දියණියක් වැඩිවියට පත් වූ විට අපේ සමාජ ක්‍රමය හැටියට නොයෙක් තහංචි

දියණියක් වැඩිවියට පත් වූ විට අපේ සමාජ ක්‍රමය හැටියට නොයෙක් තහංචි පැනවෙනවා. තවමත් අදටත් ඇතැම් නිවෙස්වල මේ තහංචි ක්‍රියාත්මක වෙනවා.

වැඩිවියට පත් වූ දරුවන්ට ඇතැම් ආහාර පාන පවා ලබා නොදෙන තත්ත්වයක් තිබෙනවා

මස් මාළු බිත්තර වැනි ආහාර වර්ග විශේෂයෙන්ම තහනම් වෙනවා. තෙල් ආහාර වගේම ඇතැම් එළවළු පලතුරු පවා නොදෙන අවස්ථා තිබෙනවා. වැඩිවියට පත් වූ දියණියන්ට බත් සමග තැම්බූම් හොඳි පමණක් ලබාදීමකුත් ඇතැම් විට සිදුවෙනවා.

ඇත්තටම මෙහි විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් මූදා හැරීමේ චක්‍රය ආරම්භ වීම තමයි ඒ. ඇත්තටම එහිදී අපට පෙන්වා දෙන්නේ ඇය මවක් වීමේ තත්ත්වයට සූදුසූකම් කියන බවයි.

එනම් ඇයට ඒ සඳහා කෙතරම් නම් පෝෂණයක් අවශ්‍යද? එනිසා ඇයට හැකි ඉහළම අයූරින් පෝෂණය සහිත ආහාර වේලක් ලබාදීමට වෙනදාටත් වඩා උනන්දුවිය යූතුයි.

අනිත් කරුණ තමයි ඇයගේ පිරිසිදුභාවය. ඔසප් දිනවලදී ස්නානය හොඳ නැති බවටත් අප සමාජයේ ප්‍රබල මතයක් තිබෙනවා.
ඇත්තටම එයත් මිථ්‍යා මතයක්. වෙනදාටත් වඩා පිරිසිදුව මෙම දිනවලදී සිටීමේ අවශ්‍යතාවය අද වන විට පෙන්වාදී තිබෙනවා.

ඇත්තටම වැඩිවියට පත්වීම යූවතිය සහ තරුණ පිරිමි ළමයින් වෙන් කර තැබීමට කරුණක් නෙවෙයි. ඔවූන්ට ඒ සඳහා අවශ්‍ය දෑනූම ලබා දෙමින් ඇය සමාජයේ විශාල මෙහෙවරක හිමිකාරිය බව සමාජයට ඒත්තු ගැන්විය යූතු යූගයක අප සිටිනවා.


සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සම්මන්ත්‍රණයකිනි. ප්‍රජනක වැඩසටහන වෙනූවෙනි



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment