රසට කන්න වටිටක්කාවලින් විවිධ කෑම

වටිටක්කා පහතරට හොඳින් වැවෙන එළවළුවකි. හොඳ ඵලදාවක් ලබාගත හැකි වටිටක්කාවල මිලද එතරම් අධික නැත.

මිල අඩූ වූවාට වටිටක්කා ඉතාම පෝෂ්‍ය ජනක එළවළුවකි. ආහාර රුචිය ඇතිකරන අතර වටිටක්කා වලින් විවිධ ආහාර සකස් කරගත හැකිව තිබේ.


වටිටක්කා සූප්
අවශ්‍ය ද්‍රව්‍ය ඃ
වටිටක්කා ග්‍රෑම් 200 සූදු හරියෙන් ලීක්ස් ග්‍රෑම් 50 ළුෑණූ ග්‍රෑම් 20 කිරි මිලි ලීටර් 50 වතුර ලීටර් 3 ලුණූ ගම්මිරිස් සූදු හාල් ග්‍රෑම් 50 බටර් මේස හැඳි 2

සාදාගන්නා ක්‍රමය
පොඩියට කපාගත් ළුෑණූ ග්‍රෑම් 20 සූදුරු තේ හැඳි 1�2 හැර සූදු හාල්, වටිටක්කා (පොතු හැර) ලීක්ස්, මේ සියල්ල එකට දමා තම්බා ගන්න.

හාල් ටික ප්‍රථමයෙන් දමා එය තැම්බෙන විට වටිටක්කා දමන්න. හොඳින් තැම්බූණූ පසූ බ්ලෙන්ඩ් කර පෙරාගන්න.

භාජනයක් ලිප තබා බටර් හෝ මාගරින් දමා ළුෑණූ බැඳගන්න. එය බැදෙන විට සූදුරු ඇට දමා තෙම්පරාදු කර කිරි එක්කර එයට වටිටක්කා මිශ්‍රණය එක්කර හොඳින් උතුරුවා ලුණූ රස බලා ගම්මිරිස් කුඩූ එක්කර ගන්න.


වටිටක්කා සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය ( ශුද්ධකර හීනියට ගාගත් වටිටක්කා ග්‍රෑම් 200 පොඩියට කපාගත් ළුෑණූ ග්‍රෑම් 30 හීනියට ලියාගත් අමූමිරිස් කරල් 2 උම්බලකඩ පවූඩර් මේස හැඳි 1 හීනියට ලියාගත් කරපිංචා ටිකක් දෙහි ගෙඩියක යූෂ ලුණූ කුඩූ තේ හැඳි 1 තල තෙල් තේ හැඳි 1


සාදාගන්නා ක්‍රමය

වටිටක්කා හැර සියලු දේ හොඳින් මිශ්‍රකර වටිටක්කා ද එක්කර ගන්න. කෑම මේසයට කදිම සලාදයකි.


වටිටක්කා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය ( වටිටක්කා ග්‍රෑම් 200 (ශුද්ධකර පොතුහැර කපාගන්න) පොඩියට කපාගත් ළුෑණූ ග්‍රෑම් 30 පොඩියට කපාගත් අමූමිරිස් කරල් 2 පොඩියට කපාගත් රම්පෙ කෑල්ලක් හීනියට ලියාගත් කරපිංචා ටිකක් කුරුඳු කෑල්ලක් අබ ඇට තේ හැඳි 1 බී ළුෑණූ මිරිස් කරල් 2 (කඩාගන්න) තෙල් මේස හැඳි 2 කරි කුඩූ මේස හැඳි 1 මිරිස් කුඩූ තේ හැඳි 1/4 කහ කුඩූ තේ හැඳි 1 1/2 රම්පෙ කෑල්ලක් කපාගත් සූදු ළුෑණූ බික් 4 බැද අඹරාගත් සූදු හාල් තේ හැඳි 1 බැඳ අබරාගත් පොල් මේස හැඳි 1 මිටිකිරි අඬූ කෝප්ප 1/4 දියකිරි අඬූ කෝප්ප 1 1/2 උළුහාල් ඇට 5 පමණ


සාදාගන්නා ක්‍රමය
මිටිකිරි අඹරාගත් හාල් පොල් අබ සහ තෙල් හැර අනෙකුත් සියල්ල එකට දමා තැම්බෙන්නට හැර හාල් පොල් මිටිකිරි වලින් දියකර වටිටක්කාවලට දමා උතුරණ විට ලිපෙන ඉවතට ගන්න.

වෙනම භානයක් ලිප තබා තෙල් දමා එහි අබ සහ කෑලි මිරිස් බැද අබ පූපූරන විට වටිටක්කා මිශ්‍රණය දමාගන්න.


වටිටක්කා ආනම
අවශ්‍ය ද්‍රව්‍ය ( වටිටක්කා ශුද්ධකර ඇට ඉවත්කර සෝදා සූරා ගන්න. එයින් ග්‍රෑම් 200 මිටිකිරි අඬූ කෝප්ප 1/2 උළුහාල් ඇට 10 කරඳමූංගු 2 කරාබූ නැටි 2 කුරුඳුපොතු කෑල්ලක් උම්බලකඩ කුඩූ තේ හැඳි 1 හීනියට කපාගත් අමූමිරිස් කරල් 2 සූදු ළුෑණූ තේ හැඳි 1 රම්පෙ, කරපිංචා හීනියට ලියා දියකිරි අඬූ කෝප්ප 2 දෙහි යූෂ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 1/2 කරි කුඩූ මේස හැඳි 1 මිරිස් කුඩූ තේ හැඳි 1/2 කහ කුඩූ තේ හැඳි 1/2


සාදාගන්නා ක්‍රමය ඃ

මිටිකිරි වටිටක්කා හා දෙහි හැර අන් සියල්ල එකට දමා හොඳින් තම්බා මිටිකිරි එයට එක්කර තැම්බෙන්නට දමා විනාඩි 4 පමණ හොඳින් තම්බා (අඩූ ගින්දරේ) දෙහි යූෂ එක්කර ගන්න.

මෙය උකු තලපයකි. පාන්, ඉඳිආප්ප, ආප්පවලට කදිමයි.

වටිටක්කා සහ මාළු වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය 


කටූ නැති මාළු වර්ගයකින් (කෑලි කපන්නට හැකි) අඟල් 1/2 කොටූ කපා ගන්න. එයින් ග්‍රෑම් 100

වටිටක්කාත් එලෙසින්ම කොටූ කපා ග්‍රෑම් 200

සිහින්ව කපාගත් ළුෑණූ ග්‍රෑම් 30

සිහින්ව කපාගත් අමූමිරිස් කරල් 5

සිහින්ව කපාගත් සූදු ළුෑණූ බික් 4

රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු

කරි කුඩූ මේස හැඳි 1

කෑලි මිරිස් තේ හැඳි 1

කහ කුඩූ තේ හැඳි 1/2

ලුණූ කුඩූ තේ හැඳි 1 1/2

දෙහි ගෙඩි 2 යූෂ

තෙල් අඬූ කොප්ප 1

මිටිකිරි අඬූ කෝප්ප 1/2

දියකිරි අඬූ කෝප්ප 1 1/2

සාදාගන්නා ක්‍රමය
මාළු ටික කහ ලුණූ දෙහි අත ගා ගැඹූරු තෙලේ බැදගන්න. තෙල් පෙරා ගන්න.

නැවත භාජනයක් ලිප තබා තෙල් හැඳි 2 දමා සූදු ළුෑණූ තරමක් බැදගන්න. රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, අමූමිරිස් දමා බාගෙට බැදෙන විට කරිකුඩූ, මිරිස් කුඩූ, කහකුඩූ, ලුණූ එක්කර මදගින්නේ බැදගන්න.

දැන් දියකිරි එක්කරන්න. වටිටක්කාත් එයට දමා වටිටක්කා බාගෙට තැම්බෙන විට මිටිකිරි දමා උතුරණ විට බැදපූ මාළු එක්කර දෙහි යූෂ එක්කර ලිපෙන් ඉවතට ගන්න.


වටිටක්කා සමග කරවල කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

වටිටක්කා ග්‍රෑම් 200

කෑලි කරවල පොඩියට කපා ග්‍රෑම් 50

හතරට පලාගත් අමූමිරිස් කරල් 3

කරි කුඩූ මේස හැඳි 1

මිරිස් කුඩූ තේ හැඳි 1

කහකුඩූ තේ හැඳි 1/2

සූදු ළුෑණූ බික් 4

දියකිරි අඬූ කෝප්ප 1 1/2

මිටිකිරි අඬූ කෝප්ප 1/2

රම්පෙ, කරපිංචා කුරුඳු පොතු

තක්කාලි ග්‍රෑම් 25

(පොඩියට කපාගත්)

අවශ්‍ය නම් ලුණූ


සාදාගන්නා ක්‍රම
මිටිකිරි හැර අනිකුත් සියල්ල එකට දමා තම්බා මිටිකිරි දමා උතුරවා ගන්න.

වටිටක්කා සහ කරවල එකම දවසේ ආහාරයට ගැනීමට තවමත් අපේ නිවෙස්වල කැමැත්තක් නැත. එයට හේතුව මළ බතට වටිටක්කා සහ කරවල සෑදීම නිසාවෙනි.

මේ දෙවර්ගයම සෑදීමට හේතුව දින ගණනක් නිරාහාරව සිටි උදවියට හොඳ පෝෂණයක් ලබාදීමට අවශ්‍ය නිසාවෙනි.
වටිටක්කා සහ කරවල පෝෂණ ගුණයෙන් ඉහළය. කෑමට අප්‍රියතාවයක් ඇතිවෙන්නේ ද නැත. වටිටක්කා සහ කරවල මළ බතට ඉවීමට හේතුව අන් කිසිවක් නිසා නොව එහි ඇති පෝෂණය නිසාවෙනි.

එනිසා වටිටක්කා සහ කරවල එකම දිනකදී නිවසේ පිසීමට බිය වන්නට එපා. එය හොඳ පෝෂ්‍යදායි ආහාරයකි.




පබිලිස් සිල්වා
අධ්‍යක්ෂ ආහාර ප්‍රවර්ධන
ගල්කිස්ස මහ හෝටලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment