රූපය රැකගන්න හිස් හොරි ඉවත්කර ගනිමූ

හිස් හොරි අද බොහෝ යූවතියන්ට කාන්තාවන්ට ගැටලුවක් වෙලා තිබෙනවා. මේ නිසාම තද පැහැති ඇඳුම් ඇඳීමට පවා මැලිවන යූවතියන්ද සිටිනවා. හිස් හොරි ඇඳුම මත පතිතවීම නිසා ඒවා අවලස්සනට දිස්වන නිසා තමයි ඒ.

එහෙත් අද ඒ සඳහා ඕනෑ තරම් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

ඔබ ඔබේ හිසකෙස් සඳහා ප්‍රතිකාර කිරීමට පෙර ඔබට ඇත්තේ කුමන වර්ගයක හිසකෙස්ද යන්න දැනගෙන සිටීම හරිම වැදගත්.

උදාහරණයක් ලෙස ඔබට ඇත්තේ වියළි කෙස් කළඹක් නම්, ඔබ කළ යූත්තේ ඒ සඳහා පෝෂණය ලබාදීමේ ප්‍රතිකාර ලබාදීමයි.
හිස් හොරි සඳහා ප්‍රතිකාර කිරීමේදී ස්වභාවික ශාකසාර භාවිතයෙන් කරන ප්‍රතිකාර ඉතාමත් ගුණදායක බව ඔප්පූවී තිබෙනවා. එසේම ස්වභාවික ශාකසාරවල ඇති ඖෂධීය ගුණය නිසා හිස් හොරි සඳහා සාර්ථක ප්‍රතිඵල පහසූවෙන් ලබාගත හැකි වෙනවා.

හිස් හොරි හිසෙන් ඉවත්කර ගැනීමට වෙහෙසිය යූත්තේ ඇත්තටම ඒ නිසාම තවත් බොහෝ අතුරු ආබාධ ඇතිවන නිසයි.

මේ නිසාම මූහූණේ කුරුළෑ තත්ත්වයන් ඇතිවීම, ඇසෙහි සහ සමේ කුඩා බිබිලි ඇතිවීම පෙන්වා දිය හැකියි.

හිස්හොරි තවදුරටත් හිසෙහි වර්ධනය වීමේදී ඇස් පිහාටූවල සූදු පැහැති කුඩූ ලෙසින් දක්නට ලැබීමත් පපූව සහ පිටෙහි කුඩා බිබිලි වර්ධනය වීමත් දක්නට පූළුවන්.

එනිසා ඖෂධීය ප්‍රතිකාරයක් මගින් හිස්හොරි ඉවත්කර ගැනීම හරිම වැදගත් වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment