හාල් මැස්සන් ඔළු සම්බෝලය නියමයි....!

අපේ බොහෝ කාන්තාවන් ඇතැම් මාළු වර්ග අඩූ මූදලට තිබූණත් ආහාරයට ගන්නේ නැහැ. ඒ සඳහා නොයෙකුත් හේතු කියනවා.

රස නැහැ කියනවා. ඔය මාළුවල හරියට කටූ කියනවා. නැතිනම් සැර මාළු ජාතියක්, මිල අඩූත් ඒකනේ පැත්තකටම කරලා දානවා.
එහෙම කරන්න එපා. සාවාලයා වගේ මාළු මිලෙන් හරිම අඩූයි. ඒ වූණාට රස නැහැ කියලා ආාහරයට සකස් කරන්නේ නැහැනේ.
ඔන්න මේ ක්‍රමයට හදලා බලන්න. හරිම රසවත්, ඒ වගේම ඔබගේ මූදලත් ඉතිරි වෙනවා. ඒ ඔක්කොටම වඩා ගුණයත් වැඩියි.

හාල් මැස්සන් සහ මඤ්ඤොක්කා ලෙලි තෙල් දෑමීම


අවශ්‍ය ද්‍රව්‍ය
ශුද්ධ කර සෝදාගත් හාල්මැස්සන් කරවල ග්‍රෑම් 100
ශුද්ධ කර හීනියට කපා මඤ්ඤොක්කා උණූන් ගස්සා පොතු ග්‍රෑම් 200
(උතුරණ වතුරේ විනාඩියක් දමාගත්)
කපාගත් ළුෑනූ ග්‍රෑම් 50
හතරට පලාගත් අමූමිරිස් කරල් 5
හීනියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30
කරපිංචා, කුරුඳුපොතු, රම්පෙ කෑල්ලක්
කෑලි මිරිස් මේස හැඳි 1
ලුණූ කුඩූ තේ හැඳි 1 1�2
පොල් තෙල් අඩූ කෝප්ප 1�2
කහ කුඩූ තේ හැඳි 1�2

සාදාගන්නා ක්‍රමය
හාල්මැස්සන් බැද තෙල් පෙරා ගන්න. මඤ්ඤොක්කා උණූන් ගස්සා ගැනීමේදී කහ සහ ලුණූ එක්කර උණූන් ගස්සා ගන්න.
භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි 2 පමණ දමා රත්කර රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු ළුෑනූ ද එක්කර බාගෙට බැදෙන විට කෑලි මිරිස් ලුණූ ද දමා මද ගින්නේ තරමක් බැදෙන්නට හැර තක්කාලි ඊටම එක්කර හාල්මැස්සන් සහ අමූමිරිස් දමා මදගින්නේ තම්බා ගන්න.


හාල්මැස්සන් ඔළු සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය
හාල්මැස්සන් ඔළු ග්‍රෑම් 50
ගාගත් පොල් ග්‍රෑම් 100
පූළුස්සාගත් වේළුණූ මිරිස් කරල් 5(අඟුරුවල දමා පූළුස්සා ගන්න)
එවිට අමූතු රසයක් දෑනේ.
සූදුළුෑනූ (කපාගත්) තේ හැඳි 1
කරපිංචා (ලියාගත්) තේ හැඳි 1
රතුළුෑනූ ග්‍රෑම් 25
ලුණූ කුඩූ තේ හැඳි 1
දෙහි යූෂ තේ හැඳි 1 1�2
ගම්මිිරිස් ඇට තේ හැඳි 1�2


සාදාගන්නා ක්‍රමය
හාල්මැස්සන් ඔළු සෝදා පවිත්‍ර කර කබලේ බැදගන්න. පූළුස්සා ගත් මිරිස් ලුණූ වංගෙඩියකට දමා හොඳට කොටාගන්න. ගම්මිරිස් ඇටද එයට එක් කරන්න.
ඊටම හාල්මැස්සන් ඔළු ද දමා කොටා කරපිංචා, සූදුළුෑනූ රතු්ළුෑනූ එක්කර කොටා පොල් දමා හොඳින් කොටා මිශ්‍ර කර ගන්න. දෙහි යූෂ එක්කර රස කරගන්න.


කීරමින් ඩෙවල්



අවශ්‍ය ද්‍රව්‍ය

කීරමින් කරවල ග්‍රෑම් 200
තක්කාලි ග්‍රෑම් 75
ළුෑනූ ග්‍රෑම් 75
අමූමිරිස් කරල් 5
කෑලි මිරිස් මේස හැඳි 1
රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු
ලුණූ තේ හැඳි 1
තෙල් අඬූ කෝප්ප 1�2

සාදාගන්නා ක්‍රමය
කීරමින් ශුද්ධ කර සෝදා ලොකු නම් දෙකට කපා තෙලේ බැදගන්න.
භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා රත්වන විට රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු ළුෑනූ එක්කර තරමක් බැදෙන විට කෑලි මිරිස් ලුණූ දමා තක්කාලිද එක්කර කීරමින් ටික දමා මදගින්දරේ වසා තම්බා ගන්න.


කාරල්ලා කරවල බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය
කාරල්ලා කරවල ග්‍රෑම් 200
තෙල් අඬූ කෝප්ප 1�2
මිරිස් කුඩූ තේ හැඳි 1�2
දෙහි යූෂ ස්වල්පයක්
අවශ්‍ය නම් ලුණූ

සාදාගන්නා ක්‍රමය
කාරල්ලා සෝදා ශුද්ධ කර ගැඹූර තෙලේ හොඳට බැද තෙල් පෙරා රස්නය පිටින්ම මිරිස් කුඩූ අවශ්‍ය නම් ලුණූ සහ දෙහි එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

සාවාලයා කරවල වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
සාවාලයා කරවල ග්‍රෑම් 200
බිලිං ග්‍රෑම් 50
ළුෑනූ ග්‍රෑම් 75
මිරිස් කුඩූ තේ හැඳි 1 1�2
කරිකුඩූ තේ හැඳි 1 1�2
සූූදුළුෑනූ (කපාගත්) තේ හැඳි 1 1�2
අමූමිරිස් කරල් 2
රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු
දියකිරි අඬූ කෝප්ප 1�2
මිටි කිරි අඬූ කෝප්ප 1�2

සාදාගන්නා ක්‍රමය
සාවාලයා තරමක් හීනියට තීරු කපා සෝදා ගන්න.
භාජනයකට දමා අනිකුත් සියල්ල එකට දමා ලිපතබා හින්දවා ගන්න.
සාවාලයා බොහෝ දෙනෙක් ආහාරයට ගන්නේ නැහැ. මොකද එය රස නැති මාළුවක් කියනවා. ඇත්තටම මේ මාළු වර්ගය මිලත් අඩූයි.
මේ ක්‍රමයට රසට හදා රස බලන්න.


බොම්බිලි කරවල කටිලටි

අවශ්‍ය ද්‍රව්‍ය
බොම්බිලි කරවල ග්‍රෑම් 200
තම්බා පොඩිකරගත් බතල ග්‍රෑම් 100
ළුෑනූ ග්‍රෑම් 50
අමූමිරිස් කරල් 2
හීනියට ලියාගත් කරපිංචා
තේ හැඳි 1
සූදුළුෑනූ (කපාගත්) තේ හැඳි 1�2
මිරිස් කෑලි හෝ කුඩූ තේ හැඳි 1�2
ගම්මිරිස් කුඩූ තේ හැඳි 1�4
දෙහි යූෂ මේස හැඳි 1
තෙල් අඩූ කෝප්ප 1
පාන් කුඩූ ග්‍රෑම් 100
බිත්තර 1
වතුර අවශ්‍ය පමණ

සාදාගන්න ක්‍රමය
බොම්බිලි කරවල
බොම්බිලි කරවල පෙඟෙන්නට දමා දෙකට පලා කටූ ඉවත්කර පොඩි කරන්න. හීනියට කපා ගන්න.


භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා ළුෑනූ, දමා හොඳින් බැදගන්න. බැදෙන විට සූදුළුෑනූ, මිරිස්, ගම්මිරිස්, කරවල අමූමිරිස් රම්පෙ, කරපිංචා එක්ක තරමක් බැදගන්න. (අඩූ ගින්දරේ) තැම්බිලා හිදෙන විට තම්බා ගත් බතල දමා හොඳට අනා දෙහි සහ ලුණූ මිශ්‍ර කර රස බලා බෝල සාදා බිත්තර සහ පිටි මිශ්‍රණය සාදාගෙන සාදාගත් බෝල පිටි මිශ්‍රණයේ බහා පාන් කුඩූ දවටා බැදගන්න.


පිටි මිශ්‍රණය
පිටි සහ බිත්තරය වතුරට දමා තරමක් ගණනකට පිටි මිශ්‍රණයක් සාදාගන්න. කැටි නොගැසෙන ලෙසින්.






සූපවෙදී පබිලිස් සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment