කටට රහට තේ එකක් බිව්ව දවසක් මතකද?

තේ හදන්න උගන්නවා කියලා හිතන්න එපා. ඇත්තටම තේ හදන එකත් කතා කළ යූතු මාතෘකාවක්.
තේ එකක් හදන්න නොදන්නා කෙනෙක් අප අතර නොසිටියත් ඇතැම් විටෙක අප ලබාදෙන තේ එක හෝ අපට ලැබෙන තේ එකක් හිත සතුටින් බොනවද කියන එකයි ප්‍රශ්නය.

අපි රහට තේ එකක් හදනවද? ඇත්තටම තැනකට ගිහින් අපි රහට තේ එකක් බීලා තියෙනවාද? මේ ගැන ටිකක් හිතලා බලන්න.

ඇත්තටම හරිම රසට, ප්‍රසන්නව ඔබ තේ එකක් බීපූ අවස්ථාවක් ඔබ පූන පූනා කියලත් ඇති.

ඉතින් මේ පිළිබඳව කතා කරන්නට ඕනෑතරම් දේවල් තිබෙනවා.

එදිනෙදා දෑනූම අතරට රසට තේ කෝප්පයක් හදන එක හරිම වැදගත්. ඒක විහිළුවකට කාරණාවක් නොවෙයි.

ප්‍රධාන කරුණ මතක තබාගන්න. තේ හදන විට වතුර කේතලය හොඳින්ම උතුරන්නට ඕනේ. එක පූරවපූ කහට තේ කෝප්පයකට (අඬූ කෝප්පයකට) තේ කොළ හැඳි (කපාපූ) එකක් අවශ්‍යයි. කිරි එක් කරනවා නම් පූරවපූ තේ හැන්ඳක් එක් කළ යූතුයි. මේ පිළිබඳව වෙනම කතා කරමූ.

මෙයින් පෙන්නූම් කරන්නට ඕනේ වර්ණය නෙමෙයි රසයයි. කළු පාටට තිබූණත් ඒ කියන්නේ පෙනූම තිබූණත් කහට මදි ගතියක් තිබෙනවා. අන්න ඒ වගේ.


තේ එක වත්කරලා ටිකක් තැම්බෙන්නට තියලා එය පෙරලා තේ පෝච්චියට දමා කහට වෙනම සීනි වෙනම තබා පිළිගැන්විය හැකියි. එක තේ කෝප්පයක් නම් පීරිසිය මත තේ හැන්ඳක් තබන්න. සීනි බඳුනට වෙනම තේ හැන්ඳක් තබාගත යූතුයි.

සීනි දෑමීමේදී අනවශ්‍ය ලෙස සීනි දමන්නට එපා. එක තේ කෝප්පයකට සිනි තේ හැන්ඳක් ආවාම කාලයට ප්‍රමාණවත්. එදා නම් තේ කෝප්පයට සීනි හැඳි දෙකක් පාවිච්චි කළත් අද සෞඛ්‍ය ප්‍රශ්න නිසා සීනි පාවිච්චිය හරිම අඩූවෙන් සිදුවන බව ඔබ දන්නවානේ.

තේ එක උණූසූම් තත්ත්වයෙන් පිළිගැන්විය යූතුයි. ඒකත් ප්‍රධාන කාරණාවක්. තේ පෝච්චිය සහ පිළිගන්වන කෝප්පය උතුරන වතුරින් සේදා තේ කෝප්පය පිරිසිදු රෙදි කෑල්ලකින් පිසදමා තේ දෑමීම තේ එකේ රසය රඳවා ගැනීමට හේතුවෙයි. තේ එක පිළිගන්වන විට පීරිසියේ තේ නොවැටී තිබීමද අවශ්‍යය. තේ පිළිගන්වන බන්දේසිය වූව පිරිසිදු තත්ත්වයේ තිබිය යූතුයි. තේ පෙරණය ගැනද සැළකිලිමත් වන්න. කහට තේ පෙරන්නට සහ කිරි තේ පෙරන්නට වෙනම පෙරණ භාවිත කරන්න. මිට දිග තේ හැන්ඳක් දෙතුන් දෙනෙකුට තේ හැදීමේදී මිලදී ගෙන තබාගන්න.

පේන බඳුනක සීනි දමා කුහූඹූවන් නොයන ලෙසින් බෝතලයේ පියන හොඳින් වසා තබාගන්න.

තේ පෝච්චිය, තේ හදන්නට ජෝගුවක්, පෙරණ දෙකක්, මිට දිග හැන්ඳක් වැනි දේ තේ හදන බඩූ අතර හොඳින් පිරිසිදුව තබාගන්න. මේවා පිසදෑමීමට ඉඳුල් නැති පිරිසිදු රෙද්දක් භාවිත කරන්න. ඔබම තේ කෝප්පයට සීනි දමා සාදා පිළිගන්නවා නම් ඉහත ආකාරයට එය පිළියෙල කර පිරිසිදු තේ කෝප්පයක පිළිගන්වන්න.




ප්‍රවීන ශිල්පිනි
ශාන්තා මායාදුන්නේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment