කාන්තාවන් බොහෝ දෙනෙක් ලස්සන වරලසකට ආශා කරනවා. වරලස කියන්නේ පංච කල්යානයෙන් එක් කළ්‍යානයක්. දෑන්නම් කාන්තාවන් විතරක් නෙවෙයි බොහෝ පිරිමින් මේ දෙයට ආශා කරනවා. ඉතින් ඔබ ආසාවෙන් කැමැත්තෙන් වවන ඔබේ වරලස සමහර අස්ථාවලදී ඔබටම එපාවීමට පූළුවන්. හිසකෙස් ගැලවීම. හිසකෙස් අකලට පැසීම නිසා ඔබේ වරලස ඔබටම එපාවීමට පූළුවන්. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ හිසකෙස් අකලට පැසීම පිළිබඳවයි.
සාමාන්‍යයෙන් වයසට යන විට කාගෙත් හිසකෙස් සූදුවීම සාමාන්‍ය දෙයක්. නමූත් දෑන් අවූරුදු 15ඃ 20 අතර ළමයින්ගෙන් මේ හිසකෙස් පැසීම දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම වයස අවූරුදු 20 ඃ 30 ත් අතර පිරිස ගත්තහම බොහෝ දෙනෙක්ගේ හිසකෙස් අකලට පැසීම දක්නට ලැබෙනවා. හිසකෙස් අකලට පැසෙනවා නම් එය රෝගයක්.
පීනස් රෝග, රක්ත දෝෂ, මන්දපෝෂණය, (නිසි පෝෂ්‍ය කොටස් නොමැතිකම), රාත්‍රි කාලයේ නෑම, අධික ලෙස නිදි මැරම යන හේතු සාධක මත අකලට හිසකෙස් පැසීම කියන රෝගාබාධයට ඔබ ගොදුරු වෙනවා. විභාගයන් සඳහා නිතර රාත්‍රි කාලයේ පූරුද්දක් වශයෙන් පාඩම් කරන පිරිසගේ මෙම තත්ත්වය සූළභව දකින්නට ලැබෙනවා. නිතර කල්පනා කරන නොයෙක් ප්‍රශ්න ගැන අනවශ්‍ය ලෙස කල්පනා කරන සමහරුන්ගේද හිසකෙස් සූදු පැහැ වීම සිදුවෙනවා.
දිනපතා ඔබ ගන්නා සෑම ප්‍රධාන ආහාර වේලකදීම පිරිසිදු පලා වර්ග එක්කර ගැනීම ඉතා වැදගත්. එසේම ආහාර ගැනිමේදී විටමින් හා ඛණිජ ලවණ අඩංගු ආහාර හැකිතාක් ඔබේ ආහාරවේලට එකතු කර ගන්න. සෑම විටම නිසි පෝෂණයෙන් පිරිපූන් ආහාරවේලක් ලබා ගන්න. රාත්‍රි කාලයේ නෑම අවම කරගන්න. නිරෝගි පූද්ගලයෙකුට වූවත් රාත්‍රි කාලයේ නෑම අගුණයි. ඔබ පූරුද්දක් වශයෙන් උදය කාලයේ ස්නානය කරනවා නම් එය සෞඛ්‍යයට වඩාත් හිතකරයි. අධික ලෙස නිදිමැරම, අධික ලෙස කල්පනා කිරම අඩූ කරන්න.
අකලට හිසකෙස් පැසීමට යෝග්‍ය තෙල් විශේෂයක් තමයි කේෂවර්ධන තෛලය. මෙය සැකසීමට ගන්නා ද්‍රව්‍ය.
තල තෙල් බෝතල් 1
කීකිරිදිය බෝතල් 1
අමූ නෙල්ලි බෝතල් 1
සූදු හඳුන්කුඩූ ග්රැම් 50
කළුදුරු ග්රැම් 25
මෙම ද්‍රව්‍ය සියල්ල එක්කර තෙල් හිඳ හිසේ ගල්වන්න. මෙය අපහසූ නම් නිසි ප්‍රමිතියෙන් යූතුව සකසන ලද කේෂවර්ධන තෛලපය වෙළෙඳපොළෙන් ලබා ගන්න.
ගොටූකොළ ඉස්ම අඬූකෝප්ප භාගයක් එළකිරි අඬූකෝප්ප භාගයකට දමා දිනපතා උදේට පානය කරන්න.
අමූ නෙල්ලි ඇට ඉවත් කර වීදුරුවකට දමා ජලය දමා රාත්‍රි කාලයේදී වසා තබන්න. උදේට මෙය පෙරා හිස්බඩ පානය කරන්න.
මෙය හිසකෙස් පැසීම වැළැක්වීම ප්‍රතිකාරයක් සේම දියවැඩියා රෝගයට ප්‍රතිකාරයකි.
ගොටූකොළ, මූකුනූවැන්න, රනවරා, තනිව හෝ මිශ්‍ර කර කොළ කැඳ සාදා උදේ කාලයේ පානය කරන්න.
පාරම්පරික වෛද්‍ය එච්. ඒ. සිිරිල් අල්විස්
නිවන්තිඩිය ඃ බෝකුන්දර
0 comments :
Post a Comment