කෑමට අමතරව අඹ බොමූ



අඹ ලෝකයේ ඕනෑම රටක ආහාරයට ගන්නා ප්‍රනීත පලතුරකි. අඹ පලතුරු ලෙසින් ආහාරයට ගත්තද අපේ නිවෙස්වල පිළියෙල කරන්නේ බොහෝ විට අඹ චටිනි පමණි. අඹ ජෑම් අපි මිලදී ගෙන ආහාරයට ගැනීමට පූරුදු වී සිටිමූ.
ඇත්තටම අඹවලින් සකස් කළ හැකි ආහාරපාන වර්ග බොහොමයකි. අඹ ජෑම් වූව පහසූවෙන් නිවසේ පිළියෙල කර ගැනීමේ හැකියාව ඇත.
ප්‍රවීණ සූපවේදි පබිලිස් සිල්වා මහතාගේ ආහාර වටිටෝරු අනූව ඔබත් අඹවලින් විවිධ කෑම බීම පිළියෙල කර ගැනීමට උත්සාහ කර බලන්න.

මෙම ආහාර වටිටෝරු පිළියෙල කිරීමේදී අඹවල ඇටය ඉවත් කර ගන්න. කරි, චටිනි, හෝ අනිකුත් අඹ වටිටෝරු සඳහා අඹ ඇටය භාවිත කරන්නට එපා.

අඹ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය
අඹ ග්‍රෑම් 200

(අඹ පොතු හැර අඟල් 1/2 ඝනකමට හරහට තීරු කපාගන්න.)

බැදපූ කරි කුඩූ මේස හැඳි 1/2

මිරිස් කුඩූ මේස හැඳි 1/2

ළුෑනූ ග්‍රෑම් 30

අමූමිරිස් කරල් 2

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

රම්පෙ, කරපිංච, කුරුඳුපොතු

සූදුළුෑනූ තේ හැඳි 1

ලුණූ කුඩූ තේ හැඳි 1/2

සීනි තේ හැඳි 1

කහ තේ හැඳි 1/4

දියකිරි අඬූ කෝ. 1/2

මිටිකිරි අඬූ කෝ. 1/2

උළුහාල් ඇට 10

තෙල් මේස හැඳි 2


සාදාගන්නා ක්‍රමය
භාජනයක් ලිප තබා ළුෑනූ, රම්පෙ, කරපිංචා, කුරුඳු, අමූමිරිස් දමා බැදෙන්නට හැර ඉන්පසූ සූදුළුෑනූ කරිකුඩූ මිරිස්කුඩූ, කහ දමා මෙය ටිකක් බැදෙන විට දියකිරි, මිටිකීරි සහ අඹ දමා උතුරන විට හැඳි ගා ඉස්ම සිඳුවා සීනි ටික දමාගන්න.


අඹ ආනම
අවශ්‍ය ද්‍රව්‍ය
අඹ ශුද්ධ කර පොඩියට කපා සෝදා දිය බේරෙන්නට තබා එය අඹරා හෝ බ්ලෙන්ඩ් කර එයින් ග්‍රෑම් 200

රතුළුෑනූ ග්‍රෑම් 40

අමූමිරිස් කරල් 2

ලියාගත් කරපිංච මේස හැඳි 1

රම්පෙ, කුරුඳුපොතු

හීනියට කපාගත් සූදුළුෑණූ තේ හැඳි 1

උළුහාල් ඇට 10

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

බැදපූ නැති කරිකුඩූ මේස හැඳි 1

කහකුඩූ මේස හැඳි 1/2

මිරිස්කුඩූ මේස හැඳි 1/4

සීනි මේස හැඳි 1

දියකිරි අඬූ කෝ. 2 1/2

මිටිකිරි අඬූ කෝ. 1/2


සාදාගන්නා ක්‍රමය
මිටිකිරි සීනි සහ අඹ හැර අනෙකුත් සියල්ල එකට දමා ලිප තබා බාගෙට හිඳෙන්නට හැර අඹ සහ මිටිකිරි සීනි එකට මිශ්‍ර කර ලිපේ තිබෙන කරියට දමා උතුරන තුරු හැඳි ගා ගන්න.

මෙය උකු තලපයක් වැනිය. ඉඳිආප්ප, පිටිටූ බත් සමග කදිමය. විනෝද ගමනක් යාමේදී පිළියෙල කරගෙන යාමට වඩාත් යෝග්‍යය.


අඹ අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
බාගෙට ඉදුණූ අඹ ශුද්ධ කර හරහට හීීනි තීරු කපාගන්න.

එයින් ග්‍රෑම් 200

සීනි මේස හැඳි 1

අබ අඹරා එයින් මේස හැඳි 2

ලුණූ කුඩූ තේ හැඳි 1

මිරිස්කුඩූ තේ හැඳි 1�2

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1�4

විනාකිරි මේස හැඳි 1

කහ තේ හැඳි 1�2

සාදාගන්නා ක්‍රමය
අඹ හැර අනෙකුත් සියල්ල එකට මිශ්‍ර කර අඹ ටික දමා තවත් හොඳට මිශ්‍ර කරන්න.


අඹ චටිනි
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳට පැසූණූ බාගෙට ඉදුණූ අඹ නම් වඩාත් සූදුසූය. පොඩියට කපාගත් අඹ ග්‍රෑම් 500

සීනි ග්‍රෑම් 500

කෑලි මිරිස් හෝ මිරිස් කුඩූ මේස හැඳි 1

විනාකිරි අඬූ කෝ. 1/2

ලුණූ තේ හැඳි 1 1/2

කරදමූංගු ඇට 2

කරාබූනැටි ඇට 2

කුරුඳුපොතු කෑල්ලයි

සාදාගන්නා ක්‍රමය
කපාගත් අඹ සීනිවලින් බාගයක් දමා මිශ්‍ර කර පැය දෙකක් පමණ අව්වේ තබන්න.

ඉන්පසූ එය ගෙන ඉතිරි සීනි හා අනෙකුත් ද්‍රව්‍ය සමග මිශ්‍ර කර මදගින්නේ තරමක් උකුවන තුරු තම්බා ගන්න.

මෙය බෝතල්කර තබා ගත හැක. බෝතලයක් ගෙන එය හොඳින් තම්බා අවන් එකේ වේලා රස්නය පිටින්ම අසූරා එවෙලේම මූඩිය තද කර ගන්න. සෑහෙන කාලයක් තබා ගත හැක.

නෑදැ ගෙදරකට යන විට මෙවැනි දෙයක් සකස්කර ගෙන යාමට උත්සාහ කර බලන්න.


අඹ ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය
බාගෙට ඉදුණූ අඹ ශුද්ධ කර හීනියට කපා ගන්න. එයින් ග්‍රෑම් 500

සීනි ග්‍රෑම් 500


සාදාගන්නා ක්‍රමය

අඹ සීනි සමග මිශ්‍ර කර එය ලිප තබා මදගින්නේ මෙය හොඳින් තම්බා ගන්න. කෑලි පෙඩිවන තුරු හැඳි ගා තරමක් උකුවන විට ලිපෙන් ඉවතට ගන්න.

මෙයට කුරුඳු කෑල්ලක් එක්කර ගැනීම වරදක් නොවේ.

ඉහත ආකාරයටම බෝතල්වල අසූරා ගන්න.

අඹ තරමක් අමූ නම් වතුර අඬූ කෝ. 1/4 දමා තම්බා ගන්න.


අඹ සලාදයක්

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳට පැසූණූ අඹ නූඩ්ල්ස් මෙන් හීනියට දිගට ලියාගන්න. එයින් ග්‍රෑම් 200

අමූමිරිස් හීනියට දිගට කපා එයින් කරල් 2

කෑලි මිරිස් තේ හැඳි 1/4

සීනි තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1/2

අබ කුඩූ තේ හැඳි 1/2

කෑමට සූදුසූ තෙල් වර්ගයකින් මේස හැඳි 1/2

රතුළුෑනූ හීනියට කපා ග්‍රෑම් 20

සාදාගන්නා ක්‍රමය
අඹ හැර අනෙකුත් සියල්ල එකට මිශ්‍ර කර රස බලා අඹ ටික මිශ්‍ර කර ගන්න.

කෑම මේසයට රසවත් කෑමකි.


අඹ ජූස්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණූ අඹ

ශුද්ධ කර කපා එයින් ග්‍රෑම් 500

ලුණූ කුඩූ තේ හැඳි 1/4

සීනි ග්‍රෑම් 50

උතුරවා නිවාගත් වතුර

අඬූ කෝ. 1

සාදාගන්නා ක්‍රමය
මේ සියල්ල එකට දමා බ්ලෙන්ඩ් කර ගන්න. අවශ්‍ය පමණට වතුර එක්කර ගන්න.

මෙය කල්තබා ගන්නට නම් වතුර අඬූ කෝප්ප දෙකට අඹ එක්කර බ්ලෙන්ඩ් කර ලිප තබා අතුරවා උඩට එන අපවිත්‍ර ද්‍රව්‍ය අයින් තරමක් සිඳුවා සීනි ලුණූ එක්කර ලිපෙන් ඉවතට ගන්න.

හිඳුණූ පසූ බෝතල් කර මූඩිය හොඳින් වසා ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න. මෙම ක්‍රමයට කාලයක් තබා ගත හැක.


අඹ ගිනිසිසිල

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක් ඉදුණූ අඹ ශුද්ධ කර තරමක් ඝනකම තීරු කපා ගන්න.

එයින් ග්‍රෑම් 200

සීනි ග්‍රෑම් 50

බටර් තේ හැඳි 1

දෙහි යූෂ තේ හැඳි 1/2

තමන් කැමති මධ්‍යසාර වර්ගයකින් මේස හැඳි 1

(සැබවින්ම මෙය ආහාරයට විවිධත්වයක් එක්කර ගැනීමට ගත් පූංචි උත්සාහයකි)

සාදාගන්නා ක්‍රමය
ඔම්ලටි දමන පෑන් එකක් ගෙන (තාච්චූවක් වූව කම් නැත) බටර් සමග සීනි එකට දමා එය උණූවන විට අඹ දමා තරමක් තැම්බෙන විට දෙහි යූෂ එක්කර ගින්දර ඇති පැත්තට බඳුන ඇලකර මධ්‍යසාර දමන්න. එවිට බඳුනට ගිනි ඇවිලෙයි. බයවෙන්නේ නැතිව ලිප නිවා බඳුනේ ගින්දර නිවෙන තුරු තිබෙන්නට හැර ආහාරයට ගන්න. මෙය අයිස්කී්‍රම් සමග ආහාරයට ගැනීම හරිම රසවත්ය. ඇත්තටම මෙය පූඩිමකි.





පබිලිස් සිල්වා
අධ්‍යක්ෂ ආහාර ප්‍රවර්ධන ගල්කිස්ස මහ හෝටලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment