දන්නා දේ ගැන නොදන්නා දේ-

දුම්පානය කරන්නෝ ඉක්මනින් අන්ධ වෙති 

බොහෝ දෙනා දන්නේ දුම්පානය නිසා පෙනහළු පිළිකා, පෙනහළු ආසාදන, හෘද රෝග මෙන්ම ආඝාතය හෙවත් අංශභාගය වැනි මාරාන්තික රෝග වැළඳෙන බවයි.

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සරසවියේ පර්යේෂකයෙකු වන රිචර්ඩ් එඩ්වඩ් විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් තිබෙන්නේ දුම්පානය කරන්නන් සාමාන්‍ය පූද්ගලයන්ට වඩා ඉක්මනින් අන්ධ බවට ලක් වන බවයි. දුම්පානය නිසා වයසට යාමත් සමග ඇසේ දෘෂ්ටි විතානය ආශ්‍රිත ක්‍රියාකාරීත්වය අඩූ වන බවත් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බවත් පෙනී ගොස් තිබෙනවා. වාර්තාවී තිබෙන අන්දමට දෘෂ්ට විතානයේ ක්‍රියාකාරීත්වය අඩූ වූ රෝගීන් 54000 ක ගෙන් 18000 කගේ පෙනීම අඩූවී තිබෙන්නේ දුම්පානය නිසා බව හෙළි වී ඇත. මේ වනතෙක් සාර්ථක පිළියමක් මෙම රෝගී තත්ත්වයට සොයාගෙන නොමැත. එසේනම් කළ යූතු එකම දේ දුම්පානයෙන් වැළකී සිටීමයි.


නිරෝගි පිරිමින් වෙතට ගැබිණි සිත් ඇදෙනවාලු
රෝගී මූහූණක් දෑකීිමට වඩා නිරෝගි මූහූණක් දෑකීම කාගෙත් සිත් පහන් කිරීමට හේතුවක්. ඇබර්ඩින් සරසවියේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් කාන්තාවන් නිරෝගි මූහූණූ තිබෙන පිරිමින් අසල ගැවසීමට වඩාත් ප්‍රිය කරන බව සොයාගෙන ඇත. බවයි. පර්යේෂකයන් පවසන්නේ මෙය ආරක්ෂාවීම සඳහා කිසියම් ක්‍රමයක් අනූගමනය කරන බවයි.


සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ සිරුරේ ප්‍රොජෙස්ට රොන් හෝමෝනය වැඩිවූ විට ඔවූන්ගේ සිත් නිරෝගි පිරිමින් කෙරෙහි ඇදී යාම ස්වභාවික දෙයක්. මේ පර්යේෂණය සඳහා යොදා ගන්නේ පරිගණක මගින් නිර්මාණය කළ මූහූණකි. පර්යේෂකයන් පවසන්නේ ගැබිණි කාලයේදී සිදුවන මෙම වෙනස්වීම ගැබිණි කාලයේදී ඇතිවන ලෙඩ රෝග වළක්වා ගැනීමට ශරීරය තුළින්ම එන උපක්‍රමයක් බවයි.


පිළිකා අවදානම අඩූ කර ගන්න වැඩිපූර කැරටි කන්න
රසයෙන් හා ගුණයෙන් මෙන්ම පියකරු වර්ණයෙන් පිරිපූන් කැරටි ලොවේ කොයි කා අතරත් ජනප්‍රිය ආහාරයකි. නිව්කාසල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් කැරටිවල අඩංගු පැල්කැරිනොල් නම් රසායනික ද්‍රව්‍ය පිළිකා වැළඳීමේ අවදානම අඩූ කරන බව පෙනී ගොස් තිබෙනවා. මේ බව හෙළි වූයේ පිළිකා ගැටිති හෙවත් ටියූමර් හටගත් මීයන් 24 දෙනෙකු යොදවා කළ පර්යේෂණයකිනි. මෙම පර්යේෂකයන් මෙම මීයන්ගෙන් කොටසකට උන්ගේ කෑම වේලට අමූ කැරටි ලබා දුන් අතර අනෙක් මීයන්ට ලබාදුන්නේ සාමාන්‍ය කෑම වේලක් පමණි. සති 18 ක් ගෙවූණූ පසූ කැරටි ආහාරයට ගත් මීයන්ගේ සිරුරේ තිබූණූ පිළිකා ගැටිති පිළිකා බවට පත්වීමට තිබූණූ අවදානම අඩූ වී තිබූණූ අතර සාමාන්‍ය ආහාර ගත් මීයන්ගේ එම තත්ත්වය එනම් පිළිකා තත්ත්වය වැඩි වී තිබූණි. මේ පර්යේෂණය කළ ආචාර්ය ක්‍රිස්ටින් බැන්ඩිටි පවසන්නේ කැරටි මගින් පිළිකා සෑදීමේ අවදානම අඩූ කළ හැකි බව කලින් දෑනගෙන සිටියත් ඊට හේතුවන රසායන ද්‍රව්‍ය සොයාගත් මූල් අවස්ථාව මෙය බවයි. අඩූ කැරටි වලට මෙම හැකියාව තිබූණත් තම්බපූ කැරටිවලට මෙහැකියාව තිබේදෑයි සෙවීමට දෑන් ක්‍රිස්ටින් පර්යේෂණ පවත්වමින් සිටියි.


එහෙත් ආචාර්ය ක්‍රිස්ටින් පවසන්නේ දෛනිකව ගන්නා  එළවළු සමග කුඩා කැරටි අලයක් හෝ අමූවෙන් ගැනීම පිළිකා අවදානම අවම කළ හැකි බවයි. කැරටි පමණක් නොවෙයි තම්බපූ එළවළු දිනපතා ගැනීම පිළිකා අවදානම අවම කිරීමට හේතුවන බව ද ඔහූ තවදුරටත් පවසයි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment