තාම තරුණයි ඒත්? සම රැළි වැටෙනවා

වයසට යනවාත් සමගම ඇතිවන රෝගී තත්ත්වයක් තමයි සම රැළිවැටීම. නමූත් දැන් බොහෝ තරුණ අයගෙ වයසට යන්නත් කලින් සම රැලි වැටෙනවා. පාසල් යන දරුවන්ගෙ, අවූරුදු 20-25 තරුණ තරුණියන් අතරත් මේ සම රැළිවැටීම දකින්න පූළුවන්. මෙය රෝගී තත්ත්වයක් කියල බොහෝ දෙනා හිතන්නෙ නෑ. මේ නිසාම වෙළඳපොළේ තියෙන ක්‍රීම් වර්ග සොයා බැලීමකින් තොරව භාවිත කරනවා. මෙයින් සිදුවන්නෙ ඔබේ රෝගී තත්ත්වය තව තවත් වැඩිවීම පමණයි.



තරුණ වයසේම ඔබේ සමත් රැළිවැටෙනම්, ඒ සඳහා බලපාන හේතු මොනවාද යන්න ඔබම සොයා බලන්න.


බොහෝවිට ඔබ අනවශ්‍ය ලෙස සමට ක්‍රීම් වර්ග ආලේප කරන්නේ නම්, මෙය සම රැළිවැටීමට ප්‍රබල හේතුවක් වෙනවා. ඔබ අව්වේ යන කෙනෙක් නම් ඔරොත්තු නොදනෙ හිරු රස්මිය නිසාත් සම අවපැහැ වී රැළි වැටීමට බලපානවා. එසේම සමට අවශ්‍ය විටමින් වර්ග නොලැබීම, සමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම වැනි පෝෂණ ඌණතා නිසාත් සම රැළි වැටීම සිදුවෙනවා. ශරරයේ අධික වියලි බව හා උෂ්ණාධික බවත් සම රැළිවැටීමට ප්‍රධාන ලෙස බලපානවා.


තරුණ ඔබේත් සම රැළිවැටෙන්නට පටන් අරන් ඇත්නම් පළමූවෙන්ම ඔබ කළ යූත්තේ මේ සඳහා බලපාන රෝග කාරකය සොයා ගැනීමයි. ඉන්පසූ ඒ සඳහා ප්‍රතිකාර කිරම කළ යූතුයි.


පොදු වශයෙන් සඳහන් කරන්නේ නම් සම රැළිවැටීම වළක්වා ගැනීමට උදෑසන එළකිරි පානය කිරම ඉතා වැදගත්. සව්, බාර්ලි, කොළ කැඳ පානය කිරමට හැකි නම් එයත් ඉතාම හොඳයි. පීනස් රෝග, සෙම රෝග ඇත්නම් මෙම ආහාර ගැනීම එතරම් සූදුසූ නැහැ.


ඊට අමතරව පලාවර්ග, පළතුරු වර්ග, නිවූඩූ හාල් බත් ආහාරයට එක්කර ගන්න. ඔබේ සම වියලියි නම් ශරරය උෂ්ණාධිකනම් සෑම විටම ශරරය සිසිල් වන ආහාර පාන වර්ග ලබාගන්න. දිනපතා වතුර බෝතල් හයක් පමණ පානය කරන්න.


බාහිර ප්‍රතිකාරයක් වශයෙන් එළඟිතෙල් සමේ ආලේප කිරම ඉතාම සූදුසූයි. මේ සඳහා ආයූර්වේද ප්‍රතිකාරයක් වන සර්ව සූභාධී තෛලය ආලේප කිරමත් ඉතා හොඳ ප්‍රතිකාරයක්.


සම රැළිවැටීමට මෙන්ම සම වියළීමට ප්‍රතිකාර ගන්නා ඔබ උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න. ඒ වගේම හිතුමනාපෙට ක්‍රීම් වර්ග ආලේප කිරමෙන් වළකින්න. සම රැළිවැටීම සූවකළ හැකි රෝගී තත්ත්වයක් නිසා කල් නොඇර ප්‍රතිකාර කරන්න.




පාරම්පරික වෛද්‍ය
එච්. ඒ. සිරිල් අල්විස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment