පිපිකද්කදා ඇස්වලට හොඳයි

දෙනෙතේ දීප්තිමත්භාවය තරුණ පෙනූමට බොහෝ සෙයින් බලපානවා. ඒ නිසාම තමයි දෙනෙත ලස්සනට තබා ගන්නට ඕනේ.

දියූණූවෙන තාක්ෂණයේ දියූණූ ක්‍රම රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් මේ වන විට පැමිණ තිබීම නිසාම දෙනෙත හැඩ කර ගැනීමටත් අද වන විට දියූණූ ක්‍රම තිබෙනවා.

අක්‍රමවත් ඇහිබැම ක්‍රමවත් කර ගැනීමෙන් දෙනෙතට හොඳ පෙනූමක් ලබා ගත හැකියි.

බොහෝ කාන්තාවන්ගේ බොහෝ වෙලාවට දෙනෙතේ වෙහෙසකර බවක් දක්නට ලැබෙනවා. ඇත්තටම එය සූදුසූ තත්ත්වයක් නොවෙයි.

ඇත්තටම දෙනෙතට විවේකය අවශ්‍යයි. ඇස් බොහෝ වෙහෙසට පත්වීම නිසා දෙනෙත අවට සම රැළි වැටෙනවා වගේම කළු පැහැ ගැන්වෙන්නටත් පූළුවන්.

දෙනෙත යන අවට සම ලස්සනට තබා ගැනීමට අප ටිකක් ඒ පිළිබඳව අවධානය යොමූ කළ යූතුයි.


අව් කණ්ණාඩි පැළඳීමත් හිතුමතේට කළ යූතු නැහැ. එය ඇස්වලට සූදුසූ එකක් විය යූතුය. එමෙන්ම සතියකට වරක්වත් දෙනෙතට සම්භාහනයක් වගේම යම් ප්‍රතිකාරයක් කළ යූතුයි.

නිවසේදී ඇස්වලට කළ හැකි ප්‍රතිකාරයක් කියන්නම්.මී පැණි, දොඩම් යූෂ වැනි දේ පිරිසිදු කපූ රෙදි කෑලි දෙකක තවරා දෙනෙත මත තබාගෙන සිටීම හොඳයි. දොඩම් යූෂ වගේම පිපිඤ්ඤා යූෂත් දෙනෙතට හිතකරයි. මේවා නම් රවූම් ලෙසට කපා දෙනෙතේ තබාගෙන සිටිය හැකියි.

මේ දේවල් දෙනෙතේ තැබීමට ප්‍රථම ශීතකරණයේ තබා ගැනීම වඩාත් සූදුසූයි.

ඇස්වටෙි කළු පැහැය මඟහරවා ගැනීමට ඉවත දමන තේ කොළරොඩූ ඉතාම සූදුසූයි. තේ සාදා ඉවත දමන තේ කොළ රොඩූ දෙනෙත මත තබා විනාඩි 10 පමණ පසූ දෙනෙත සේදීම කළ යූතුය.

සැබවින්ම දෙනෙත ලස්සනට තබා ගැනීමේදී දෙනෙත වෙහෙසීම වළක්වා ගත යූතුය. දෙනෙතට හොඳ විවේකයක් ලබා දිය යූතු බව නැවතත් පවසන්නේ එහි ඇති වැදගත්කම නිසාමය.

කිසි විටෙකත් අඩ අඳුරේදී පොත් කියවන්නට එපා. දෙනෙතට පූංචි ව්‍යායාමයක්ද සූදුසූවන අතර වෛද්‍ය උපදෙස් අනූව එවැනි දෙයක් අනූගමනය කිරීම ද යෝග්‍යය.

අනිත් විශේෂ කරුණ වන්නේ දෙනෙතේ ගල්වන ආලේපනය එම අවස්ථාව නිම වූ වහාම හැකි ඉක්මනින් සෝදා ඉවත් කිරීමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment