නිරෝගි දිවියකට කැල්සියම් ආහාර -අපිට අවශ්‍යම කැල්සියම්


අපේ සිරුරේ අස්ථි වැඩීමට කැල්සියම් කියන ඛනිජ ලවනය ඉතාම අවශ්‍ය ඛනිජ ලවනයක්. ඇත්තෙන්ම කියනවා නම් අපේ සිරුරේ වැඩිපූරම තිබෙන ඛනිජ ලවනයත් කැල්සියම්.

කැල්සියම් බහූලව තිබෙන්නේ අස්ථිවල බව දෑන් ඔබ දන්නවා. මිනිස් සිරුර ගත් විට සිරුරට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය ජීවිතයේ එක් එක් කාලයට වෙනස් වෙනවා.

ඒ කියන්නේ අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය වෙනස් වෙනවා. නිරෝගී ජීවිතයකට අපේ සිරුරට කැල්සියම් නියමිත ලෙසින් ලැබිය යූතු බව අමතක කරන්න එපා.


කැල්සියම් වැඩිපූරම අවශ්‍ය කාටද?
හැදෙන වැඩෙන වයසේ පසූවන දරුවන්ට, ගර්භනී මවූවරුන්ට ආර්ථවරණයට පත් කාන්තාවන්ට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය වැඩියි. ඒ වගේම වයසක කාන්තාවන්ටත් වැඩි කැල්සියම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.


දිනකට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය

අපේ සිරුරට දිනකට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණයක් තිබෙනවා. දිනකට මිලිග්‍රෑම් 400 සිට මිලිග්‍රෑම් 1300 දක්වා කැල්සියම් ප්‍රමාණයක් අවශ්‍ය වන අවස්ථා තිබෙනවා.


මිලිග්‍රෑම් 400 සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයට ප්‍රමාණවත්.


මිලිග්‍රෑම් 1300 වැනි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ අපි ඉහත විශේෂයෙන් සඳහන් කළ කණ්ඩායම්වලටයි.


කැල්සියම් බහූල ආහාර

කිරි සහ කිරි ආහාරවල කැල්සියම් බහූලයි. ඒ වගේම කුඩා මාළුවල කැල්සියම් ඕනෑ තරම් තිබෙනවා. ඒකට හේතුව තමයි කුඩා මාළුවල කටූ හපා ආහාරයට ගැනීම. මොකද මේ කටූවල කැල්සියම් තියෙනවානේ. අන්න ඒ නිසා. ඒ නිසා තමයි කුඩා මාළුවල කැල්සියම් වැඩියි කියන්නේ.


ඒ වගේම කූනිස්සන් තවත් කැල්සියම් බහූල ආහාරයක්.


කොළ එළවළු අතරින් කතුරුමූරංගා තම්පලා වැනි පලාවල කැල්සියම් බහූලයි. පිපිඤ්ඤාත් කැල්සියම් හොදින් තිබෙන එළවළුවක්.


ටින් මාළු වල වැඩි කැල්සියම් ප්‍රමාණයක්


ටින්කළ මාළුවල කැල්සියම් ප්‍රමාණය වැඩියි කියල සොයා ගෙන තිබෙනවා. ඒකට හේතුව තමයි මේ ටින් මාළු වල තිබෙන කටූකොටස් ආහාරයට ගත හැකි වීම. ඇතැම් අය මේ කොටස් ඉවත් කර මාළු කොටස් විතරක් ආහාරයට ගන්නවා. ඒ නිසා එහෙම කරන්නට එපා. ටින් මාළු ආහාරයට ගන්නවා නම් එහි තිබෙන සියලුම කොටස් ආහාරයට ගැනීමෙන් වැඩි කැල්සියම් ප්‍රමාණයක් සිරුරට ලබා ගත හැකියි.


කැල්සියම් අඩූවීම සහ තැන්පත් වීම

මිනිස් සිරුරේ කැල්සියම් තැන්පත් වීම වගේම අඩූවීමකුත් සිරුර තුළ ඉබේම සිදුවෙනවා. මේ තැන්පත් වීම සහ අඩූවීම අතරත සාමානතාවය බිඳ වැටීමෙන් සිරුර තුළ ප්‍රශ්නයක් ඇතිවෙනවා. එවිට කැල්සියම් අඩූ රෝග ඇතිවෙනවා.


කැල්සියම් අඩූවීමෙන් ඇතිවන රෝග

ප්‍රධාන දේ අස්ථිවල ශක්තිය අඩූවීම. ඒ නිසා අස්ථි බිඳීම කැඩීම සිදුවෙනවා. ඒ කියන්නේ ඔස්ටියෝපොරෝසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙනවා.


පිරිමින්ට වඩා ගැහැනූන්ට අස්ථි බිඳීම වැඩි ඇයි?

විශේෂයෙන්ම වයසට යත්ම කාන්තාවන් අස්ථි බිඳීමේ රෝගයට ගොදුරුවෙනවා. එනම් කාන්තාවන් පිරිමින්ට වඩා ඔස්ටියෝපොරෝසිස් කියන රෝගි තත්ත්වයට පත් වෙනවා.


ඒකට හේතුව තමයි ආර්ථවහරණයත් සමග සිරුරේ සිදුවන හෝර්මෝන ක්‍රියාවලියේ වෙනස්වීම නිසාත්, කැල්සියම් අඩූ ප්‍රමාණයක් සිරුරට ලැබීම නිසාත් පහසූවෙන් අස්ථි බිඳීමට ලක්වීම. ගැහැණූන්ට අස්ථි බිඳීමේ ප්‍රවනතාවය වැඩි ඒ නිසයි.


කැල්සියම් ශරීරගතවීමට බාධාවන්

කැල්සියම් සහිත ආහාර අඩූවීම නිසා සිරුරේ තැන්පත් වන කැල්සියම් ප්‍රමාණය අඩූ වෙනවා. ඒ වගේම තමයි කෙනෙකුට ව්‍යායාම නොමැතිකමත් කැල්සියම් සිරුරට උරා ගැනීම සඳහා බාධාවක්.


මත්පැන් පානය, දුම්පානය පවා කැල්සියම් උරා ගැනීමට බාධාවන් ඇති කරනවා.


කෝපි පානය කැල්සියම් උරා ගැනීමට බාධාවක්ද


වැඩිපූර කෝපි පානය කිරීමෙන් සිරුරට කැල්සියම් උරා ගැනීමේ හැකියාව අඩූ වෙන බව සොයාගෙන තිබෙනවා. එය ආහාර මාර්ග පද්ධතියෙහි සිදුවන ක්‍රියාවලියක්. ඒ නිසා අනවශ්‍ය ලෙස කෝපි පානයෙන් වැළකී සිටීමට වගබලා ගැනීම හොඳයි.


කැල්සියම් වැඩි වූ විට

අද කැල්සියම් ආහාර, කැල්සියම් විටමින් වර්ග වෙළෙඳ ප්‍රචාරයේදී මූල් තැන ගෙන තිබෙනවා. ඒ නිසාම මේ සඳහා යොමූවීමකුත් දක්නට ලැබෙනවා.


ස්වභාවික කැල්සියම් සිරුරට අවශ්‍යයි. අහිතකර නැහැ. ඒත් මේ කෘත්‍රිම කැල්සියම් වැඩි වූ විට සිරුරට යම් බලපෑමක් ඇතිවිය හැකි බව දෑන් සොයා ගෙන තිබෙනවා.


මේ කැල්සියම් වැඩි වූ විට වකුගඩූ සහ මූත්‍රා මාර්ගය සම්බන්ධ මූත්‍රාගල් ඇතිවීමේ ප්‍රවනතාවය වැඩි බව දෑන් සොයාගෙන තිබෙනවා.


ඒ නිසා කැල්සියම් පෙති කැල්සියම් විටමින් වර්ග භාවිතයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් මතම එය ලබා ගත යූතු බව වෛද්‍ය විද්‍යාව තුළින් පෙන්වා දෙනවා. දිගින් දිගටම හිතුමතේට කැල්සියම් පෙති, විටමින් වර්ග ලබා ගැනීම සූදුසූ නැහැ. වෛද්‍ය උපදෙස් මතම එය ලබාගත යූතු බව අමතක කරන්නට එපා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment