ප්‍රසූත වේදනාව පටන්ගන්නේ කොන්ද පැත්තෙන්



දරුවෙකු බිහිවීමට පෙර, දරුවා බිහිවීමට ආසන්නයේ සිටින බව මවට දෑනගත හැකි විවිධ ලක්ෂණ තිබෙනවා. ඉන් ප්‍රධානම ලක්ෂණය වේදනාව ඇති වීමයි. වෙනත් වේදනාවකින් ප්‍රසූත වේදනාව වෙන්කර හඳුනා ගැනීම පහසූයි. ප්‍රසූතියට පෙර ඇතිවන වේදනාව කොන්ද ප්‍රදේශයෙන් ආරම්භ වී ගර්භාෂයේ පහළ කොටස දක්වා දෙපසින් ගමන් කරනවා. එය එතරම් තදබල වේදනාවක් නොවේ. වැඩි වෙලාවක් පවතින්නෙත් නැහැ. දරුවා බිහිවීම සඳහා ඇතිවන වේදනාව මේ ආකාරයටම ඇතිවූවත් එය නැවත නැවත ඇතිවීමේදී වාර දෙකක් අතර ඇති පරතරය ක්‍රමයෙන් අඩූ වෙනවා. එසේම වේදනාව පවතින කාලය හා ඇති වන වේදනාව වැඩිවෙනවා.

මෙම වේදනාවට අමතරව යෝනි මාර්ගය තුළින් ශ්‍රාවයක් පිටවීමත් දෑකිය හැකියි. මෙම ශ්‍රාවයට ඇතැම් විට රුධිරය මිශ්‍ර වී තිබෙන්නට පූළුවන්. මෙය බියවීමට හේතුවක් නොවේ. මෙම රුධිරය පිටවීමට හේතුව වන්නේ මූලින් පැවසූ ප්‍රසූත වේදනාව ඇති වීමත් සමග ගැබ්ගෙල ප්‍රසාරණය වීමයි. එම ප්‍රසාරණය වීමේදී එහි ඇති රුධිර නාලිකා මගින් රුධිරය පිටවීමක් සිදුවන්නට හැකියි. එසේ පිටවූ රුධිරය යෝනි මාර්ගය ඔස්සේ පිටතට පැමිණෙනවා.


නමූත් එකවර රුධිරය වැඩි ප්‍රමාණයක් පිටතට පැමිණියහොත් එය ප්‍රසූත වේදනාව නිසා සිදුවූවක් බව සිතන්නට එපා. එවැනි තත්ත්වයක් ඇතිවූවහොත් ඉතාම ඉක්මනින් රෝහලට යා යූතුයි.


දෑන් අපි බලමූ මේ වේදනාව ඇති වෙලා කොපමණ වෙලාවක් ඇතුළත රෝහලට යා යූතුද කියලා. ඔබට ලැබෙන්නට සිටින්නේ පළවෙනි බබා නම්, වේදනාව ඇති වී පැය 10 -12 පමණ ගත වී දරුවා බිහිවන්නට පූළුවන්. දෙවැනි අවස්ථාව වන විට එය පැය 5 සිට පැය 2 දක්වා පමණ අඩූවන්නට පූළුවන්. එය නිශ්චිතව කියන්නට බැහැ. මෙතනදී වැදගත්වන්නේ බබා බිහිවීමට ගත වන කාලය නොවේ. ගර්භාෂය සංකෝචනය වන අවස්ථාවේ බබාගේ තත්ත්වය දෑනගැනීමයි. වේදනාව ඇතිවන විට ගර්භාෂයේ සංකෝචනය සිදුවීම මගින් වැදැමහට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයේ තාවකාලික අඩූවීමක් සිදුවන්නට පූළුවන්. බොහෝ බබාලට මේ තත්ත්වය දරාගන්නට පූළුවන්. එහෙත් ඇතැම් බබාලට මෙය ඔරොත්තු නොදෙන්නට පූළුවන්. මේ තත්ත්වය හඳුනාගන්න බැහැ පිටතින් බලලා. එය හඳුනාගැනීමට රෝහලකට ගොස්, වෛද්‍යවරයෙකු පරීක්ෂාකර බැලිය යූතුයි. ඒ නිසා පළමූ දරු ප්‍රසූතියේදී වූවත් "වේදනා ඇතිවූණාට බබා ලැබෙන්න තව වෙලා තියෙනවානේ" කියලා නිවසට වී සිටින්නට එපා. ඒ බබා ලැබෙන්නට වෙලා තිබූණත් ගර්භාෂයේ සිටින බබාගේ තත්ත්වය පරීක්ෂා කර බැලිය යූතු නිසායි. ඇතැම් විට ඉතා ඉක්මනින් දරුවා සිසේරියන් සැත්කමක් මගින් බිහිකරවන්නට සිදුවෙනවා. එසේ නොකර දරුවාට මව්කුස තුළ සිටින්නට ඉඩ හැරීමෙන් විශේෂයෙන් තත්ත්වය යහපත් නොවන අවස්ථාවකදී වෙනත් ආබාධ ඇතිවන්නට පූළුවන්.


දෙවැනි තුන්වැනි දරු ප්‍රසූතින් සඳහා සූදානම් වන මව්වරුන්ද විශේෂයෙන්ම මතක තබා ගත යූතු කාරණයක් තිබෙනවා. මෙවැනි මව්වරුන්ට වේදනාව ඇති වී කොපමණ වෙලා ගත වී දරුවා ලැබේදෑයි කියන්නට බැහැ. ඇතැම් විට ගැබ්ගෙල ඉතාම ඉක්මනින් ප්‍රසාරණය වූවහොත් පැයකින් දෙකකින් වූවත් බබා ලැබෙන්නට පූළුවන්. එවැනි තත්ත්වයන් වූවත් භයානකයි. ඇතැම් විට නිවසේදී. නැතිනම් රෝහලට එන අතරමග වාහනයක් තුළ දී දරුවා ලැබූණොත් මේ පිළිබඳව දන්නා කෙනෙක් නැති කමින් බොහෝ ප්‍රශ්න මතු වෙනවා. ඒ නිසා වේදනාවක් ඇති වූ වහාම රෝහලකට යාමයි අනිවාර්යයෙන්ම කළ යූත්තේ.


මූල් ලිපිවලදී ඔබට මතක ඇති අපි සඳහන් කළා ඔබගේ රුධිර පරීක්ෂණ වාර්තා, සායන කාඩ්පත් ආදී සියලු තොරතුරු ඇතුළත් ලිපි ගොනූවක් තබා ගැනීමේ වැදගත්කම. මෙය මව රෝහල්ගත වන විට අනිවාර්යෙන්ම රැගෙන යා යූතුයි. බොහෝ විට මෙය කලබලකාරී අවස්ථාවක් නිසා, සායන කාඩ්පත් ගෙන යාමට අමතක වෙනවා. ඇතැම් විට මෙම වාර්තා සහිත ලිපි ගොනූව ඇති තැන දන්නේ මව පමණයි. ඒ නිසා රෝහලට ගෙන යා යූතු සායන කාඩ්පත් නිවසේ වෙනත් කෙනෙකුට පෙන්වා ඒවා තබා ඇති තැන ගැන දෑනූවත් කර තැබිය යූතුයි. පහසූවෙන් ගත හැකි තැනක මෙම ලිපි ගොනූව තැබීමද ඉතාම වැදගත්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment