පිටිකිරි බීමෙන් ඔස්ටියෝපොරෝසිස් සූවවෙන්නේ නෑ



වැඩිමහලූ වියට පැමිණීමත් සමග අස්ථි දුර්වල වීම ස්වභාවික දෙයක් ඒ නිසා මහලූ අය වැටීමටත් කවර හෝ හේතුවක් නිසා අස්ථි බිඳීමටත් තිබෙන අවදානම වැඩියි. ඔස්ටියෝපොරෝසිස් නම් රෝගයේදී සිදුවන්නේ අස්ථිවල ඝනත්වය අඩූවීම නිසා ඒවා සතු ශක්තියද හීනවීමයි. ශක්තිය හීනවීම අස්ථි පහසූවෙන් බිඳීමට හේතුවකි.


ඔස්ටියෝපොරෝසිස් කියන රෝග තත්ත්වය පිළිබඳව බොහෝ මාධ්‍ය තුළින් කතාබහා කෙරෙනවා ඒ නිසාම පොදු ජනයා අතර මේ රෝගය පිළිබඳව විවිධ අදහස් තිබෙනවා. මොකක්ද මේ ඔස්ටියෝපොරොසිස් කියන රෝගය.


ඔස්ටියෝපොරෝසිස් කියන්නේ ලතින් වචනයක් ඔස්ටියෝ කින්නේ ලතින් භාෂාවෙන් අස්ථි නැත්නම් ඇට පෝරස් කියන්නේ සිදුරු ඒ අනූව ඔස්ටියෝපොරෝසිස් කියන්නේ අස්ථිවල සිදුරු ඇතිවීමයි.

ශරීරයේ ඒ ඒ ස්ථානවලට අනූව අස්ථිවල ඝනත්වය වෙනස් වෙනවා උදාහරණයක් විදිහට අතක අස්ථියක් පහසූවෙන් කැඩෙන්න පූළුවන්. එහෙත් පාදයක අස්ථියක් පහසූවෙන් කැඩෙන්නේ නෑ, ඒ වගේම පූද්ලයාගෙන් පූද්ගලයාට අස්ථිවල ඝනත්වය වෙනස් වෙනවා. මේ රෝගයේදී සිදුවන්නේ අස්ථිවල ඝනත්වය අඩූවීම නිසා පහසූවෙන් අස්ථි බිදීයාමකට ලක්වීමයි.



මෙසේ අස්ථි බිදීයාමකට ලක්වන්නේ ඇයි?

මිනිස් සිරුරේ අස්ථිවල ඇතුල් පැත්තෙන් වර්ධනය වෙනවා වගේම පිටපැත්තෙන් ගෙවීයාමක් සිදුවෙනවා. මේක නිරතුරුවම සිදුවන දෙයක්. ළමා වයසේදී මෙන්ම තරුණ වයසේදී අස්ථිවල වර්ධනය හොඳින් සිදුවන බැවින් ඝනත්වය ඉහළ මටිටමක පවතින බැවින් ශක්තිමත් බවින්ද වැඩියි. වයස් ගතවීමේදී වේගයෙන් අස්ථි ගෙවීමක් සිදුවන අතර වර්ධනය සිදුවන්නේ ඉතා අඩූවෙන්. මේ නිසා යම් පූද්ගලයෙක් වයස් ගතවන විට ඔහූ හෝ ඇයගේ අස්ථි වල ඝනත්වය අඩූ වී ශක්තිමත් බව ක්‍රමයෙන් අඩූවෙනවා. අස්ථිවල ඝනත්වය වර්ධනය වීමට හේතුවන මූල ද්‍රව්‍යයක් තමයි කැල්සියම්. අප ගන්නා ආහාර මගින් ශරීරයට කැල්සියම් ලැබිය යූතුයි. ඒ වගේම ඒවා අවශෝෂණය කර ගැනීම හෙවත් ශරීරයට උරා ගැනීමද අවශ්‍යයි. අවශෝෂණය වූවත් ඒවා අස්ථි කරා ගෙන යාමට එන්සයිම අවශ්‍යයි. එන්සයිම හොඳින් පැවතීම පමණක සෑහෙන්නේ නෑ. අස්ථිවලට කැල්සියම් ලබා දෙන දොරටූ ක්‍රියා කිරීමත් අවශ්‍යයි. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. මේ චක්‍රය නිවැරදිව ක්‍රියා කළොත් තමයි අස්ථි නිරෝගිව වර්ධනය වන්නේ.



හෝමෝන ක්‍රියාකාරීත්වය අඩූවීමෙන් අස්ථි ඝනත්වය අඩූවෙනවාද?


ඔව් විශේෂයෙන් කාන්තාන්ගේ ආර්ථවාහරණය වීම නිසා ඊස්ට්‍රජන් හෝමෝනය අඩූවෙනවා. මේ නිසා අස්ථි ඝනත්වය කාන්තාවන් වියපත් වීවත් සමග අඩූවෙනවා.


නිරෝගි අයෙක් වූවත් මාස ගණනක් ඇඳක ක්‍රියාකාරීත්වයෙන් තොරව නිදාගෙන සිටියහොත් ඔහූ හෝ ඇයගේ අස්ථි ගෙවීමක් සිදුවෙනවා.

අධිවෘක්ක හෝර්මොන් වැඩියෙන් නිපදවීම නිසා කුෂින් සින්ඩ්‍රොම් නම් තත්ත්වය හට ගැනීම නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පූළුවන්.

ඒ හැරුණූ කොට සූලබම හේතුවක් වන්නේ දිගුකලක් ස්ටෙරොයිඩ වර්ග ගැනීමන් ඔස්ටියොපොරෝසිස් තත්ත්වය ඇතිවීමයි. තයිරොයිඩ හෝර්මෝනය වැඩියෙන් නිපදවීම හෙවත් අධි තියරොයිඩතාව නිසාත් අස්ථි ඝනත්වය අඩූවෙනවා. මේ ආකාරයට ඔස්ටියොපොරෝසිස් රෝගයට එක හේතුවක් නොව හේතු ගණනාවක් බලපාන බව පේනවා.



මේ තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?
රෝගය හඳුනා ගැනීමට තිබෙන ප්‍රධානම මාර්ගය වන්නේ එක්ස් කිරණ ඡායාරුප (ං සෘශ- ගැනීමයි. එක්ස් කිරණ ඡායාරුපයෙන් අස්ථිවල ඝනත්වය අඩූ වී තිබෙන ආකාරය වෛද්‍යරයෙකුට හඳුනාගන්න පූළුවන්.

මෙයට අමතරව රුධිර ප්ලස්මාවේ කැල්සියම් මටිටම මැනිමෙනූත් පූළුවන්. අස්ථි මැනීමෙන්ද මේ තත්ත්වය හඳුනාගන්න පූළුවන්.

අස්ථියකින් පටක කොටසක් ලබාගෙන පරීක්ෂාවට ලක්කිරීමෙන් හෙවත් බයොසිස් පරීක්ෂාවෙනූත් මේ තත්ත්වය හඳුනා ගන්න පූළුවන්.



මෙහි තිබෙන අවදානම් තත්ත්වය කුමක්ද?
මෙහි තිබෙන අවදානම් තත්ත්වය නම් සූළු කම්පනයකදී පවා අස්ථි බිදෙන්නට තිබෙන අවදානම වැඩිවීමයි. වයස් ගත වීමේදී කෙනෙකු වැටෙන්නට තිබෙන හැකියාව වැඩියි. මේ නිසා වයස් ගත වීමත් සමග ශරීරයේ සියලුම අස්ථි බිදීයාමේ අවදානමට ලක්වීම වැඩිවෙනවා.



මේ තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?

ඕනෑ රටක ජනගහණයෙන් සියයට 5 ක් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙනවා හෙයින් අදහස් වන්නේ සියයට 95 ඔස්ටියෝපොරෝසිස් රෝගියෙන් පෙළෙන්නේ නැති බවයි. මෙහිදී අප වටහා ගත යූතු දෙයක් තිබෙනවා. වයසට යාමේදී අස්ථි ඝනත්වය අඩූවීම සාමාන්‍ය දෙයක්. ඒක ඔස්ටියෝපොරෝසිස් නොවෙයි. ඒ නිසා ඒ ගැන කලබල විය යතු නෑ.

කළ යූත්තේ වයස් ගත වීමේදී වැටීම්වලින් ආරක්ෂා වී සිටියි. වැඩිහිටි වියේදී වැළඳෙන ඔස්ටියෝපොරෝසිස් රෝගයට පිළියම් යෙදිය යූත්තේ ළමා වියේදීයි.

දෙමාපියන් ඔවූන්ගේ දරුවන්ට කුඩා කාලයේ සිට කැල්සියම් බහූල ස්වභාවික ආහාර සහ වෙරළු අඹ කෙසෙල් පේර වැනි පලතුරු දීමත් හූුරුල්ලෝ වැනි කැල්සියම් බහූල කුඩා මූහූදු මා්ළු දෛනික ආහාරයට වශයෙන් ලබාදීම කළ යූතුයි. ඒ වගේම දරුවාගේ ශරීරයට ව්‍යායම අත්‍යවශය දෙයක්


කුඩා කාලයේදී වර්ධනය වන අස්ථි සඳහා කැල්සියම් බහූල ආහාර ලැබූණොත් වියපත් වූ විට ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළෙඳන්නේ නෑ.



ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළැක්වීමට නම් කැල්සියම් අඩංගු පිටිකිරි බීම අත්‍යවශ්‍ය දෙයක් බව බොහෝ දෙනා තුළ මතයක් තිබෙනවා. එහි සත්‍යයක් තිබෙනවාද?


නෑ කිසිම සත්‍යතාවක් නෑ. මේ තත්ත්වයට පත්වීමෙන් පසූව එනම් වැඩිහිටි වියේදී ප්‍රතිකාර කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඒ නිසා කැල්සියම් අඩංගු පිටි කිරි බීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නෑ, ඒත් ආර්ථව වහාණය සිදුවීමට ළං වී ඇති කාන්තාවකට කැල්සියම්, ඖෂධ ආකාරයෙන් ගත්තාට වරදක් නෑ. ආහාර පිළියෙල කිරීමේ දී කැල්සියම් වැනි මූල ද්‍රව්‍ය අවශෝෂණයට පහසූවන ආකාරයට සකස් කළ යූතුයි. නිදසූනක් ලෙස පළා මැල්ලුමකට දෙහි දැමීමෙන් එහි අඩංගු කනිජ ද්‍රව්‍ය පහසූවෙන් ශරීරයට අවශෝෂණය වෙනවා.



මේ සඳහා ඔබ දෙන උපදේශනය කුමක්ද?


දෙමාපියන් කුඩා දරුවන්ට ක්‍රියාශීලි ජීවිතයකට හූරු කර විය යූතුයි.

කැල්සියම් වැනි මූල ද්‍රව්‍ය අඩංගු තුලිත ආහා ගැනීමට හූරු කර වීමත් ඉතාම වැදගත්.

වයස්ගත වූ අයට කියන්න තියෙන්නේ වැටීම් වැනි ආපදාවලින් වැළකී සිටීමයි. ඉතාමත් වැදගත් හැකිතාක් ස්වභාවික ආහාර ගැනීමත් අත්‍යවශ්‍ය දෙයක්.





ශ්‍රී ජයවර්ධනපූර විශ්ව විද්‍යාලයේ
වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය
වෛද්‍ය අනිල් සමරනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment