කාට හරි හදිස්සියේ පපූවෙ අමාරවක් හැදුණොත් මෙහෙම කරන්න



හෘදයාබාධ වැළඳීම හේතුවෙන් මිය යන ොර්ගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. පූද්ගලයෙකුට බොහෝ විට හෘදයාබාධයක් සෑදෙන්නේ අප නොහිතන වෙලාවකදීය. ම් නිසා අප කොයි කවූරුත් හෘදයාබාධ රෝගියෙකුට දිය යූතු ප්‍රථමාධාර දෑනගෙන සිටීම වැදගත් වේ.

නිවසේදී කාර්යාලයේදී හෝ මහ මඟ හෝ කාට හෝ පපූවේ වේදනාවක් ඇති වූවහොත් පහත සඳහන් ආකාරයට කටයූතු කිරීම අතවශ්‍යයි.

රෝගියා තිරස් ආකාරයට සැතපිය යූතුයි. යම් හෙයකින් ඒ අවස්ථාවේ ඇඳක් සොයාගත නොහැකි නම් ඒ සඳහා සූදුසූම ස්ථානය බිමයි. රෝගියාට පැත්තකට හැරෙන්න උවමනා නම් ඊට ඉඩ දිය යූතු වෙයි. සිහිමඳ රෝගියෙකු නම් පැත්තකට හරවා තැබීමෙන් බලාපොරොත්තු වෙන්නේ එයින් වමය හා කෙළ පෙනහැල්ලට යෑම වැළැක්වීම.


සමහර විට අවස්ථාවකදී රෝගියාට දිගා වි සැතපීමට ඉඩක් නැත්නම් පූටූවක වාඩි වී සිටියාට කම් නැත. නමූත් එවැනි අවස්ථාවකදී ශරීර මටිටමට එන ලෙස කකුල් ඔසවා බංකුවක් වැනි දෙයක් මත තිබීම කළ යූතුයි. වාඩිවී සිටීමෙන් ොර්ගියාට හූස්ම ගැනීම පහසූ බව රෝගියා පවසන්නේ නම් ඒඉරියව්වෙන්ම ඔහූට ොහ් ඇයට සිටින්නට ඉඩ ඇරයාට වරදක් නැත.


තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කර ඉනපටි ටයිපටිආදිය ඉවත් කිරීමත් හැකි විගස කළ යූතුයි.


ඒ වගේම මළපහ කිරීමට හෝ මූත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳ මත දිගා වී සිටියදීම එසේ කිරීමට ඉඩ හරින්න. රෝගියා නැගිටූවා ඇවිද්දීමෙන් ලැබෙන ප්‍රතිඵල භයානක විය හැකිය.


වෙනත් හෘද රෝගියෙකු ළඟ පාත සිටිදෑයි වහාම විමසා බලන්න. මේ රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දි යට තබා ගත යූ ටී එන් ටී පෙති තිබේ. එබඳු රොගියෙකු ළඟ සිටියහොත් ඔහූ හෝ ඇය ගෙන් ටී එන් ටී පෙති දෙකක් ඉල්ලා කුඩූ කොට රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසූ වේදනාව තවත් තිබේනම් තවත් ටී එන් ටී පෙති දෙකක් එලෙසම දෙන්න. පැය භාගයක් ඇතුලත පෙති හයකට වඩා නොදෙන්න වග බලා ගන්න.


එසේ පෙති සොයාගත නොහැකිනම් දියවෙන සූළු ඇස්පී්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප 1�4 ක දියකොට රෝගියාට පොවන්න.


රෝගියා වෙනූවෙන් ගත හැකි වැදගත් පියවරකි.


රෝගියාට ගෑස් අඩංගු බඹී, බ්‍රැන්ඩි ආදිය දීමෙන් වළකින්න. ඒ වගේම රෝගියාට දහදිය දෑමීම අධික නම් රෙදි කඩකින් පිසදමා සෙමෙන් පවන් සලන්න. රෝගියා වටා පිරිසක් වට වී සිටීමද හෝ දෙයක් නොවේ. එයින් ඔහූට වාතාශ්‍රය නොලැබෙනූ පමණක් නොව මානසික අසහනයද වැඩිවෙයි.


හෘදය ගැස්ම නැවතුණූ විට කරනූ ලබන ප්‍රථමාධාර ක්‍රමය එහෙම නැත්නම් හෘද ශ්වසන පූනර්ජීවනය කිරීම ඇරඹිය යූත්තේ රෝගියා කෙරෙහි පහත දෑක්වෙන රෝග ලක්ෂණවලින් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබූනූ විටදීය. ශ්වසනය නැවතීම, නාඩිය හසූ නොවීඹ, ශරීරය (වලිප්පූවකදී මෙන්) ගැස්සීම, ඇස් උඩට කරකැවී යාම, ඇඟිලි තුඩූ ද නිල් පැහැවීම මේ රෝග ලක්ෂණයි. ඒවා ඇතිනම් පහත සඳහන් ක්‍රියා මාර්ග නිවැරදිව අනූගමනය කරන්න.


තමාගේ දකුනත මිට මොළවා රෝගියාගේ පපූවේ වම් පැත්තට (ශරීරයට හෘදය මතුපිටට) වැරෙන් තලන්න ඒ කළ වහාම බාහිර හෘධ සම්බාහනය ආරම්භ කළ යූතුය.


මෙහිදී කරනූයේ රෝගියාගේ හෘදය, පපූ ඇට පේළියත් අතර තෙරපීමයි. එවිට හෘදයේ ඇති රුධිරය ශරීරයට ගලා යයි. මෙය සාර්ථකව කරනූ පිණිස රෝගියාගේ කොඳු ඇට පෙදෙස නොනැමී තිබීම අත්‍යවශ්‍යය.රෝගියා බිම වැතිරී සිටීම මෙතනදී වඩා සූදුසූය. අනතුරුව තමාගේ අත් දෙකම රෝගියාගේ පපූ ඇටය මැද තබා අඟල් 1 1�2 - 2 ක් පමණ පහළට පපූ ඇටය එබිය යූතුය. මේ සඳහා තමාගේ සිරුර බර උපයෝගි කර ගැනීම යෝග්‍යය.


විනාඩියට 80 - 100 වාරයක් පමණ මේ බාහිර සම්බාහනය කරන්න.ඕනෑවට වඩා වේයෙන් සම්බාහනය කිරීමෙන් වැළකෙනූ පිනිස එක දෙක, තුන,යනාදි වශයෙන් ගණන් නොකොට එක් දහසයි එකයි, ඒ දහසයයි දෙකයි, එක් දහසයයි තුනයි...... යනපරිද්දෙන් ගණනය සඳහා උපදෙස් දෙනූ ලැබේ. ඒ වගේම සෑම සම්බාහන හතරකට හෝ පහකට හෝ පසූව කෘත්‍රිම ශ්වසනයක්ද කළ යූතුය.


පළමූ කොට වෙද ඇඟිල්ල රෙදි කඩකින් වෙලා රෝගියාගේ මූව ඇතුළෙහි ඇති සෙම, වමනය, බොරු දත් ආදිය ඉක්මනින් ඉවත් කරන්න. ඉන්පසූ රෙදි කඩකින් තේ හැඳි මිටක් වොලඑය උඩ්ින් යොදා දිව පිටූපසට වැටී යාම වළක්වාලන්න. එසේ වැටූණොත් ශ්වසන මාර්ගය අවහිර වේ.


අනතුරුව රෝගියාගේ නිකට තමාගේ දකුණූ අතින් හැකි තරම් උඩට උස්සා තමාගේ වම් අතින් රෝගියාගේ නාස්පූඬූ තද කොට වසාගන්න. මේ සඳහා තමා රෝගියාගේ දකුනූ පැත්තේ සිටිය යූතුය.




හෘද රෝග විශේෂ වෛද්‍ය
රුවන් ඒකනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment