නිරෝගී දරුවන් බිහිකරන යකඩ ගැහැණූ




නීරක්තිය
- යකඩ ඌනතාවය හේතුකොට ගෙන දරුවාගේ කායික හා මානසික වර්ධනයට බලපෑම් ඇති කරන බව ඔබ දනී.


දිව, අත්ල, තොල්පෙති ඇතුළත ආදිය සූදුමැලිවීම, වෙහෙස දැනීම සහ හූස්ම ගනීමේ අපහසූව යනාදිය නීරක්තිය ලකෂණ අතර කැපී පෙනෙයි.
ගර්භණී අවදියේදී නීරක්තිය තිබීම රුධිර වාහනය උග්‍ර කිරීමටත්, දරු ප්‍රසවයේදී ආසාදන ඇති කිරීමටත්, මාතෘ මරණ සිදුකිරීමටත් බලපෑම් ඇති කරයි. උපත ලබන දරුවාගේ බර අඩූවීමටත් පූළුවන. මේ නිසා ගර්භණී මවූවරුන්ට යකඩ අතිරේකව ලබාදීම සිදුකෙරේ. මේ නිසා කාන්තාවන්ට මෙන්ම ඔවූන්ගේ දරුවන්ටද ආරක්ෂාව සැලසෙයි.

පීකුදු, මස් වර්ග, බිත්තර පලා වර්ග, පියලි ඇට ආදියෙහි යකඩ අඩංගුය.

නීරක්තිය ඇති කරනූ ලබන අනෙකුත් හේතූන් අතර, මැලේරියාව සහ කොකුපණූ රෝගය හැඳින්විය හැක.

මේ තත්ත්වය මඟහරවා ගැනීමට, පණූ ආසාදන සූලබ ප්‍රදේශවල වෙසෙන දරුවන් හට අවූරුද්දකට දෙතුන් වතාවක්, නිර්දේශිත පණූ නාශක ඖෂධ ලබාදිය යූතුවෙයි. අනෙක් අතට දරුවාට පණූ රෝග වැළඳීම අවම කෙරෙන ලෙස පරිසරය හා හොඳ පූරුදු පූහූණූ කළ යූතුයි. මනා අවස්ථානූකූල වත් පිළිවෙත් රැකීම පණූ රෝග අවම කරයි. දරුවන් වැසිකිලි අසල සෙල්ලම් නොකළ යූතුය. නිතර දෑත් සේදිය යූතුය. පාවහන් පැළඳිය යූතුය.

අයඩීන් ලුණූ නොලැබී යාම, දරුවන්ගේ වර්ධනය බාලවන තවත් අවස්ථාවකි. දරුවාට අවශ්‍ය තරම් අයඩින් නොලැබෙන්නේ නම් හෝ ගැබිණි සමයේදී මව අයඩීන් ඌනතාවයට පත්වූණේ නම් දරුවා ඇසීමේ හෝ කතා කිරීමේ ආබාධිතයකු ලෙස උපත ලබන්නට හෝ කායික හෝ මානසික සංවර්ධනයේ පමාවක් සිදුවේ.


ගලගණ්ඩය හෙවත් ගෙල ප්‍රදේශයේ ඇති වන ඉදිමූම් තත්ත්වයන් ආහාර වේලක අයඩීන් ඌන බව හඟවයි. ගලගණ්ඩය වැලඳුන ගර්භණී මවක් ගබ්සා වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ වගේම මළ දරු උපතක් සිදුකිරීමට හෝ මොළයේ හානි සහිත දරුවෙකුට උපත ලබාදීම එවැනි මවක් අතින් සිදුවිය හැක.

මේ නිසා සාමාන්‍ය ලුණූ වෙනූවට දරුවන්ට අයඩින් මිශ්‍ර ලුණූ ආහාරයට එක්කිරීමට වැඩිහිටියන් කටයූතු කළ යූතුවෙයි. අයඩීන් නොමැති නම් කාන්තාවන්ට සහ දරුවන්ට, වෛද්‍ය නිර්දේශ මත අයඩීන් පරිපූරක ලැබීමේ හැකියාව ඇති බව අප අමතක නොකළ යූතුය.

දරුවන් රෝගී වූ විට විශේෂයෙන් ඔවූන්ට පාචනය හෝ සරම්ප ඇතිවිට ආහාර ගැනීමට අකමැත්තක් දක්වයි.

රෝගී දරුවකුට ආහාර ගැනීමට උනන්දු කිරීමට අත්‍යවශ්‍ය කරුණකි. මෙවැනි අවස්ථාවලදී දරුවා කැමති ආහාර වරකට ස්වල්ප ප්‍රමාණයන්ගෙන්, කිහිප වාරයක් දිගින් දිගටම ලබාදිය හැකිනම් වඩාත් හොඳයි. අමතරව මවූකිරි දීමද ඉතාම වැදගත්ය.

රෝගී තත්ත්වය සහ ආහාර අරුචිය දින කිහිපයකට වඩා පැවතුනහොත් දරුවා වෛද්‍යවරයෙකු හෝ පූහූණූ සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයකු හෝ වෙත

රැගෙන යා යූතුය. දරුවෙකුගේ බර රෝගී වන්නට ප්‍රථම පැවති බර ප්‍රමාණයට නොපැමිණියහොත් දරුවා සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වයෙන් සූවපත් වූවා යයි අපට සිතන්නට බැරිය.






සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ
වැඩ බලන අධ්‍යකෂිකා
වෛද්‍ය කාන්ති ආරියරත්න


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment