අමිල ගුණ ඇති දඹල

දඹල ගුණ ආහාරයකි. වෙළෙඳ පොළේ දඹල මිල එතරම් අධික නැහැ. ඒ වගේම දඹලවැලක් වවා ගැනීමද අපහසූ නැත. කිසිම සාත්තුවකින් තොරව දඹල වැලක් වවා ගැනීමේ හැකියාව අප සතුව තිබේ.

ප්‍රෝටීන බහූල දඹල තෙල් දැමීමට පමණක් නොව නොයෙක් ක්‍රමයට පිළියෙල කරගත හැකි අයූරු බලන්න.


දඹල තෙල් දැමීම
අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි දඹල ග්‍රෑම් 200

ලියාගත් ළුෑණූ ග්‍රෑම් 50

පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 50

අමූමිරිස් කරල් 4 (හතරට පලාගත්)

කරපිංචා කිනිත්තක්

රම්පෙ කෑල්ලක්

කුරුඳු පොතු කෑල්ලක්

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

කෑලි මිරිස් මේස හැඳි 1

ලුණූ කුඩූ තේ හැඳි 1

තෙල් මේස හැඳි 2


සාදාගන්නා ක්‍රමය



දඹල නූල් හැර සෝදා දිගට හීනියට කපාගන්න. භාජනයක් ලිප තබා තෙල් එක්කර ළුෑණූ, රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු බැදෙන විට උම්බලකඩ කෑලි මිරිස්, ලුණූ, තක්කාලි සහ දඹල එක්කර මදගින්දරේ මැලවෙන්නට හැර අමූමිරිස් දමා තම්බා ගන්න.


දඹල සූප්

අවශ්‍ය ද්‍රව්‍ය

දඹල ග්‍රෑම් 350

ලීක්ස් සූදු හරියෙන් ග්‍රෑම් 50

සූදු හාල් ග්‍රෑම් 50

මාගරින් මේස හැඳි 2

පිටි කිරි මිලිලීටර් 75

(පිටි හැඳි හතරකින්)

වතුර ලීටර් 3

සාදාගන්නා ක්‍රමය

වතුර ළුෑණූ ග්‍රෑම් 10 ඉවත්කර ඉතිරි ළුෑණූ ටික, ලීක්ස්, අල, සහල් එකට දමා හොඳින් තම්බා ගන්න.

ඉතිරි ළුෑණූ ග්‍රෑම් 10 රන්වන් පැහැයට බැදගන්න. බැදෙන අතර තම්බා පොඩිකර පෙරාගත් මිශ්‍රණය මෙයටම එක්කරන්න.

දඹල ටික උණූන් ගස්සා (උතුරන වතුරේ බහා) ගන්න. එය බ්ලෙන්ඩ් කර ගන්න.

ලිපේ උතුරණ මිශ්‍රණයට දඹල ටික එක් කරන්න. දැන් කිරි ටික සමග ලුණූ එක්කර හොඳින් උතුරවා ගන්න. උණූවෙන් පානයට ගන්න. හරිම රසවත් සූප් එකකි.


දඹල කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

දඹල ග්‍රෑම් 200

පොඩියට කපාගත් ළුෑණූ ග්‍රෑම් 20

පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 20

කපාගත් අමූමිරිස් කරල් 3

ලියාගත් කරපිංචා කිනිති 1

රම්පෙ කෑලි 1

කුරුඳු පොතු කෑල්ලක්

දෙහි යූෂ තේ හැඳි 1

ලුණූ කුඩූ තේ හැඳි 1

කහකුඩූ තේ හැඳි 1/4

කරි කුඩූ මේස හැඳි 1/2

මිටි කිරි අඬූ කෝප්ප 1/2

දියකිරි අඬූ කෝප්ප 1

උළුහාල් ඇට 10

උම්බලකඩ කුඩූ මේස හැඳි 1


සාදාගන්නා ක්‍රමය
දඹල නූල් ඇර අඟල් 1 1/2 කුටිටි කපා ඒවා නැවත දෙකට පලාගන්න. දැන් මිටිකිරි දෙහි හා දඹල හැර අනෙකුත් සියල්ල එකට දමා බාගෙට තැම්බෙන විට මිටිකිරි සහ දඹල දමා උතුරන්නට හැර මදගින්දරේ සිඳුවා ගන්න. ලිපෙන් ඉවතට ගෙන දෙහි යූෂ එක්කර ගන්න.


දඹල මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය 

දඹල ග්‍රෑම් 200

හීනියට කපාගත් රතුළුෑණූ ග්‍රෑම් 30

අමූමිරිස් කරල් 2 (කපාගන්න.)

සූදුළුෑණූ බික් 2

කරපිංචා කිනිත්තක්

රම්පෙ, කුරුඳුපොතු

උම්බලකඩ මේස හැඳි 1/2

දෙහි යූෂ තේ හැඳි 1

ලුණූ කුඩූ තේ හැඳි 1

කහ කුඩූ තේ හැඳි 1/2

ගාගත් පොල් අඬූ කෝප්ප 1

ගම්මිරිස් ඇට 5 පමණ

අබ ඇට තේ හැඳි 1/2

තෙල් මේස හැඳි 1

සාදාගන්නා ක්‍රමය 
දඹල නූල් ඇර ප්‍රථමයෙන් හීනියට කපාගන්න. (දෙකට පලා හීනියට කපාගන්න.)

දඹල සහ දෙහි හැර අනෙකුත් සියල්ල එකට එක්කර හොඳින් කොටා ගන්න.

දැන් තෙල් ටික ලිප තබා අඹ එයට දමන්න. ඒ සමග කපාගත් දඹලවලට කොටාගත් පොල් ටික හොඳින් මිශ්‍රකර අබ ඇට පූපූරන විට මිශ්‍රකර ගත් දඹල ටික දමා හොඳින් මලවා ගන්න. ලිපෙන් ඉවතට ගෙන දෙහි යූෂ එක්කර ගන්න.


දඹල සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය(
දඹල ග්‍රෑම් 200

හීනියට කපාගත් ළුෑණූ ග්‍රෑම් 75

පොඩියට කපාගත් අමූමිරිස් කරල් 3

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2

ලුණූ කුඩූ තේ හැඳි 1

දෙහි යූෂ මේස හැඳි 1


සාදාගන්නා ක්‍රමය
දඹල ටික නූල් ඉවත්කර දිගටියට හීනියට පෙති කපාගන්න. වතුර බැදගත් ලිප තබා එය උතුරන විට මේ දඹල ටික දමා උණූන්ගස්සා ගන්න. (විනාඩියක් වතුරේ තබා පිටතට ගන්න)

දිය ඉවත්කර නිවෙන්නට තබන්න.

රතු ළුෑණූ, අමූමිරිස්, උම්බලකඩ, ගම්මිරිස් කුඩූ, ලුණූ එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.

ලුණූ ඇඹූල් බලා, තම්බාගත් දඹල එක්කර කෑම මේසයට යවන්න.


දඹල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 
ඉතාම ළපටි පූංචිම දඹල කරල්වලින් ග්‍රෑම් 300

විනාකිරි අඬූ කෝප්ප බාගයයි

සීනි මේස හැඳි 1

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2

සෝදා වේලාගත් කොත්තමල්ලි ඇට තේ හැඳි 1

ගම්මිරිස් ඇට 10

කරාබූ නැටි 3

කරඳමූංගු 3

ලුණූ තේ හැඳි 1 1/2


සාදාගන්නා ක්‍රමය ගම්මිරිස් කුඩූ හැර අනෙකුත් සියල්ල එකට දමා ලිප තබා උතුරන්නට හැර සෝදා දෙකොන කපාගත් දඹල උතුරණ මිශ්‍රණයට දමා වරක් උතුරණ විට ලිපෙන් ඉවතට ගෙන ගම්මිරිස් කුඩූ දමා හොඳින් වියළුණ බෝතලයකට දමා මූඩිය තදින් වසා දවස් දෙකකට පසූ ආහාරයට ගන්න




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment