දැවැදි දෙන්නයි නඩත්තු වෙන්නයි-වකුගඩූ විකුණන ගැහැණූ!



දුගී දුප්පත්කම නිසා දෑවැද්දක් දිය නොහැකිව ගෙදරටම කොටූවී සිටින තරුණියන් ලංකාවෙ මෙන්ම ඉන්දියාවේද ඕනෑ තරම් සිටින වග අමූතුවෙන් කිය යූතු නැත. දෑවැද්දක් සඳහා හෝ කෑම බීම ඇතුළු පවූලේ නඩත්තුව සඳහා හෝ ඒ දෙකම සඳහා හෝ වකුගඩූ පවා විකුණන කාන්තාවන් ඉන්දියාවේ සිටින වග කීවොත්, ඔබේ ඇස් උඩ ඉන්දවෙනවාට සැකයක් නැත.!

පැල්පත්, මූඩූක්කුවල දිවිගෙවන ඔවූන්ට චරිතයත්, නම්බූවක් රැක ගනෙ කරන්න වෙන කිසිවක් ඉතිරිව නැති අතර කළ යූතුව ඇත්තේ ඇඟේ ඉන්ද්‍රියන් විකිණීම පමණය. ඉන්දියාවේ සමහර තරුණියන් ්දෑවැදි නොමැතිව දිවි නසා ගන්න පවා පෙළඹෙන වග නොරහසකි.


දකුණූ ඉන්දියාවේ මදුරාසිය ආදී ප්‍රදේශවල කාන්තාවන් ඉන්ද්‍රියන් විකුණන්න පෙළඹී සිටින අතර වැඩිපූරම විකිණෙණ්නේ වකුගඩූය. දෑවැදි සඳහා හෝ නඩත්තුව සඳහා හෝ වකුගඩූ විකුණූ එවැනි කාන්තාවන් කීප දෙනෙකු හැටියට ලක්ෂ්මී, සන්කුතුලා, ලලිඩා, දේවි, විජයා, කල්‍යාණි ආදීන් හඳුන්වා දිය හැකියි.


දුගී දුප්පත්කම කරපින්නා ගත් පවූලක ජීවත්වූ හෙයින් මූලදීම කනකර පවා උගස් තැබූ සන්කුතුලාට ලිඩියා නමැති ඕස්ටේ‍රිලියානූ කාන්තාවකට සිය වකුගඩූවක් විකුණනවා හැර ඊළඟට කරන්න වෙන දෙයක් ඉතිරිව තිබූණේ නැත. මීට වසර පහළොවකට පමණ පෙර වයස 25 දී පමණ ඇය වකුගඩූව වික්කේ පවූම් 377 කට, එනම් රුපියල් තිස් හතළිස් දහසකට පමණය. ඇයගේ සැමියා රික්ෂෝකාරයකු වූ අතර මත්පැනට හූරුපූරුදුව සිටි නිසා ඔහූගේ වකුගඩූ විකිණීය හැකි තත්ත්වයක තිබූණේ නැත.


විවාහ වන වයසේ පසූවන නමූත් දෑවැදි නැතිකම නිසා විවාහය ප්‍රමාද කරමින් සිටි තරුණියන් කීප දෙනෙකුගේද වකුගඩූ විකුණා දෑවැදිවලට මූදල් සොයා ගන්න ඔවූන් පොළඹනන ලද්දේත් සන්කුතුලා විසිනි. දූවරුන්ගේ දෑවැදිවලට මූදල් සොයන්න ඔවූන්ගේ පියවරුන්ට නොහැකි වූයේ දුප්පත්කම නිසාය. මේ අතර, සිය දියණීය වූ ලිලිඩාගේ දෑවැද්ද සඳහා වූව ද මූදල් සොයන්න ඇයගේ වකුගඩූව යම් හෙයකින් විකුණන්න සිදුවනවාටද සන්කුතුලා තුළ අකමැත්තක් තිබූණේ නැත.


"දුවගෙ බඩේ කැළලක් හිටියත් එයාගෙ දෑවැද්ද ඉහළ යනව"යි ඇය කීයේ එහෙයිනි.


ලක්ෂ්මී හා ඇයගේ සැමියා වන රාජ්කුමාරුත් වකුගඩූ විකිණූ අය වෙති.


ඔවූන් දෙදෙනාත් ඔවූන්ගේ පූතුන් තිදෙනාත් දවසකට කෑවේ එකම එක වේලකි. නිදාගත්තේ බිමය. දෙදෙනාගේ ඉන්ද්‍රියන් විකුණා ගත් මූදලින් පසූව ඔහූහූ විල්ලිවක්කම්හි නිවසක් මෙන්ම මෝටර් රික්ෂෝවක්ද මිලදී ගෙන යම්තමට පන ගැඩ ගසා ගත්හ.


වයස 30 ගණනක පසූවූ කල්‍යාණි වකුගඩූවක් විකිණූවේ ක්ෂය රෝගය නිසා ඇයගේ සැමියාට එවැන්නක් කළ නොහැකි වූ හෙයිනි. මෝටර් රික්ෂෝවක් ගැනීම හා ගෙයක් කුලියට ගැනීමද එම මූදලින් කළ දේවල් විය.


සිය සැමියා බර වැඩ කරන්නකු වූ නිසා ඔහූගේ වකුගඩූවක් විකුණනවාට අකමැත්තක් දැක්වූ දේවි නමැතිකාන්තාව ඔවූන්ගේ දරුවන් ලොකුවනතුරු බලා සිටියේ ඇයගේ වකුගඩූවක් විකුණා අතට ගාණක් ගැනීමේ අරමූණෙනි.


පැල්පත් මූඩූක්කු අවට පාරේ වීල්බැරුවකින් පැපොල්, කෙසෙල් වැනි පළතුරු විකුණා කීයක් හරි උපයාගත් විජයාද සැමියාගේ කීම පිට වකුගඩූවක් විකුණූවාය. එහිදී අත්තිකාරම් වශයෙන් ඇයට මූලින්ම පවූල් 10 ක් ලැබූණූ අතර ඉතිරි පවූම් 465 පසූව ලැබූණේ චෙක්පතකිනි. චෙක්පතක් සමග ඇයට කළු - සූදු රුපවාහිනියකින්ද එවා තිබිණි. ලැබූණූ මූදල එතරම් ලොකු මූදල් නොවූ නිසා එය වැඩිකල්ගත වන්න ටකලින් දියවී ගිය හෙයින් අන්තිමේදී ඇය කනස්සල්ලට පත්වූවාය.


මදුරාසියට ඔබ්බෙන් පිහිටි විල්ලිවක්කම්හි පැල්පත් මූඩූක්කුවල ජීවත්වන කාන්තාවන්ගෙන් සීයට 20 කට වැඩි පිරිසක් සිරුරේ මෙම වැදගත් ඉන්ද්‍රිය විකුණා තිබෙන්නේ එක්කෝ දෑවැදි සඳහා මූදල් සොයන්නටය. නැත්නම් පවූල් නඩත්තු කරන්නටය.

වකුගඩූ විකිණූ විට ලැබෙන මූදල වසර ගණනාවක වැටූපට සමාන වන නමූත් එම මූදල දියවී ගිය පසූ අදාළ සැමියන් අදාළ කාන්තාවන් කොන්කර දමන ගතියක් දක්නට තිබීම සිත පාරවන්නකි. එම කාන්තාවන් එලෙස කොන්කර දමනූ ලබන්නේ අදාළ සැත්කම් නිසා කාන්තාවන්ගේ උදර පෙදෙසේ කැළෑල් ඇතිවිම නිසාය.


මූදල් මත පීනන බටහිර ජාතිකයන්ට නම්, විවාහය යනූ කඩයකින් ටොපියක් ගන්නවා වැනි දෙයකි. දික්කසාදවීම් ගැන ඔවූන් එතරම් ගණන් ගන්නේ ද නැත.


හය වතාවක් විවාහ වූ එළිසබැත් ටෙිලර් හය වැනි සැමියාගෙන්ද අන්තිමේදී දුරස්වීම මීට හොඳ උදාහරණයකි. ටෙිලර් වැනි අයගේ මඟුල් උත්සවලට පමණක් කෝටි ගණනින් වැය කිරීමට හැකියාවක් තිබූණත්, තෙවැනි ලෝකයේ තරුණයන් බොහොමයකට මඟුල් කනවා තබා දෑවැදිවලටවත් මූදල් නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment