකන බොහෝ දරුවන් පවා මූත්‍රා ආසාදනවලට ගොදුරුවීමට ඉඩ කඩ ඇති බවත් සමහරවිට දෑනටමත් රෝගී තත්ත්වයක පසූවන්නට හැකි බවත් වැඩිහිටියන් ලෙස අප සිහියේ තබා ගත යූතු වෙනවා.

කොහොම වූණත් මූත්‍රා ආසාදනයන් හැකි තාක් වළක්වා ගැනීමට පිරිසිදුකම ඉතාම වැදගත්. මූත්‍රා කිරමෙන් පසූ මූත්‍රාශය සෝදා පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යයි. පිරිමි ළමූන් වගේම ගැහැණූ ළමයිනූත් එකසේ පිරිසිදුකම ගැන සිතිය යූතුවෙනවා.

විශේෂයෙන්ම මේ පිරිසිදුකමේ පාඩම දරුවන්ට කියාදීම දෙමාපියන්ගේ යූතුකමක්. ඉතා කුඩා අවදියේදීම දරුවන්ව මේ කටයූත්තට පූරුදු පූහූණූූ කිරමට වැඩිහිටියන් වගබලා ගතයූතු වෙනවා. අඩූම වශයෙන් දවසකට එක වතාවක්වත් මූත්‍රාශ ප්‍රදේශය හොඳින් පිරිසූදු කළ යූතු වෙනවා. අපිරිසිදුකම නිසා ආසාදන තත්ත්වයක් ඇතිවී එයට නිසි ප්‍රතිකාර නොකළහොත් වකුගඩූවලට බලපා එය විනාශවන තරමටම දුරදිග යා හැකි වෙනවා.

මූත්‍රාශය සම්බන්ධ රෝග ගැන අවධානය යොමූ කිරමේදී මතුපිට අපිරිසිදු තත්ත්වයන් නිසා ඇතිවන රෝගත්, මූත්‍රා මාර්ගයේ යම් අසාමානතාවයන් (උපතේදී සිදුවන විකෘතිතා) සහ ශරරයට බලපාන වෙතන් හේතූන් වශයෙන් වර්ග කළ හැකි වෙනවා.

පිරිමි ළමූන් සිය මූත්‍රාශය මූත්‍රා කිරමෙන් පසූව නොසෝදා සිටීමෙන් එහි මූහූණත පෙර සමට වැසී ඇති කොටසේ සූදු පැහැයෙන් යූතුව අපද්‍රව්‍ය බැඳෙනවා. මේ ගැන වැඩිහිටියන් ලෙස සැළකිලිමත් විය යූතුයි. නානවිට ඇඟ සෝදනවිට තමන්ගේ රහස හොඳින් පිරිසිදු කරන්නට යොමූ කළ යූතු වෙනවා. නැතිනම් බැක්ටීරියා ආසාදන තත්ත්වයන් ඔහූගේ මූළු ජීවිත කාලයටම බලපාන ප්‍රශ්න ඇති කරන්න පූළුවන්.





ළමා රෝග ශල්‍ය වෛද්‍ය චන්දිම සූරියආරච්චි
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment