අවූරුද්දට දුවට.... පූතාට...ජූජූබ්ස්

අවශ්‍ය ද්‍රව්‍ය ඃ සීනි ග්‍රෑම් 500 ජෙලටින් ග්‍රෑම් 50 ග්ලුකෝස් සිරප් ග්‍රෑම් 100 වතුර පයින්ටි 1/2 ස්ට්‍රික් ඇසිඩ් තේ හැඳි 1/4


සාදන ක්‍රමය
ජෙලටින් වතුර සමග දිය කරගන්න. සිනි සාස්පානකට දමාගෙන එයට පොඟවාගත් ජෙලටින් සහ ග්ලුකෝස් සිරප් එකතු කරන්න. මෙම මිශ්‍රණය හැඳිගාමින් උණූ කරගන්න. නූලක් මෙන් ඇදෙන පදමට ඝන වූවාට පසූව කැමති පාට සහ එයට ගැලපෙන රස කාරක එකතු කරගන්න.

දෑන් බටර් ගාන ලද අච්චූවල දමා දවසක් පමණ ඝනවීමට හරින්න. අච්චූ සඳහා බිත්තර ටේ‍රි එකක් පාවිච්චි කරන්න පූළුවන්.

පසූදින අච්චූවෙන් ගලවා කතුරකින් නාරං බික් හැඩයට කපා සීනි භාජනයකට දමා ඒ මේ අත හරවා සීනි තවරා ගන්න.


වර්ණ සහ රසකාරක යෙදීමේදී

1. අන්නාසි රස සමග කහ වර්ණය

2. ලෙමන් රස සමග කොළ වර්ණය

3. දොඩම් රස සමග තැඹිලි වර්ණය

4. ස්ට්‍රොබෙරි රස සමග රතු වර්ණය යොදා ගන්න.


මාෂ්මෙලෝස්

අවශ්‍ය ද්‍රව්‍ය ඃ ජෙලටින් ග්‍රෑම් 25 සීනි ග්‍රෑම් 400 වතුර කෝ. 2 වැනිලා තේ හැඳි 1 කැමති වර්ණයක්


සාදන ක්‍රමය
වතුර කෝප්ප 1 ට ජෙලටින් දිය කරගන්න. සාස්පානකට සීනි දමා ඉතිරි වතුර කෝප්පය එකතු කර උතුරුවා ගන්න. හොඳින් උතුරන තුරු හැඳිගාන්න එපා. දෑන් ජෙලටින් සහ වතුර මිශ්‍රණයට සීනි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරමින් කලවම් කරගන්න. ඉන්පසූ මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිවූණාට පසූ බීටි කරගන්න. මදක් ඝනවූවාට පසූ වැනිලා සහ කැමති වර්ණයක් දමා බටර් තවරන ලද තැටියකට දමා පැය 6 ක් පමණ ඝනවීමට තබන්න. හොඳින් ඝනවූවාට පසූ අඟලක පමණ කැබලි කපාගෙන කෝන්ෆ්ලවර් තවරා හූලං නොවදින ලෙස අසූරා තබන්න.


අවශ්‍ය ද්‍රව්‍ය
කිරි ටින් 1 සීනි ග්‍රෑම් 400 කජූ ග්‍රෑම් 50 ඃ 75 ප්ලම්ස් ග්‍රෑම් 50 ඃ 75 වැනිලා තේ හැඳි 2 වතුර කෝ. 3/4 කී්‍රම් ඔෆ් ටාටා තේ හැඳි 1/4 බටර් තේ හැඳි 1/4


සාදන ක්‍රමය
ඝනකම් සාස්පානකට ටින් කිරි, සීනි හා වතුර දමා ලිප තබන්න. හැඳිගාමින් උණූකර ගන්න. යන්තමින් ඝනවේගෙන එන විට රන්වන් පැහැයෙන් යූතු වේ. එවිට ගින්දර අඩූ කර දිගටම හැඳි ගාන්න. දෑන් කජූ ඝන ප්ලම්ස් කුඩාවට කපා සහ වේගෙන එන මිශ්‍රණයට එකතු කරන්න. ලිපෙන් බා ගැනීමට විනාඩි දෙකකට පෙර වැනිලා දමා ඉන්පසූ කී්‍රම් ඔෆ් ටාටා සහ බටර් එකතු කරගන්න. බටර් තැවරූ තැටියකට දමා බටර් තවරා ගත් කෙසෙල් කොළයකින් තුනී කරගන්න. උණූ උණූවෙන්ම බටර් තැවරූ පිහියකින් කොටූ ලකුණූ කර හොඳින් නිවූණාට පසූ කොටූ වෙන් කරගන්න.


කිසස්

අවශ්‍ය ද්‍රව්‍ය ඃ බිත්තර සූදුමද 3 සීනි ග්‍රෑම් 300 (සිහින් කැට) වැනිලා තේ හැඳි 1/2 වර්ණයක් කුඩාවට කැපූ කජූ ග්‍රෑම් 50 ලුණූ ඉතාම සූළු ප්‍රමාණයක්


සාදන ක්‍රමය
බිත්තර සූදු මද හොඳින් බීටි කරගන්න. වැඩිම වේගයෙන් නොනවත්වා බීටි කරන්න. ලුණූ දමාගෙන බීටි කරන්න. හිම මෙන් පෙන නගින තෙක් බීටි කරගන්න. අතරමග නතර කරමින් බීටි කළොත් නැවත පෙණ මෙන් බිටි වන්නේ නැහැ. හොඳින් බීටි වූ පසූව භාජනය අනෙක් පසට හැරෙව්වද බිත්තර සූදුමද වැටෙන්නේ නැහැ. එම පදම ලැබූණූ පසූ සීනි ටික ටික එකතු කරගෙන මිශ්‍රණය ඝනවන තුරු බීටි කරගන්න.

මෙයට වර්ණකය හා වැනිලාද කජූද දමාගන්න. දෑන් මිශ්‍රණය ලොකු පේස්ට්‍රි බෑග් එකකට දමා ලොකු තරු නොසලයකින් බටර් තැවරූ තැටියකට පයිප් කරගන්න.

උදුන පැරන්හයිටි අංශක 400 උෂ්ණත්වයේ රත්වෙන්නට හැර තැටිය ඒ තුළට දමා මිනිත්තු 10 ඃ 12 දක්වා බේක් කරගන්න.


එළවළු සැන්විචස්
අවශ්‍ය ද්‍රව්‍ය ඃ කැරටි ග්‍රෑම් 200 බීටිරූටි ග්‍රෑම් 200 අල ග්‍රෑම් 200 බටර් ග්‍රෑම් 100 චීස් ග්‍රෑම් 50 ගම්මිරිස් සහ ලුණූ පදමට අබ කී්‍රම් තේ හැඳි 1 1/2 විනාකිරි තේ හැඳි 1


සාදන ක්‍රමය
කැරටි, බීටි සහ අල තම්බා ගන්න. තම්බාගත් අල පොඩි කරගෙන එයට ලුණූ, බටර් විනාකිරි ස්වල්පයක් එකතු කරගෙන කොළ පාට කලරිං ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරන්න.

කැරටි ගේ්‍රටි කරගන්න. එයට බටර්, ලුණූ සහ අබ කී්‍රම් එකතු කරගන්න.

බීටි රූටිද ගේ්‍රටි කරගෙන එයට බටර්, ලුණූ සහ ගම්මිරිස් කුඩූ එකතු කරගන්න.

බටර් සහ ගේ්‍රටි කරගත් චීස් මිශ්‍ර කරගෙන පාන් පෙතිවල හොඳින් තවරා ගන්න. පාන් පෙති 4 බැගින් වෙන් කරගෙන යටම පාන් පෙත්තට බීටි රූටි ද, ඊළඟ පෙත්තට කැරටි මිශ්‍රණයද උඩම පෙත්තට කොළ පාට අල මිශ්‍රණයද දමා හතරවන පෙත්තෙන් වසා ගන්න.

දෑන් පැති හතරේ වාටි කපා කොටස් හතරකට කපාගන්න. ත්‍රිකෝණ හැඩයට වූවද කපාගත හැකියි. පිළිගන්වන විට, මේ එක් කොටසක් එක් අයෙකුට ලෙස පිළිගන්වන්න.

එක් කොටසක පාන් පෙති එකක් ඇතුළත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment