මවගෙන් දරුවාට ඇතිවන ලිංගාශ්‍රිත රෝග -ගොනෝරියාව, ගොනෝරියාව නොවන මූත්‍රාප්‍රදාහය, උපදංශය

ලිංගාශ්‍රිතව ඇතිවන රෝග අතරින් ඇතැම් රෝග මවගෙන් දරුවාට ඇතිවිය හැකිය. ගොනෝරියාව, ගොනෝරියාව නොවන මූත්‍රාප්‍රදාහය, උපදංශය යන රෝග සඳහා නිසි ලෙස ප්‍රතිකාර නොගැනීමෙන් එම රෝග දරුවාට ඇතිවෙන්නට පූළුවන්.



ගොනෝරියාව සහ ගොනෝරියා නොවන මූත්‍රා ප්‍රදාහය
මෙම රෝග සඳහා නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් දරුවා බිහිවන අවස්ථාවේදී දරුවා යෝනි මාර්ගය හරහා පැමිණෙන විට වීෂබීජය තැවරම සිදුවෙයි. එවිට දරුවාගේ ඇස් ආසාදනය වීම බොහෝ විට දැකිය හැකිය. එම ඇස් ඉඳිමී, රතුවී, සැරව ගලමින් තිබෙන්නට පූළුවන්.

මෙම අවස්ථාව ඔප්තැල්මියා නියෝනේටාරම්  (neonatorum) ලෙස හැඳින්වෙනවා. මෙහිදී ද දරුවාට නිසි කාලයේදී එනම් පැය 72 ක් ඇතුළත ප්‍රතිකාර ලබා දීමෙන් සූව කරගත හැකිය. නමූත් මෙයට ප්‍රතිකාර කිරම පැය 72 ට වඩා පමාවූවහොත් දරුවාගේ ඇස් අන්ධවීමට පවා පූළුවන්.



උපදංශය

බොහෝ විට උපදංශය රෝගයට ප්‍රතිකාර ගෙන නොතිබූණහොත් දරුවාට එය ඇති වෙනවා. උපදංශ රෝගයේ අවස්ථා කීපයක් ගැන අපි කතා කළා. ඉන් බොහෝ මවූවරු සිටින්නේ පසූ උපදංශ අවස්ථාවේයි. මෙය හඳුනාගත හැක්කේ රුධිර පරික්ෂණවලින්. ගැබිණි මවූවරුන්ගේ සායනවලදි අනිවාර්යයෙන්ම උපදංශයට අදාල රුධිර පරික්ෂණ සිදුකෙරෙනවා. නමූත් මෙය ධන වූ පමණින් ඇය උපදංශ රෝගියෙකු ලෙස සැලකෙන්නේ නෑ. ඇතැම් විට වෙනත් මැලේරියාව, ක්ෂය රෝගය, වයිරස රෝග වැනි රෝග නිසා ඪෘසෘඛ පරික්ෂණයේ වෙනසක් දකින්නට පූළුවන්. එහි වෙනසක් තිබූණහොත් ඇයව වෙනත් පරික්ෂණයකට යොමූ කෙරෙනවා. එහිදිද වෙනසක් තිබූණහොත් රෝගය බව තීරණය කෙරෙනවා. රෝගය හඳුනාගත් පසූව මවට ප්‍රතිකාර ලබා දෙනවා. එවිට දරුවාට කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ. නමූත් එම අවස්ථාව මග හැරුනොත් දරුවාට රෝගය ඇතිවන්නට පූළුවන්. ඒ නිසා සායනවලට සහභාගි වීම ඉතාම වැදගත්.


ළදරුවෙකුට ඇතිවූ උපදංශය, සහජ උපදංශය ලෙස හැඳින්වෙනවා.




සහජ උපදංශයේ ලක්ෂණ
සමෙහි දද ඇතිවීම
නාසයෙන් ලේ පැහැයෙන් යූතු ශ්‍රාවයක් පිටවීම
අත් පාවල සන්ධි ඉදිමීම
අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි පැමිණීම


හර්පීස්

අපේ රටෙ හර්පීස් රෝගය වැළඳුනූ බොහෝ මව්වරු කල්පනා කරනවා තමන්ට නිරෝගී දරු උපතක් ලබන්නට බැරිද කියලා.

හර්පීස් රෝගය තිබීම කාන්තාවකට ගැබ් ගැනීම සඳහා බලපෑමක් නොකරයි. එසේම නිරෝගි දරුවෙක් ලබා ගැනීමටත් පූළුවනි. වැදගත් වන්නේ ඔබගේ ප්‍රසව හා නාරි රෝග වෛද්‍යවරයාට ඔබේ රෝගය පිළීබඳ දෑනූම් දීමයි.

ගර්භනි මවකට රෝගය තිබෙනවා නම් වෛද්‍යවරු විවිධ ක්‍රම අනූගමනය කරනවා. ගර්භනි සමයේ අවසාන මාස කිහිපය තුළ මෙම රෝගය මූල්වරට ඇති වූවහොත් අනිවාර්යයෙන්ම දරු උපත සිසේරියන් සැත්කමක් මගින් සිදුකරයි. නැවත නැවත හර්පීස් රෝගය ඇතිවන අවස්ථාවක නම් සාමාන්‍ය දරු උපතකට යාමට පූළුවනි. නමූත් දරු උපත සිදුවන අවස්ථාව වන විට තුවාල තිබෙනවා නම් දරුවාට සාමාන්‍ය ලෙස ප්‍රසූත කිරිමට ඉඩ ලැබෙන්නේ නැහැ. ප්‍රසූත අවදියේදී ලිංගික තුවාල පැවතියහොත් ප්‍රති වයිරස ඖෂධ ලබාදිය යූතුද යන්න වෛද්‍යවරයා තීරණය කරනවා. ඒ නිසා දරුවෙක් ලබා ගැනීම ගැන බියක් වීමට අවශ්‍ය වන්නේ නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment