දරුවන්ට ඇතිවන මූත්‍රා ආසාදන හඳුනාගන්නට ලකෂණ ගණනාවක් තියෙනවා. ඒ අතර මූත්‍රා පිටවන වාර සංඛ්‍යාව වැඩිවීම ප්‍රධාන තැනක් ගන්නා බව දැන් ඔබ දන්නවා. ඊට අමතරව යටි බඩේ වේදනාව, මූත්‍රා සමග දුඟදක් ඇතිවීම, මූත්‍රා කිරමෙන් පසූව ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව දැවිල්ලක් ඇතිවීම, මූත්‍රා සමග පිටි වැනි ද්‍රව්‍යයක් පිටවීමක් වැදගත් වෙනවා.
මෙවැනි රෝග ලකෂණවලින් දරුවා පීඩාවට පත්වෙනවා නම් වැඩිහිටියන් ලෙස ඒ ගැන සූවිශේෂ සැළකිල්ලක් දැක්විය යූතු වෙනවා. කළයූත්තේ පිළිගත් වෛද්‍ය රසායනාගාරයකින් මූත්‍රා පරකෂාවක් කර ගැනීමයි. නමූත් බොහෝ වෙලාවට අපේ රටෙි සිදුවන්නේ දරුවාව සමීපයේ සිටින සාමාන්‍ය වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන යාමයි. එහිදී ප්‍රතිජීවක ඖෂධ කිහිපයක් ලබාදෙනවා. ඒ තුළින් රෝගය යටපත් වූවොත්, නිසි පරකෂාවට ඇති ඉඩකඩ ඇහිර යනවා. ඉන්පසූව බොහෝ වෙලාවට රෝගය නැවත ඉස්මතු වනවිට දරුවාගේ වකුගඩූ නරක්වන තැනට කටයූතු යෙදෙන්නටත් පූළුවන්.
මූත්‍රා පරකෂාවට සූදානම් වන විටත් එය ඉතාමත් පරිස්සමින් සහ වගකීමෙන් යූතුවත් කිරම වැදගත් වෙනවා. පරකෂාවට මූත්‍රා එකතු කරන විටත් තමන්ගේ අතට අසූවන ඕනෑම බෝතලයක් පාවිච්චි කිරමෙන් වැළකීමත් වැදගත්. ඒ සඳහා සූදුසූ බෝතල් විශේෂ පිළිගත් රසායනාගාර සහ ඇතැම් ඔසූ සැළකින් මිලදී ගැනීමේ හැකියාව ඔබ සතුවෙනවා.
පරකෂාවට මූත්‍රා එකතු කිරම සිදුවිය යූත්තේ මූත්‍රා කරන අතරවාරයේ මැදදිය (ඵසා ීඑරු්ප ඹරසබැ- පරකෂාවට ගෙනයන මූත්‍රා එය ලබාගෙන පැය හතරක් ගතවන්නට පෙරාතුව පිළිගත් රසායනාගාරයට ගෙනයාම සිදුවිය යූතුයි.
මූත්‍රා පරකෂණය වගේම මූත්‍රා රෝපණය පරකෂාවත් කර ගැනීම රෝගියාගේ වකුගඩූවල ආරක්ෂාවට වැදගත්. වකුගඩූ නරක් වූණොත් ඒ කියන්නේ වකුගඩූවල ෙසෙල මැරොණොත් නැවත වර්ධනය වීමක් සිදුනොවන බව අප විසින් හොඳින් මතක තබා ගතයූතු කරුණක්. ඒ කියන්නේ මෙය සදාකාලික කැලලක් ඇතිවන රෝගයක් කියන එකයි.
මූත්‍රා ආසාදනවලට නිසි ප්‍රතිකාර නොගැනීම හේතුවෙන්. එය යහපත් කිරමෙන් වකුගඩූ අක්‍රිය වනතුරුම දැනගැනීමේ හැකියාවත් අඩූයි. මේ රෝගයේ ඇති අවාසනාවන්තකම එක වකුගඩූවක් නැතිව වූව ද රෝගියාට ජීවත්වීමට ඇති හැකියාවයි. මේ නිසාම වකුගඩූ දෙකම අක්‍රීය වනතුරුම රෝගියා තමන් රෝගියෙකු බව නොදැන සිටින්නට පූළුවන්. කල්චර් වාර්තාව (මූත්‍රා රෝපණය කිරම) පොසිටිව් නම් අනිවාර්යයෙන් වකුගඩූ ස්කෑන් පරකෂාවටත් ලක්කර ගැනීම අත්‍යවශ්‍ය කටයූත්තක්.
ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය චන්දිම සූරියආරච්චි
රිජ්වේ ආර්යා ළමා රෝහල,
0 comments :
Post a Comment