අපි කන බොන දේ -කරවිල තිත්තයි ඒත් ගුණයි



අපි එළවළු පළතුරු තෝරා ගැනීමේදී එහි ගුණ අගුණ බව පිළිබඳව වැඩි අවධානයක් යොමූකරන්නෙමූ. විශේෂයෙන්ම අපේ දරුවන්ට ආහාර පාන සකස් කිරීමේදී පෝෂණ ගුණය පිළිබඳව අපි වඩාත් සිතන්නෙමූ.

එළවළු පළතුරුවල පෝෂණ ගුණය පිළිබඳව මෙන්ම ඒවා කෙතරම් දුරට අපේ සිරුරට ගුණවනවාදැයි දැන හඳුනාගැනීමට අද සිට නවලියෙන් මෙම ඉඩකඩ වෙන්වෙන්නේ ගෘහණියන් වන ඔබගේ පහසූව උදෙසාමය.

ඇතැම් එළවළු සහ පළතුරු ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන් යූක්තවන අතර, තවත් එළවළු සහ පළතුරු ආහාරමය ගුණය පමණය. ඖෂධීය ගුණය පමණක් තිබෙන එළවළු සහ පළතුරුද ඇත.


ගොටූකොළ ගැන සිතන්න. එය ආහාරයක් පමණක් නොව නොදැනූවත්වම ඖෂධයකි. ලීක්ස්, ගෝවා ඖෂධීය ගුණයක් නැතත් ආහාරයකි.

හාතාවාරියවලින් බලාපොරොත්තු වන්නේ ඖෂධීය ගුණයක් වූවත් අප නොදැනීම එයින් ආහාරමය ගුණයක් ද ලැබේ.

බෙලි ද එසේමය. එය හොඳ ඖෂධයකි. බෙලි පළතුරු පමණක් නොව මූල, පොතු, මල් මෙන්ම සියලු කොටස් ඖෂධයන්ය.


අද අපි කරවිල ගැන බලමූ.

කරවිල ගැන මේ කාලයේ ලොකු මිථ්‍යාමතයක් පැතිරෙයි. එනම් එය දියවැඩියාවට ඉතාම හොඳ ඖෂධයක් බවයි. ඒත් ඔබ කවදාකවත් කසායක හෝ ආයූර්වේද බෙහෙත් වටිටෝරුවක එය දැක තිබෙනවාද. කරවිල මූල්, වැල් හෝ කොළ කිසිම දිනෙක ආයූර්වේද කසායක අඩංගු නැත.

ආයූර්වේද වෛද්‍ය පොත පතේ කරවිල දියවැඩියාව සඳහා යොදාගෙන ඇති බවක් සටහන්ව නැත.

කරවිලවල ඇති තිත්ත රසය නිසා එය සීනිවලට විරුද්ධව ක්‍රියා කරනූ ඇතැයි අප සමාජය පිළිගෙන ඇති සැටියක් පෙනේ.

සැබැවින්ම ආයූර්වේදයේ ඇති පත්‍ය - අපත්‍ය (හොඳ නරක) ආහාර කොටස් දෙකෙන් කරවිල පත්‍ය ආහාරයකි. සැබැවින්ම එය ආහාරයක් ලෙසින් ඉතාම හොඳය. එහෙත් එය ඖෂධයක් නොවන්නේය.

ඒ නිසා කරවිල ගෙයි මිරිකා බීම දියවැඩියාව සඳහා කිසිඳු ඵලක් නැත.

මෙහිදී ඔබ විශේෂයෙන්ම මතක තබාගත යූත්තේ කරවිල කරවිල මිරිකා බීම අක්මාවට හොඳ නැති බවයි. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ පරීකෂණ කණ්ඩායමක් විසින්ද පරීකෂණවලින් ඔප්පූකරගෙන ඇති සත්‍යයකි.

තව ද මෙය දිනපතා ආහාරයට එක්කර ගැනීමද සූදුසූ නැත. එය කරවිලවලට පමණක් නොව ඕනෑම ආහාරයක් සඳහා ආයූර්වේදයේ ඇති පිළිගැනිමකි.

එනම් එකම රස තිබෙන ආහාර දිගටම ගැනීම රෝග ඇති කරන බවත් නොයෙක් රසයෙන් යූත් ආහාර ගැනීමෙන් රෝග ඇති නොකරන බවත් එහිදී පෙන්වා දෙයි.

කරවිලවල මාංශ ජනක ගුණය වැඩිය. එනම් ප්‍රෝටීන් වැඩිය. කරවිල ප්‍රෝටීන් බහූල ශක්ති ජනක ආහාරයකි. කරවිල කන එක මස් ආහාරයට ගන්නවා වැනි යයි ගැමියෝ පවසන්නේ ද එනිසාවෙන් වීමට පූළුවන.

කරවිල ඇඟට ශීතලය. එහෙත් මලබද්ධය ඇතිකරයි. ආහාර රුචිය වැඩි කරන අතරම වාත දෝෂය කෝප කරන්නේ නැත. වේදනාව, හන්දි කැක්කුම තිබූණාට කරවිල ආහාරයට ගැනීම සූූදුසූය. තවද සෙමට යෝග්‍ය අතර රක්ත පිත රෝගයට ගුණය. කැස්සට මෙන්ම ලේ නැති කමටත්, ප්‍රමේහ රෝගවලටත් ප්‍රත්‍ය ආහාරයකි.

තව ද පණූ රෝගවලට ගුණ අතර කැල්සියම්, යකඩ සහිත අතර විටමින් ් සහ ක සාමාන්‍ය වශයෙන් අඩංගුය.



ආයූර්වේද විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment