ගෝනූස්සෙක් කෑවොත්

ගෝනූස්සා බොහෝ අවස්ථාවල ගෙවත්ත තුළ දක්නට ලැබෙන සත්ත්වයෙක්. ඒ වගේම ගෝනූස්සන් කෑ අවස්ථාද අපට බොහෝ විට අසන්නට ලැබෙනවා. නමූත් එවැනි අවස්ථාවකදී නිවසේදී කළ හැකි ප්‍රතිකාර පිළිබඳව ඇතැම් අය දන්නේ නැහැ. ඒ නිසා අද අත් බෙහෙත් තුළින් එම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනවා.


දෂ්ඨ මූඛයට ආලේප කිරම සඳහා
කුප්පමේනියා කොළ දෙහි යූෂවලින් අඹරා දෂ්ඨ මූඛයේ ගාන්න.

 පෙරුම්කායම් දිය කර දෂ්ඨ කළ ස්ථානයේ ආලේප කරන්න.

අත්තන කොළ, සකිනාරං කොළ සමග අඹරා ගෑමද සූදුසූය.

දුම්මල කුඩූ ගිතෙලින් අඹරා ගාන්න.

අරළු, වසාවාසි, උක් හකුරු සමග අඹරා දෂ්ඨ කළ ස්ථානයේ ගාන්න.

අමූ කහ සිහින්ව අඹරා එම ස්ථානයේ හොඳින් ආලේප කරන්න.

දෙහි ඇට, රතු ළුෑනූ, දෙහි ඇඹූලින් අඹරා ගාන්න.

රසකිඳ කොළ, රතුළුෑනූ සමග අඹරා ගෑමද ඉතා සූදුසූය.


ගෝනූස්සෙක් කෑ අවස්ථාවකදී කළ හැකි විවිධ කෙම් ක්‍රමයන්ද තිබෙනවා. එවැනි කෙම් ක්‍රම අවශ්‍ය නම් ඔබට කළ හැකියි.


රත් කරල් හැබ මූල් විකා දෂ්ඨ මූඛයට පිඹින්න. ඒ වගේම දෂ්ඨ කළ ස්ථානය හොඳින් පිරිමදින්න.

කපූ කොළ කොටා යූෂ දෂ්ඨ මූඛයේ ආලේප කිරමද ප්‍රසිද්ධ කෙම් ක්‍රමයකි.


තෝර කොළ, ගොටූ කොළ හොඳින් කොටා යූෂ ගෙන ලුණූ ස්වල්පයක් දමා කකාරා දෂ්ඨ කළ ස්ථානයේ ගාන්න.


ගෝනූස්සෙක් දෂ්ඨ කළ අවස්ථාවක මෙවැනි ප්‍රතිකාර සහ කෙම් ක්‍රමයන්ද ඔබට නිවසේදීම කළ හැකියි.


ආයූර්වේද වෛද්‍යචාර්ය
ජී. ඒ. ජී. නානායක්කාර
(ශ්‍රී ලංකා රසායනාගාරය - ගල්කිස්ස)





සර්පයෙක් දෂ්ට කළොත් ප්‍රතිකාර කරන්න යනවිට සර්පයාත් ගෙනියන්න ඕනෑද?


සාමාන්‍යයෙන් අපේ මහජනතාවගේ අදහසක් තියෙනවා. සර්පයෙක් දෂ්ඨ කළවිට ප්‍රතිකාර කරන්න ගෙන යනවිට සර්පයා පණ පිටින් හෝ මරා රෝහලට ගෙන යා යූතුයි කියා.

එය ප්‍රතිකාරයට පහසූයයි සිතනවා. මැරුණූ සර්පයා සිටිනවා නම් රෝගියා රෝහලට ගෙන යනවිට එය බෝතලයකට දමා ගෙනාවට වරදක් නැහැ. එය ප්‍රතිකාර සඳහාත් දෂ්ඨ කළේ කුමන සර්පයාද හඳුනා ගැනීමට පහසූ වෙනවා. නමූත් සර්පයා රැගෙන පැමිණියේ නැහැ කියා ප්‍රතිකාර කිරමට අපහසූවක් සිදුනොවේ.


නැතිනම් රෝහලට සර්පයා ගෙන එන්නට අවශ්‍යමයි සිතා සර්පයා මරන්නට උත්සහ කිරමෙන් ඔබට නැති කරදර වලට මූහූණ දෙන්නටත් සිදුවේවි.

අවශ්‍ය වන්නේ දශ්ඨ කළ ස්ථානය නොසොල්වා හැකි විගස රෝහල කරා රෝගියා ගෙන ඒමයි


වෛද්‍ය නිලන්ත රණසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment