බඩේ තුවාල සූවකරන බණ්ඩක්කා

බණ්ඩක්කා අපේ රටෙි නැත්නම් ලංකාවේ ගමේ ගොඩෙන් නගරයේත් හොඳ ජනප්‍රිය කෑමක්. ඒත් බණ්ඩක්කා කියන්නේ ලෝකයම දන්න ගුණදායක ඖෂධීය ආහාරයක්. මේ පිළිබඳව පසූගිය දිනක ජර්මනියේ ඩෙස්ල්ඩොෆ් සරසවියේ පර්යේෂණ විද්‍යාඥයකු වන ඇන්ඩ්‍රියාස් හෙක්සල් සිදුකරනූ ලැබූ පර්යේෂණයකින් පෙනී ගියේ ආමාශයේ ඇතිවන වන සූව කිරීමට බණ්ඩක්කාවලට හැකියාවක් තිබෙන බවයි.

සාමාන්‍යයෙන් ආමාශයික වන ඇති කරන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි (helicobacter pylori)කියන බැක්ටීරියාවයි.


මේ බැක්ටීරියාව ආමාශ බිත්තියට තිබෙන බැඳීම වලක්වන්න අමූ බණ්ඩක්කාවල තිබෙන සාරයට හැකියාව තිබෙන බව. මේ පරීකෂණවලින් හෙළිවූණා. මෙහිදී සිදුවන්නේ අමූ බණ්ඩක්කාවල අඩංගු සංකීර්ණ සීනි සහ ප්‍රෝටීන වර්ග, මේ බැක්ටීරියාවේ ක්‍රියාවලිය අඩපණ කිරීමයි. තවදුරටත් කළ පර්යේෂණවලින් පෙනී ගියේ බණ්ඩක්කා සාරය යෝගටි වැනි ආහාරවලට එකතු කිරීමෙන් බැක්ටීරියා ආසාදන වළක්වා ගතහැකි බවයි. කෙසේ වෙත්ත දේශීය වෛද්‍ය විද්‍යාවට අනූව බණ්ඩක්කා ආමාශ රෝග වළක්වන බව සොයා ගන්නේ අදින් වසර දහස් ගණනකට පෙරයි.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment