කටෙි සහ දිවේ විෂ බිබිලි මතුවෙනවාද?

මූඛයේ සහ දිවේ විෂ බිබිලි මතුවීම වගේම තොල් පැලීම වැනි ගැටලු ඇතැම් අයට ඇතිවෙනවා. ඒ වගේම මෙවැනි තත්ත්වයන් දැඩි වේදනාවක් සහ අපහසූවක් ඇති කරවනවා. එවැනි අවස්ථාවලට සූදුසූ ප්‍රතිකාර වගේම ඇතැම් ආහාර මගින්ද රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම පූළුවන්කම තිබෙනවා.

කොහිල අල සහ කොල ආහාරයට ගැනීම
අළුකෙසෙල් බඩ උයා ආහාරයට ගැනීම
ගස්ලබූ උයා ආහාරයට ගැනීම.
ගස් ලබූ තම්බා පොල් සමග ආහාරයට ගැනීම
දියබත් නිතර නිතර ආහාරයට ගැනීම
හූලංකීරිය අල තම්බා කෑම
නෙළුම් අල තම්බා කෑම
කතුරුමූරුංගා කොළ කිරට උයා ආහාරයට ගැනීම.


මෙවැනි ආහාර නිතර ගැනීම ඉතාම සූදුසූය. ඒවගේම තණ හාල් කැඳ, හූලංකිරීය කැඳ සහ කිතුල්පිටි කැඳ සාදා බීමද ඉතාම ගුණදායකය.
මෙවැනි රෝගී තත්ත්වයකට කට සේදීම සඳහා පිල මූල්, පූවක් මූල්, සමන් පිච්ච කොළ සම ප්‍රමාණයෙන් ගෙන තම්බා එම වතුර ගැනීමට පූළුවන.
ඒ වගේම මූගුණ පොතු, තැඹිලි පොල් මල් (ලපටි) ගෙන තම්බා කට සේදීමෙන් ද සූවයක් ලබාගැනීමට හැකිය.
මෙම තත්ත්වය ඇති අවස්ථාවලදී කසාය වර්ග ගැනීමෙන්ද සහනයක් ලැබේ.


තැඹිලි පොල් මල් (ලපටි)
හාතාවරිය අල
රසකිඳ
කොත්තමල්ලි යන ද්‍රව්‍යයන් කලං තුන බැගින් ගෙන වතුර පත 8ඃ1 ට සිඳ උදේට සහ රාත්‍රියට පත 1�2 බැගින් මී පැණි දමා බොන්න.

රසකිඳ
අළු කෙසෙල් අල
උක් දඬූ කලං හතර බැගින් ගෙන වතුර පත හතරක් සහ තැඹිලි වතුර පත හතරක් ද දමා පත එකට සිඳුවා උදේ, රාත්‍රී පත 1�2 බැගින් බොන්න.
එසේම කොත්තමල්ලි මිටක් ගෙන සිහින්ව කොටා ලොකු ඇල්වතුර වීදුරුවකට දමා තබා (රාත්‍රියේදී) උදේට එම කොත්තමල්ලි පෙරා පිටි ඃ සීනි හැඳි එක බැගින් දමා උදේ හිස් බඩට බොන්න. මූඛයේ සහ දිවේ ඇතිවන බිබිලි, පැලීම්වලට පමණක්ම නොව බඩේ දාහය සූවවීමටද මෙය ඉතා සූදුසූය.
මූඛයේ බිබිලි ඇති අවස්ථාවලදී එම බිබිලිවල මී පැණි, බටර්, මාගරින්, ගිතෙල් සහ තල තෙල්වැනි ද්‍රව්‍යයක් ආලේප කිරීමටද පූළුවන.






ආයූර්වේද වෛද්‍යචාර්ය
ජී. ඒ. ජී. නානායක්කාර
(ශ්‍රී ලංකා රසායනාගාරය ඃ ගල්කිස්ස)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment