ගස්ලබූ කමූ..... බොමූ

ගස්ලගබූ අපේ ගෙවත්තේ පහසූවෙන් වවාගත හැකි පළතුරකි. එහෙත් අද වෙළෙඳ පොලේ ගස්ලබූ මිල අඩූවක් නැත. ඒ තරමටම ගස් ලබූ මිල ඉහළය. එයට හේතුව සැබැවින්ම ගස් ලබූ ඉතාම පෝෂ්‍යදායී පලතුරක් වීමයි.

ගස්ලබූ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය ඃ

බාගෙට ඉදුණූ ගස්ලබූ ශුද්ධකර කපා ග්‍රෑම් 200

පළමූව ගස්ලබූ ගෙඩිය හයට ඉරන්න

ඇට ඉවත් කර දෙල්වලට කපන ආකාරයට අඟල් 1/2 ගණකම කෑලි කපාගන්න.

පොඩියට කපාගත් රතුළුෑණූ ග්‍රෑම් 50

හීනියට දිගට පලාගත් අමූමිරිස් කරල් 4

හීනියට කපාගත් කරපිංචා කිනිති 1

හීනියට කපාගත් රම්පෙ කෑල්ලක්

කුරුඳුපොතු කෑල්ලක්

කරි කුඩූ මේස හැඳි 1

කහ කුඩූ තේ හැඳි 1

උළුහාල් ඇට 10

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

ලුණූ තේ හැඳි 1 1/2

දියකිරි අඩූ කෝප්ප 1

මිටිකිරි අඩූ කෝප්ප 1/2

මූං ඇට කුඩූ හෝ පරිප්පූ කුඩූ කර හලාගත් මේස හැඳි 1

දෙහි යූෂ තේ හැඳි 1


සාදාගන්නා ක්‍රමය 

දෙහි යූෂ, මූං ඇට හෝ පරිප්පූ කුඩූ සහ මිටිකිරි හැර අනිකුත් සියල්ල එකට දමා තම්බා බාගෙට තැම්බෙන විට මිටිකිරිවලට මූං පිටි හෝ පරිප්පූ පිටි දමා ඉන්පසූ එය තැම්බෙන කරියට දමා උතුරණ විට ගින්දර අඩූකර විනාඩි 2 පමණ තම්බා ගින්දර නිවා දෙහි දමාගන්න.


ගස්ලබූ මැල්ලූම

අවශ්‍ය ද්‍රව්‍ය 

අමූ ගස් ලබූ

දෙල් අටූ කොස් ලියන ප්‍රමාණයට (තරමක් සිහින්ව) තරමට කපා එයින් ග්‍රෑම් 200

ගාගත් පොල් ග්‍රෑම් 50

අමූමිරිස් කරල් 2

අබ තේ හැඳි 1

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/4

රතු ළුෑණූ පොඩියට කපා ග්‍රෑම් 30

සූදු ළුෑණූ බික් 2

හීනියට කපාගත් කරපිංචා කිනිත්තක්

කහ තේ හැඳි 1/2

දෙහි යූෂ තේ හැඳි 1 1/2

ලුණූ කුඩූ තේ හැඳි 2

තේ මේස හැඳි 2

සාදාගන්නා ක්‍රමය 
පොල්, ගම්මිරිස් කුඩූ, සූදු ළුෑනූ, රතු ළුෑනූ, කරපිංචා, රම්පෙ, කුරුඳු මේ සියල්ල එකට කොටා ගන්න. එයට කහ කුඩූ ද මිශ්‍ර කරන්න.

තෙල් ටික භාජනයක දමා ලිප තබා රත්වන විට අබ දමා එය පූපූරන විට එයට ගස්ලබූ එක්කර යන්තම් වතුර ඉස ලුණූ දමා බාගෙට තම්බා ගන්න.

තැම්බීගෙන එන විට කොටාගත් පොල් උඩින් තුනීකර වසා තම්බා ගන්න.

ඉස්ම හිදෙන විට හැඳිමිටෙන් හැඳිගා දෙහි එක්කර ගන්න.


ගස්ලබූ ආනම

අවශ්‍ය ද්‍රව්‍ය 

බාගෙට ඉදුනූ ගස්ලබූ ග්‍රෑම් 200 (පොඩියට කපාගන්න)

පොඩියට කපාගත් රතු ළුෑනූ ග්‍රෑම් 30

කරි කුඩූ මේස හැඳි 1

මිරිස් කුඩූ තේ හැඳි 1/2

කහ කුඩූ තේ හැඳි 1/2

උම්බලකඩ තේ හැඳි 1

අමූමිරිස් කරල් 2 (කපාගත්)

රම්පෙ, කරපිංචා, කුරුඳු, ලුණූ තේ හැඳි 2

දියකිරි අඩූ කෝප්ප 1 1/2

මිටිකිරි අඩූ කෝප්ප 1/2

තෙල් මේස හැඳි 2

සාදාගන්නා ක්‍රමය 
ගස්ලබූ ටික වතුර ටිකක් එක්කර බ්ලෙන්ඩ් කරගන්න. එයට මිටිකිරි එක්කරන්න. හොඳට තවත් බ්ලෙන්ඩ් කරන්න. එය පසෙකින් තබාගන්න.
සාස්පානක් ගෙන, තෙල් දමා ළුෑනූ, මිරිස් රම්පෙ කරපිංචා කුරුඳුපොතු එක්කර හොඳින් බැඳගන්න. එය බැඳීගෙන එන විට කහ, මිරිස්, කරිකුඩූ දමා තවත් තරමක් බැදගන්න.

එයට දියකිරි එක්කර බාගෙට තැම්බෙන විට බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය මෙයට දමා උතුරණ තුරු හැඳි ගා ගින්දර අඩූකර තරමක් තම්බා ගන්න.

මෙය උකු කරියකි. පිටිටූ, බත්, ඉඳිආප්ප, තලප සමග කදිමයි.

ගස්ලබූ සලාද

අවශ්‍ය ද්‍රව්‍ය 

බාගෙට ඉදුනූ වරකා ගස්ලබූ

ගෙඩියක් ශුද්ධකර ඇට ඉවත් කර ගා ගන්න.

එයින් ග්‍රෑම් 200

හීනියටම කපාගත් රතු ළුෑනූ ග්‍රෑම් 50

හීනියට කපාගත් අමූමිරිස් කරල් 2

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/4

අබ කුඩූ තේ හැඳි 1/4

සීනි මේස හැඳි 1

ලුණූ කුඩූ තේ හැඳි 1

කෝන් ඔයිල් මේස හැඳි 2

සාදාගන්නා ක්‍රමය
මේ සියල්ල එකට මිශ්‍රකර ගස්ලබූ දමා තවත් මිශ්‍රකර ලුණූ ඇඹූල් බලාගන්න.


ගස්ලබූ බීම

අවශ්‍ය ද්‍රව්‍ය 

ඉදුණූ ගස්ලබූ ග්‍රෑම් 200

සීනි ග්‍රෑම් 50

දෙහි ගෙඩියක යූෂ

ලුණූ කුඩූ තේ හැඳි 1/4

අයිස් කැට කිහිපයක්.


සාදාගන්නා ක්‍රමය 
මේ සියල්ල එකට බ්ලෙන්ඩ කර ගන්න. උකු දියරයක් ලැබේ. අවශ්‍ය නම් වතුර එක්කර ගන්න.




පබිලිස් සිල්වා
අධ්‍යක්ෂ ආහාර ප්‍රවර්ධන
ගල්කිස්ස මහ හෝටලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment