මවූ සෙනෙහස අහිමි දරුවෝ මේ ලෝකේ කොච්චර ඉන්නවද?

අම්මා කෙනෙක් තරම් දරු දුක හඳුනන මේ ලෝකේ තවත් කෙනකේ නැහැ. තාත්තලා දරුවන්ට ආදරෙ නැහැ කියල ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. තාත්තලා දරුවන්ට ආදරෙයි අම්මලා තරම්ම. ඒත් ඒ දරු සෙනෙහස පෙන්වන්න තාත්තා කෙනෙකුට විශේෂ ක්‍රමයක් නැහැ. ඒ ස්වභාව ධර්මයේ හැටි.

මවූ සෙනෙහස අහිමි දරුවෝ මේ ලෝකේ කොච්චර ඉන්නවද? ඒ හූඟ දෙනෙකුට අම්මගේ සෙනෙහස රැකවරණය දෙන්නේ තාත්තලා.

ඉනෝකාටත් එහෙමයි. ඉනෝකාගේ අම්මා මියගියේ ඇයි පූංචි පූංචිම කාලයේ. අම්මගේ ආදරය රැකවරණය නැතත් ඉනෝකාගේ තාත්තා ඇයට අම්මගේ අඩූව දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ. පූංචි ඉනෝකා දවසින් දවස පූංචි පැළයක් වගේ ලොකු වූණා. තාත්තට තිබ්බ ආර්ථික අමාරුකම් හින්දා ඉනෝකාට දිගින් දිගටම අධ්‍යාපන කටයූතුවල යෙදෙන්න අවස්ථාවක් ලැබූණේ නැහැ.

ඒත් ඉනෝකා අනාගතය පිළිබඳව හිතින් සැළසූම් කළා. තාත්තත් එක්ක කතා කර ගෙන පාර අද්දර තමන්ගේ පැල්පතට මායිම්ව පූංචි තේ කඩයක් පටන් ගත්තේ අනාගතයට පූංචි අඩිතාලමක් දමාගන්න.

කොයි කා සමගත් සූහදව කතා බහ කරමින් දිනාගැනීමට ඉනෝකාට අපූර්ව හැකියාවක් තිබ්බා. අනේ අම්මා නැතිවූණත් ගුණ යහපත් කෙල්ල ගමේ මිනිස්සූ ඉනෝකාට ආදරය කළේ එහෙම කියල. ඉනෝකාගේ පූංචි හෝටලය දවසින් දවස දියූණූ වෙන්න වැඩි දවසක් ගතවූණේ නැහැ.


ඔය අතරේ ඉනෝකාගේ ගමට අලව්ව ප්‍රදේශයේ තරුණියන් පිරිසක් වැඩට ආවා. ගොඩනැගිල්ලේ කටයූතුවලට පැමිණි මොවූනූූත් කෑවේ බීවේ ද ඉනෝකාගේ පූංචි හෝටලයෙනි.

තරුණයන් අතර සිටි කිහිප දෙනෙක්ට ඉනෝකාට ඉඟි බිඟි පෑවේය. ඔවූන් අතරින් ඇගේ සිත ගත්තේ චමින්දය.

චමින්ද විවාහක එක් දරු පියෙකි. ඔහූගේ බිරිඳ රට රැකියාවකට ගොස්ය. එහෙත් චමින්ද නිරන්තරයෙන්ම හැසූරුණේ තමා අවිවාහකයකු බව අන් අයට වැටහෙන ආකාරයටය.

චමින්දගේ බිරිඳ මැදපෙරදිග ගොසින්ය. ඔවූන්ගේ දරුවා බලා කියා ගත්තේ දරුවාගේ කිරිඅම්මාය.

චමින්ද ඇතුළු පිරිස නවාතැන් ගෙන සිටියේ ඉනෝකාගේ පූංචි හෝටලය අද්දර වූ නිවසකය. තේ කෝප්පයක් බොන්නට සිගරැටිටූවක් දල්වා ගන්නට පවා පැමිණියේ ඉනෝකාගේ පූංචි හෝටලය වෙතය.

සිය මිතුරන්ට වඩා ඉනෝකා තමන්ට විශේෂ සැළකිල්ලක් දක්වන බව වටහාගත් චමින්ද, තමන්ගේ අදහස ඉනෝකාට දැන්වූයේය. වැඩි කලක් ගත වෙන්නට පෙර ඉනෝකා සිය කැමත්ත පළකළාය. ඉනෝකාගේ හිත දිනාගත්ත චමින්ද නිතර නිතර ඉනෝකා බලන්නට පැමිණි අතර තමා විවාහකයකු බව කිසි විටකත් හෙළි නොකිරීමට ඔහූ වගබලා ගත්තේය.


චමින්දත් සිය දියණියත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බව ඉනෝකාගේ පියාට දැනගන්නට වැඩි දවසක් ගත නොවිණි. එහෙත් ඔවූන්ට ඔහූ හරස් කැපූවේ නැත. ඒ මවත් අහිමිව තම සෙවනේ සිටින දියණියගේ හිත රිදවන්නට ඔහූගේ සිත තුළ රිසියක් නොවූ නිසාය.

මේ අතර චමින්ද ඉනෝකාට විවාහ පොරොන්දුවක් දුන්නේය.

ඒ පොරොන්දුවත් සමග ඉනෝකා චමින්ද කෙරෙහි වඩ වඩාත් බැඳුණූූ අතර තරුණියක ලෙස තමා සතුව තිබූ පවිත්‍රතාවයද ඇය චමින්ද වෙත පිදුවාය.

මේ අතර චමින්ද ඇතුළු පිරිස භාරගෙන තිබූණ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයූතු අවසන් විය. චමින්ද ඉනෝකාගෙනූත් ඇගේ පියාගෙනූත් සමූගත්තේ ඉනෝකාගෙත් තමාගේත් විවාහය පිළිබඳව කතා කරගන්නට මවූපියන්ද ළඟදීම කැටිව එන බවටද පොරොන්දුදීය.


දින සති බවට පත්වී ගෙවී යමින් තිබිණ. චමින්ද දෙමාපියන් සමග පැමිණීම පිළිබඳව තබා ඔහූගේ කිසිදු හෝඩූවාවක්වත් ඉනෝකාට දැනගන්නට නොලැබිණි. ඒ අතර ඉනෝකාගේ කුස තුළ තවත් යමක් සිදුවෙමින් පවතින බව ඇයට වැටහිණ. ඉන් මහත් කළබලයට පත් ඇය සිය අසල්වැසි ඥාතියකු මගින් ඒ බව පියාට දැන්වූවාය.

මවගේ ආදරය රැකවරණය නැතිව වූව ද දියණිය රැකබලාගත් පියාගේ දෑසට කඳුළක් නැඟිණි. ඔහූ සිය දියණියත් කැටිව චමින්ද සොයා අලව්වට ගියේය. එහෙත් පහසූවෙන් චමින්ද පිළිබඳව තොරතුරක් සොයාගත නොහැකි විණ.

උත්සහය අත් නොහල පියාත් දියණියත් අලව්ව පූරා ඇවිද චමින්දගේ තොරතුරු සොයාගෙන ඔහූගේ ගෙදරට ගොඩවිය. එහිදී ඔවූන්ට දැනගැනීමට හැකිවූයේ චමින්ද විවාහක එක් දරු පියෙකු බවය. එය දැනගත්විට ඉනෝකාට ක්ලාන්තය සෑදී චමින්දගේ නිවස තුළම ඇද වැටිණි. එහෙත් එහිදී චමින්ද හැසිරුණේ ඒ කිසිවක් නොදන්නා ගානටය.

අසරණ වූ පියා දියණියද කැටිව යළි අලව්ව පොලිසියට ගොස් තමන්ට වූ අසාධාරණය පිළිබඳව පැමිණිලි කළේය.

පොලිසිය චමින්දගේ තොරතුරු සොයාගෙන ගොස් දෙපාර්ශ්වයම පොලිසියට කැඳෙව්වේය. ඒ වනවිටත් ඉනෝකා දෙමාසයක ගැබිණියකි. පොලිසි ගියාට කමක් නැහැ. මට ඔයාව භාරගන්න විදියක් නැහැ... චමින්ද ඇතැම්විට ඉනෝකාට කියන්නට ඇත.

ඉනෝකාගේ පැමිණිල්ල විභාගය සඳහා දෙපාර්ශ්වයම අලව්ව පොලිසියට පැමිණයහ. එහෙත් චමින්ද දකිද්දී ඉනෝකාගේ හිත හඬා වැටෙන්නට ඇත. කවදාවත් ඔහූ ලබාගන්නට නොහැකි බවද ඇයට වැටහෙන්නට ඇත. පියෙකු නැති දරුවෙකු මෙලොවට බිහි කරනවාට වඩා තමන් දිවිනසා ගැනීම යහපත් යැයි ඇතැම් විට ඉනෝකා සිතන්නටද ඇත. ඇය පොලිසිය ඉදිරිපිටදී එතෙක් ගමන් බෑගයේ රඳවාගනෙ සිටි වස කුප්පිය කටෙි හලාගත්තාය. ඉනෝකා අලව්ව දිසා රෝහලට ඇතුළත් කළ ද ඇගේ කුස තුළ වැඩෙමින් සිටි දරුවා මියගියාය. ඉනෝකා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් අලව්ව දිසා රෝහලෙන් කුරුණෑගල ශිකෂණ රෝහලට මාරුකර යැවිණි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment