ඔබ කාටහරි බයද? එහෙනම් මෙය කියවන්න



ගෙදර දොරේ මෙන්ම කන්තෝරුවේ කම්හලේ, වැඩපොළේදී කටයූතු කරන කාන්තාවන් බොහොමයක් බොහෝ අවස්ථාවලදී මානසික වශයෙන් වෙහෙසට, පීඩාවට පත්වන වග සැබෑවකි. සමහරුන්ට වැඩ කටයූතු තිත්ත වන්නේ වෙහෙස පීඩාව ඉහවහා ගිය විටය.

කෙනෙකුට මානසික වෙහෙස, පීඩාව ඇති කරන හේතු රාශියක් ඇති අතර බය සංකාද. උපදෙස් ගුරු හරුකම් නොලැබීමද ලිංගික අතවරද, නොරිස්සූම් ගතියද නිවසේ හෝ වැඩ කරන ස්ථානයේ හෝ පරිසරයද, අන්තිම මොහොතේ කෙරෙන ඉල්ලීම්ද කිසිවකෙුගේ අධිකාරිත්වයක් නොමැතිව පැවරෙන වගකීම්ද, කිසිවක් ගණන් නොගන්නා අය සිටීම හා වැඩ කටයූතු රාශියක් ඇති නමූත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීමද එම හේතු අතරින් ප්‍රධානම එවා හැටියට සැලකීමට පූළුවනි.


මානසික වශයෙන් වෙහෙස පීඩාව ඇති කරන එම හේතුවලට මූහූණ දීමට නම් පහත සඳහන් පියරවල් අනූගමනය කළ යූතුයි.


බය සංකාරව

තමන්ට බාරදුන් කටයූත්ත තමන් අතින් හරියාකාරව ඉටූවන්නේ නැතැයි සිතමින් හෝ තමන් සේවය කරන අංශය කුඩා කරනූ ඇතැයි සිතමින් හෝ ඔබ සේවයෙන් ඉවත් කරාවිදෑයි සැක සංකාවක් ඇතිකරගන්න බැරිකමක් නැත. මෙහිදී ඔබ කළ යූත්තේ ඔබට උදව් උපකාර කිරීමට කැමති අය සමග එක් වීමත් වෙනත් අංශවල ඉඩකඩ ඇද්දෑයි සොයා බැලීමත් පූහූණූ පාඨමාලාවක් හැදැරීම ඇතුළු වෙනස්කමක් පිළිබඳව සිත යොමූ කිරීම හා කරන්න පූළුවන් තරම් වැඩ බාර ගැනීමත්ය.


උපදෙස් ගුරුහැරකම් නොලැබීම

ඔබ අලුත් රැකියාවක් ආරම්භ කළ විටක හූරුපූරුද්දක් නැති වැඩ කොටසක් කරන්නට හෝ හූරුපූරුද්දක් නැති උපකරණයක් පාවිච්චි කරන්නට හෝ ඔබට කියන්න බැරිකමක් නැත.


ඒ පිළිබඳව දන්නා කියන කෙනෙකුගෙන් අසා දෑනගෙන එය කිරීම හෝ ඒ ගැන දෑන ගැනීමට සේවා කාලයෙන් බැහැර කාලයකදී අදාළ පාඨමාලාවකට සහභාගි වන වග ප්‍රධානියාට කීම හෝ ඒ ගැන හරියාකාර නොදන්නා නිසා මඟහැරිය වග පිළිගැනීම හෝ මෙහිදී යෙදිය හැකි පිළියම්ය.


ලිංගික අතවර



ඔබට වඩා ජ්‍යෙෂ්ඨ පූද්ගලයෙකු යම් හෙයකින් ඔබට ලිංගික අතවරයක් කළොත් ඒ සම්බන්ධයෙන් කළ යූත්තේ කුමක්දෑයි සමහරවිට ඔබට සිතාගත නොහැකි වන්න පූළුවන්.


ඔහූගේ නොහොබිනා ක්‍රියාව ගැන තමන් ඇසූරු කරන අයට කීමද,වැඩ කරන ස්ථානයේදීම තමන් ඔහූගේ ග්‍රහණයට ගොදුරු වනවා නම් එය වළක්වා ගැනීමට ඔවූන්ගේ සහය පැතීමද ඔහූ කරන්නේ නොහොබිනා ක්‍රියාවකැයි ඔහූගේ මූණටම කීම හෝ හැකියාවන් ඇත්නම් මතු දිනක ප්‍රයෝජනයට ගැනීම සඳහා පිටපතකුත් තබාගෙන කෙළින්ම ඔහූට ඒ ගැන ලියා දෑන්වීමද මෙහිදී ගත හැකි පියරවය.


නොරිස්සූම් ගතිය


ඔබට කරන්න නියමිතව ඇති වැඩ කටයූතු ඔබට තරගකාරීත්වයක් ගෙන නොදෙන අභියෝගාත්මක නොවන ඒවා වන්න සමහරවිට බැරිකමක් නැත.


මෙහිදී කළ යූත්තේ එක්කෝ ඇසූරු කරන මිතුරු මිතුරියන්ට උදව් පදව් වෙන්න තමන්ට හැකියාවක් ඇත්දෑයි ඔවූන්ගෙන් විමසීම හෝ තත්ත්වය දිගටම පවතිනවා නම් , තමන්ට කරන්න තවත් වැඩ නැද්දැයි අංශ ප්‍රධානියාගෙන් විමසීම හෝ එයින්ද ප්‍රතිඵලයක් නොලැබූණොත් රැකියාව ගැන යළි සිතා මතා තමන්ට සූදුසූ වෙනත් රැකියාවක් ගැන විමසිලිමත් වීමය.


නිවසේ හෝ වැඩ කරන ස්ථානයේ හෝ පරිසරය


සමහරවිට ඔබ පදිංචි නිවස හෝ සේවය කරන ස්ථානය හෝ හරියාකාර වාතාශ්‍රයක් නොලැබෙන ඝෝෂාකාරි අඳුරු සහගත තැනක් වන්න බැරිකමක් නැත. එනිසාම ඔබට නිරතුරුවම වාගේ වෙහෙස මහන්සි ගතියක් පීඩාකාරී ගතියක් හැඟෙනවා වන්නත් පූළුවන.


මීට පිළියම් වශයෙන් කළ යූත්තේ ව්‍යායායම ආදියෙහි නිරතවීමත් හොඳට වාතාශ්‍රය හා ආලෝකය ද ලබා ගත හැකි උපක්‍රම ඝෝෂාකාරී තත්ත්වය මඟහරවා ගත හැකි උපක්‍රම ආදිය ගැන කල්පනා කොට සූදුසූ පරිද්නේ ක්‍රියා කිරීමත්ය.


අන්තිම මොහොතේ කෙරෙන ඉල්ලීම්

ඔබ කාල කළමනාකරණය කොට අදාළ කටයූත්ත අදාළ වෙලාවට කරන කෙනෙකු වියහැකි නමූත් ගෙදර වැඩ නිම වූ පසූ හෝ සේවා ස්ථානයේ වැඩ නිමවා ආපසූ ගෙදර යන්න සූදානම් වන විටම හෝ තවත් වැඩක් පැවරෙන අවස්ථාද තිබෙන්න පූළුවන්.


මේවන විට තමන් කර ඇති වැඩ ගැන හා තමන් කළ යූතු දේ අදාළ වෙලාව වන විට ඉටූ කරන කෙනෙකු වන වගද ඔබේ සැමියාට හෝ ප්‍රධානියාට දන්වා සිටීමත්, බාර දුන් කටයූත්ත හනිහනිකව ඉටූ කළ යූත්තක්ද? එසේ නැත්නම් එය පසූ දින කළ හැක්කක්දෑයි ඔහූගෙන් විමසීමක් මීට පිළියමය.


කිසිවෙකුගේ අධිකාරිත්වයක් නොමැති වගකීම්



සැමියාගේ හෝ ප්‍රධානියෙකුගේ හෝ සොයා බැලීමකින් තොරව වැඩක් කරන්න සිදුවන විට කනස්සලු ස්වභාවයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.


මෙහිදී කළ යූත්තේ පැවරූ කාර්යය සහමූලින්නම වාගේ ඉටූ කිරීමට තමන්ට හැකියාවක් ඇතත් එය ප්‍රමිතියකට අනූව කළ යූත්තක් නම් ඒ සඳහා උපකාර හා අධිකාරිත්වයක්ද අවශ්‍ය වන වග සැමියාට හෝ ප්‍රධානියාට හෝ දන්වා සිටීමය.


කිසිවක් ගණන් නොගන්නා අය සිටීම


කියන කිසිවක් හරියාකාර ගණන් නොගන්නා අය නිවෙස්වල මෙන්ම සේවා ස්ථානවලද සිටින වග සැබෑවකි.


එවැන්නවූන් නිසා ඇතිවන පීඩාවට පිළියමක් වශයෙන් කළ යූත්තේ කියයූත්ත කුමක්දෑයි කල්තබා හොඳාකාර කල්පනා කොට අදාළ කෙනාගේ මූණටම එය කීමය. ළමයින්ට නම් එවැන්නක් කිය යූත්තේ ගුරුහරුකමක් දෙන අයූරිනි. හැමමොහොකත හැම කෙනෙකුම සතුටූ කරන්න නොහැකි වන වග මෙහිදී මතක තබා ගත යූත්තකි.


වැඩ කටයූතු රාශියක් තිබියදී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීම


ගෘහණියන් හා සේවිකාවන් බොහොමයකට බොහෝ අවස්ථාවලදී කිරීමට කාර්යයන් රොත්තක් ගොඩ ගැසෙන වග අමූතුවෙන් කිය යූතු නැත. මේ අතරවාරයේ දුරකතනය දිගින් දිගටම නාද වන්නටත් තමන් හමූවීමට අමූත්තකු පැමිණෙන්නටත් බැරිකමක් නැත.


මීට පිළියම් වශයෙන් කළ හැක්කේ ඒ ඒ කාර්යන්හි වැදගත්කම අනූව ප්‍රමූඛතා ලැයිස්තුවක් සකසා ගෙන ඒ අනූව කටයූතු කිරීමත් දවසේ වැඩ කටයූතු වලට කල්තබාම සූදානම් වීමත් තමන්ට අයිති නැති වැඩ කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටීමනේ වළකින්න වෙහෙස දෑරීමත් හා කළ යූතු දේ කරනව විනා හෙටට අනිද්දාට කල්තබන්න වෑයම් නොදෑරීමත්ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment