දරුඵල නැති අයට ඉදුණූ අඹ හොඳයි

දිව්‍ය ලෝකයේ තිබෙන අමා රසය ගැන සාහිත්‍ය පොතපතේ සඳහන් වෙලා තිබෙන බව ඔබ දන්නවනේ. අන්න ඒ අමා රසය සංසන්ඳනය කරලා තිබෙන්නේ අඹලවලට. ඒ කියන්නේ එහෙම නම් අඹ කෙතරම් මිහිරි රසැති පලතුරක්ද?

අඹ පලතුරක් වගේම බෝවන රෝග සඳහා විෂබීජ හරණයට අඹ කොළ එල්ලනවා ඔබ දන්නවනේ. අඹ කොළවලින් විෂබීජ හරණය වගේම පත්තිනි මෑණියන් ගේ ආරක්ෂාවත් එයින් ලැබෙන බව අප එදා ඉඳලාම විශ්වාස කරනවා. ඒ නිසාම තමයි ශාන්තිකර්ම සඳහා දේව ආරක්ෂාව ලබා ගැනීමට අඹ අත්තට මතුරන්නේ.

ගණ දෙවියෝ අඹ ගෙඩියක් කඩාගන්න ගිහින් දළ බිඳගත් බවත් අපේ සාහිත්‍ය පොත්වල සටහන් වෙනවා. ඒ කියන්නේ අඹ ඉතාම මිහිරි රසැති පලතුරක් බව නැවතත් පිළිගන්නට සිදුවන බවයි.

අතීත රජවරුන්ට අඹ උයන් තිබූ බව අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඒ කියන්නේ අඹවලට හැමදාම හොඳ තැනක් ලැබූණූ බවයි.


අඹ සූබපල ගෙන දෙන ශාකයක්
සැබවින්ම අඹ ශාකය ශුබපල ගෙනදෙන ශාකයක්. ගෙයි මිදුලේ අඹ ශාකයක් වැවීම ඉතාම හොඳයි. තවද ගෙයි මිදුලේ අඹ ශාකයක් ඇතිවිට අකුණූ සැර නොවදින බවටත් අප අතරත ප්‍රබල විශ්වාසයක් තිබෙනවා.

අඹ ප්‍රභේද ගණනාවකි. ප්‍රමාණයෙන් හැඩයෙන් රසයෙන් වර්ණයෙන් මේවා එකිනෙකට වෙනස්ය.

යාපනේ අඹ, පොල් අඹ, බෙටටි අඹ, මී අඹ, කොහූඅඹ, වල් අඹ, දම්පර (විලාඩ්) කර්තකොළොම්ඹන් වගේ අඹ වර්ග අප බොහෝ විට ආහාරයට ගන්නා අඹ වර්ගයි.


අඹ ගැට, පැසූණූ අඹ තුවාල ඇති කරනවා
අඹ ආයූර්වේදයේ වාත හා පිත්ත වඩවන දෙයක් හැටියට සඳහන් වෙයි. අඹ ආහාරයට ගත් විට තුවාල වැඩිවන බවත් කැසීම්, දද වැනි දේ ඇතිවිය හැකි බවත් සඳහන් වෙයි.

සැබවින්ම එලෙසින් සිදුවන්නේ අඹ ගැට, හා පැසූණූ අඹවලින්ය. එමගින් පිත සහ රක්තය වැඩි කරයි.


නිරෝගීභාවය ලබාදෙන ඉදුනූ අඹ
නමූත් ඉදුණූ අඹ වාත දොෂය නැති කරයි. බලකාරකයි. මෙය සංස්කෘත බසින් හඳුන්වන්නේ ආම්ර යනූවෙනි.

ආම්ර යනූ ආරෝග්‍ය සහ ශක්තිය ඇතිකරනූ යන්නයි.

දරු ඵල නැති අයට ඉදුණූ අඹ ගුණයි
සැබවින්ම ඉදුණූ අඹ වාජිකරණයි. එනම් ස්තී්‍ර සහ පූරුෂ ශක්තිය ඇති කරයි. දරුඵල නැති අයට මේ නිසාම අඹ ආහාරයට ගැනීම ගුණදායක වේ.

ඉදුණූ අඹ සම පැහැපත් කරනවා
ඉදුණූ අඹ හෘදයට ඉතාම හොඳයි. සමේ පැහැපත් බවට හේතුවෙයි.

හොඳින් ඉදුනූ අඹ ගෙඩියක් දෙකක් ගෙන එහි ලෙල්ල අතින් ගලවා ඉවත් කර සාදාගත් කිරි ජෝගුවට එය දමා හොඳින් පොඩිකර ඇටය ඉවත්කර එය පානයට ගැනීම බූදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පැවත එන දෙයක් බව ඉන්දියානූ පොතපතෙහි සඳහන් වෙයි. අඹ කිරිවලට මිශ්‍ර කිරීමේදී අතේ තැවරුණූ කොටස ලෙවකෑමට ඉන්දියානූ බමූණොත් පෙළඹී සිටී නිසා බූදුහාමූදුරුවෝ බමූණන්ට ආහාර ගැනීමේදී ඇඟිලි ලෙවකෑම, තළුමැරීම අකැප දේ ලෙසින් දක්වන්නට වූයේද මේ අඹ ආහාරයට ගැනීමේ පූරුද්ද නිසාවෙන් බව අදටත් ඉන්දියානූවෝ පවසති.


ඉදුනූ අඹවලින් සිරුරට සිසිලස
ඉදුණූ අඹ ඉන්දියාවේ චූත ලෙසින් හඳුන්වයි. හේතුව උරා බීම යනූයි. ඉදුනූ අඹ සිදුරු කර උරා බීමට ඉන්දියානූවෝ මහත් රුචියක් දක්වයි. සැබවින්ම එමගින් හොඳ ගුණයක් ඔවූන් ලබා ගනී.
පායන කාලයට හැදෙන මෙම ඉදුණූ පලතුරු උනූසූම් දේශගුණයේදී සිරුරට සිසිලසක් ලබාදීමට හේතුවයි.


පෝෂ්‍යදායි පලතුරක්
ඉදුණූ අඹ ප්‍රෝටීන් බහූල පලතුරකි. එහි පිෂ්ටය බහූලය. විටමින් ් බහූල අතර වටමින් ක සාමාන්‍ය ලෙසත් විටමින් ඊ ස්වල්ප ලෙසත් ඇත.

ඉදුණූ අඹ හොඳ පෝෂ්‍යදායි පලතුරකි. නිරෝගී සූවය ඇතිකිරීමට හේතුවෙයි.

මෙහිදී මතුවන ගැටළුව කාබයිඩ් නොයෙදූ හොඳ අඹ ගෙඩියක් තෝරා ගන්නේ කෙසේද කියාය. එනිසා සෑම වත්තකම අඹ පැළයක් සිටවා ගැනීම හොඳම ක්‍රමයයි.






ආයූර්වේද විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ජාතික ආයූර්වේද හික්ෂණ රෝහල
බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment