ලෙඩරෝග සූව කිරීමේ සූවිශේෂි හැකියාවක් සහිත ශාක අපමණ සංඛ්‍යාවක් ශාක ලෝකයේ ඇති අතර කොහොඹ පාවටිට අරළු බූළු, නෙල්ලි ආදිය ශාක ලෝකයේ විේශෂඥ වෛද්‍යවරුන් වශයෙන් සැලකිය හැකිය. කොහොඹ ගසක් දකින විට හෝ ඒ නම මතක් වන විට හෝ ඉබේම වාගේ තිත්තත් මතකයට එන්නේ ගසේ පංචාංගයම තද තිත්ත ගතියකින් යූක්ත වන හෙයිනි. කොහොඹ ගස ජීවක වෛද්‍යවරයෙකුට සමාන කළ හැකි නිසා ගසක් දෙකක් ගෙවත්තේ වගා කර ගැනීමට බොහෝ දෙනා දක්වන්නේ බලගතු කැමැත්තකි.
ඇස් රෝගවලදී කොහොඹ යූෂ ඇසට වත් කිරීම සඳහා යොදා ගන්නා අතර පැපොල වැනි බෝවෙන රෝගයක් වැළඳුන විට විෂ හරණ ගුණය නිසා රෝගියා නිදන ඇඳ මත කොහොඹ කොළ ඇතිරීම අපේ පූරුද්දකි.
කටින් හැපිය නොහැකි තරමේ තිත්තකින් යූත් කොහොඹ කොළ යොදාගෙන සැකසූ මැල්ලුමක් කන්න දිනක් මට හැකි වූ වග කීවොත් පූදුමයට හා විමතියට ද පත්ව ඔබේ ඇස් උඩ ඉන්දවෙනවා සිකුරුය. මෙය මීට දශක තුනකට පමණ පෙර ලද අත්දෑකීමකි.
හැත්තෑව දශකයේ දිනක් මාත් ඡායාරූප ශිල්පියෙකුත් උතුරු මැද පළාතේ ඉතාමත් පිටිසර බද ගම්මානයකට ගියේ ගම්බද වගා කටයූතු සම්බන්ධයෙන් ලිපියකට තොරතුරු එක්රැස් කරන්නටය.
ගැමි ගෙදරකින්ම එදින දිවා ආහාරය ගන්න සිතු අප හාල් තුනපහ ටිකකුත් ගෙදරට ගෙන යන්න අමතක කළේ නැත.
පූරාණ ගෙදරක් වූ එහි දෙමාපියන් ඇතුළු හතරපස් දෙනෙකු සිටි අතර ගෙවත්තේත් වටපිටාවේත් තිබූණූ ගහකොළ නිසා සිතට මෙන්ම ගතටද දෑනූණේ නිස්කලංක ගතියක් මෙන්ම වායූසමනය කළ තැනක සිටින අන්දමේ සිසිල් ගතියකි.
ඒ ගෙවත්ත කොහොඹ පාවටිට, මූනමල්, දෙහි, ඇඹූල්, දොඩම්, දෙළුම්, රණවරා, ඇහැල, බෙලි ආදී ඖෂධමය වටිනාකමකින් යූත් ගස්වැල් වලින් පිරුණූ තැනක් විය.
වේලාව මධ්‍යහනයට කිටිටූ වී තිබූණූ නිසාත් වැවකින් නා ගත්තොත් අගේයයි සිතුණූ නිසාත් අනතුරුව අපි ගෙහිමියා වූ වන්නිහාමි මහතාත් සමග ළඟපාත වැවකට ගියෙමූ. වැවට පැන හොඳ හැටි නා ආපසූ විත් නිවස අසල රුක්ගොමූවකට වී තොරතුරු කතාබස් කරමින් සිටියදී වන්නිහාමි මහතාගේ හාමිනේ කෙකිබලුවක් රැගෙන විත් කොහොඹ කොළ කඩන්න පටන් ගත්තාය.
"කොහොඹ කොළ කඩන්නේ බේතකට හේතකටද?" යි මා ඇසූ විට ඇය කීවේ "ඔව් බේතකට හේතකට තමා" කියා.
"කාටද බේත්"
"මහත්තයලටයි අපිටයි, අපි ඔක්කොටම"
"අපිට කිසි ලෙඩක් අමාරුවක් නෑනේ" යි මා ඊට පිළිතුරු දෙද්දී වන්නිහාමි මහතාට හිනා ගියේය.
"මහත්තයො එයා කොහොඹ කොළ කඩන්නෙ ලෙඩෙකුට හෙඩෙකුට නෙමේ අපිට කකන්ඩ මැල්ලුමකට" යි ඔහූ කියද්දී මගේ ඇස් උඩ ඉන්දවිණි.
"කොහොම කොළ කෑ හැකියැ, කට හරියෙ තියන්ඩ බැරි තරමට තිත්තනෙ" යි මම කීවෙමි.
"නෑ ඕවට තිත්ත නැතිවෙන්ඩ තව කොළ ජාති දෙක තුනක් එක්කහූ කරනව" යි කී වන්නිහාමි මහතා " කිසි ලෙඩක් දුකක් නැතිව අපි මේ ජීවත් වෙලා ඉන්නෙ කැලෑ කොළ ජාති, ගමේම හදා වඩා ගන්න එළවළු. පලතුරු, ජාති කන හින්දම තමා. අපිට ලෙඩකට දුකකට හැදෙනව නම් හැදෙන්නෙ කලාතුරකින් උණක් හෙම්බිරිස්සාවක් විතරම තමා" යයිද කීවේය.
සැබවින්ම වන්නිහාමි මහතාගේ පවූලේ උදවිය සිටියේ පරිපූර්ණ නිරෝගී සූවයකිනි.
එදා දවල් කෑම වේල දිව පිනවන තාලයට සකසා තිබූණූ අතර වන්නිහාමි මහතා කියූ පරිදි කොහොඹ මැල්ලුමේ එතරම් තිත්තක් තිබූණූ නමූත් මැල්ලුම රසවත්ය.
මා මේ කොහොඹ මැල්ලුම් කතාව කීවේ බටහිර සිරිතට විරිතට හූූරු වී වෙළෙඳ දැන්වීම් වලට මූලා වී සංකර කෑම ජාති , බීම ජාති කමින් බොමින් ජාතිය ලෙඩූන් බවට පත්වන හෙයිනි. ලෙඩෙක් නැති ගෙයක් දෑන් සොයා ගන්නවත් බැරි තරම්ය.
අපේ දෙමාපියන්ට හෝ මූතුන් මිත්තන්ට හෝ අපට තරම් ලෙඩ රෝග නොතිබූණේ ඔවූන් ස්වභාව ධර්මය හා සමග ජීවත් වූ හෙයිනි. ඉස්සර නම් සෑම නිවසකම ආහාරයට දිනපතාම වාගේ කොළ මැල්ලුමක් එකතු වූ නමූත් සංකර සිරිතට විරිතට ඇළුම් කරන වත්මන් ගෘහණියන් බොහොමයකට හරියාකාරව හීනියට මැල්ලුමක් ලියා ගන්නවත් බැරිය. වී කෙටිලි පිටි කෙටිලි, මිරිස් ඇඹරිලි ඔවූන්ට අරහංය.
ගොටූකොළ, කන්කුන්, මූකුණූවැන්න, කෝවක්කා, වාතබංග, ඇහැල, දිය හබරල, තෙල්මොටිටූ, කුප්පමේනිය, කරපිංච, එරබදු, තෝර, මොනරකුඩූම්බිය, තුඹ, කැරැන්කොකු, වැල්පෙනෙල, දියමෙනේරිය, වැල්දොඩම්, මයියොක්කා, අගණ කර කොළ, ලී කොළ, අබ, කෙකටිය, ඉකිරිය ආදී කොළ ජාති අටෝරාශියකින් මැල්ලුම් හැදිය හැකි නමූත් බොහෝ දෙනෙකු ඒ කොළ ජාතිවත් දෑන් හරියාකාර අඳුනන්නේ නැත.
අපේ බෙල්ලට හිර කොට ඇති බටහිර තොණ්ඩූවෙන් මිදී හෙළ සිරිතට විරිතට හූරුපූරුදු වීම අපේ පරම යූතුකමක් බව අප දෑන්වත් අවබෝධ කරගත යූතුය.
0 comments :
Post a Comment