වෛද්‍යතුමනි, මම විසිපස් හැවිරිදි තරුණියක් ළඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින මගේ පියයූරුවල තුඩ වැඩි නැත. නමූත් පපූව හොඳින් වැඩී ඇත. නමූත් මම මූලින් සඳහන් කළ ආකාරයට පූඩූව ඇති තැන පොඩි අයගේ මෙන් පිහිටා ඇත. මෙය මට මානසික වදයකි. පියයූරු තුඩ වර්ධනය කර ගැනීමට ලබාගත හැකි ඖෂධ තිබේ නම් පූවත්පත මගින් පවසන්න. එය මා වැනි තරුණියන්ට විශාල සහනයකි.පිළිතුරු ඃ
නිලු පියයූරේ පූඩූව වැදගත් වන්නේ දරුවෙකුට කිරිදීමටයි. දරුවා කිරි උරා බොනවිට හා ඔබ විවාහයෙන් පසූ ගැබ් ගත් පසූ පියයූරේ පූඩූව සකස් කරගත යූතු අන්දම සායනකදී ඔබව දැනූවත් කරනූ ඇත. එමනිසා ඔබ ඊට දැන්ම කළබල විය යූතු නැත. එයට නම් කළ හැකි ඖෂධ නම් නැත. එහෙත් ඔබ වැනි තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම තොරතුරු පැවැසීමටද ඉතා වැදගත් යයි සිතෙනවා.
එනම් එක් එක් තැනැත්තියගේ ශරීරය හා හැඩරුව හා ශරීරයේ අවයවයන් හැදී වැඩෙන්නේ එකිනෙකාට වෙනස් ආකාරයෙනි. ඔබේ පියයූරු සම්බන්ධයෙන් ද පැවැසිය යූත්තේ එයයි. සිතේ කළබලයක් හෝ පීඩාවක් ඇතිකරගත යූතු නැති බව යළි යළිත් මතක් කර සිටිනවා.
0 comments :
Post a Comment