කුරුළෑ වැළැක්වීම අපහසූ නැහැ



අප බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයක්වී ඇති කුරුළෑ පිළිබඳ නොදන්නා කාරණයක් වන්නේ ඒවා සූවකළ හැකි තත්ත්වයක් බවයි. බොහෝ අවස්ථාවල අප කුරුළෑ පිළිබඳව සළකන්නේ එය යූවතියක් වයසින් වැඩීමේදී ඇතිවන තත්ත්වයක් බවත් එය යොවූන් විය අවසන් වීමේදී නැතිව යන බවත්ය. එහෙත් මෙහි ප්‍රතිඵලයක් වන්නේ ජීවිතේ සූන්දර යොවූන් සමයේදී මෙලෙස කුරුලෑ අතපසූ කිරීමෙන් සිදුවන මානසික පසූබෑමෙන් සමේ ඇතිවන ලප කැළැල්ය. කුරුළෑ හඳුන්වා දීමට ඇති හොඳම ක්‍රමය නම් "කුරුලෑ යනූ අධි ක්‍රියාකාරීත්වයේ හා නිසි ආකාරව ක්‍රියානොකරන තෙල් ග්‍රන්ථින්ගේ එකතුවන ප්‍රතිපලයක් බවයි. කුරුලෑ තත්ත්වයක් ඇතිවීමට ප්‍රථම මූල්ම අවස්ථාව "කළු ලප" ඇතිවිමයි. මෙලෙස ඇතිවන කළු ලප අපට ඉවත් කළ හැක. නමූත් තෙල් ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරිත්වය වැළැක්විය නොහැක. මේ සඳහා ඔබ නිසි ආකාරව ප්‍රතිකාර ලබා ගැනීමෙන් කුරුලෑ ඇතිවීම වළක්වා ගත හැක.


කළු ලප අතපසූ කලේ නම් වටෙි ඇති පටකවල ආසාදිත තත්ත්වයක් ඇතිවේ. මෙහි ප්‍රතිපලයක් වන්නේ කුරුළෑ තත්ත්වයක් ඇතිවීමයි. ඔබගේ මූහූණේ ඇති කුරුලෑ තත්ත්වයක් ඇති වූවහොත් එය මූල් අවස්ථාවේදීම නිසි ප්‍රතිකර්මයක් ලබාදී පාලනය කළ යූතුයි. නැතහොත් සිදුවන්නේ කුරුලෑ මගින් සමේ කළු ලප, කැළැල් ආදිය ඇතිවීමයි.


කුරුලෑ සඳහා ප්‍රතිකර්ම කිරීමේදී පහත සඳහන් කරුණූ පිළිබඳ අවධානය යොමූ කළ යූතුයි.


ංඳෑනිසි ආකාරව සම පිරිසිදු කිරීම


ංකළු කප ඉවත් කිරීම හා නැවත ඇතිවීම වැළැක්වීම.


ං දැනට ඇති සම මතුපිට ඇති කුරුළෑ සූව කිරීම.


ංනැවත කුරුළෑ තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීම.


ං සම රැළි වැටීම වැළැක්වීම.


ංපරිසර දූෂණයෙන් සමට රැකවරණයක් ලබාදීම.


ංකුරුළෑ ලප ඉවත් කිරීම.


කුරුලෑ සඳහා ප්‍රතිකර්ම කිරීමේදී සූදුසූම ප්‍රතිකර්ම ක්‍රමය නම් ශාක සාර අඩංගු ස්වභාවික ආලේපන මගින් කරන ප්‍රතිකර්මයයි. ඒ වගේම කුරුළෑ ඇතිවීමට බලපාන තවත් හේතුවක් නම් හිසේ ඉස්හොරි තිබේ නම් ප්‍රථමයෙන් කළ යූත්තේ ඒ සඳහා ප්‍රතිකාර කිරීමයි. ඒ වගේම ඔබ ගන්නා ආහාර වර්ග ද කුරුළෑ සූව කිරීම සඳහා ප්‍රථම ස්ථානයක් ගනියි. නැවූම් එළවළු, පළතුරු, පොඩි මාළු වර්ග, තෙල් අඩංගු නොවූ මස් වර්ග, ධාන්‍ය, යෝගටි හා දිනපතා වතුර වීදුරු හයක්, අටක් අතර ප්‍රමාණයක් පානය කිරීම ඉතාමත් හිතකරයි. එසේම මානසික සූවයත් වැදගත් බව අමතක කරන්නට එපා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment