කාන්තාවන්ගේ නොඉවසූම් ගතියට පිළියම් 16 ක් මෙන්න

නොඉවසූම් ගතිය කාහටත් පොදු දෙයක් වූවද කාන්තා පරපූර එයින් සෑහෙන පීඩාවක් විඳින වග සැබෑවකි. සැමියාගේ මත්පැන් හා දුම්පානය, දරු මල්ලන්ගේ ප්‍රශ්න, ඉවූම් පිහූම් වලට උවමනා දේවල අඟහිඟකම, ගෙදර දොර අපමණ වැඩ රාජකාරී යනාදිය ඊට හේතුවය.

නොඉවසූම් ගතියක් ඇති නොවී නිරතුරුව සැනසිල්ලකින් සිටින්න ගැහැනූ පිරිමි කොයි කවූරුන්ටත් බැරිකමක් නැත. පහත සඳහන් උපක්‍රම 16 න් එය ඉටූ කර ගත හැකි වනවාට සැකයක් නැත.


උදේට තේ බොන වෙලාවේදී හෝ දවල්ට රෑට කෑම කන වෙලාවෙදි හෝ පවූලේ සියල්ලන්ම එකතු වී එක් එක් කෙනාගේ ප්‍රශ්න ගැටලු දුර්වලතා යනාදිය ගැන කතා බස් කොට ඒවා මඟහරවා ගත හැකි ක්‍රම සෙවීම.


ං පවූලේ වැඩිහිටි කෙනෙකු හෝ දන්නා හඳුනන වැඩිහිටි කෙනෙකු හෝ සමග කතාබස් කරමින් සති පොළට හෝ කඩපොළට හෝ යාම.


ං තමන් කැමති පොතපතක් කවි පෙළක් කියවීම


ං නිතර දෙවේලේම වාගේ පවූලේ අය සමග මෙන්ම දන්නා හඳුනන අය සමගද විහිළු තහලුවෙන් කල්ගත කිරීම.


ං ඔබත් ඔබේ පවූලේ අයත් හොඳාකාර දන්නා හඳුනන කෙනෙකු සමග ඉඳහිට කඩසාප්පූ වලට යාම.


ං ඉඳහිට ඔබේ යහළු යෙහළියන් හා ඔවූන්ගේ දරු මල්ලන්ද වෙනූවෙන් තේ පැන් සංග්‍රහයක් හෝ භෝජන සංග්‍රහයක් හෝ පැවැත්වීම.


ං වැඩක්පලක් කරන විට කවියක් හෝ සිංදුවක් හෝ හෙමිහිට ගායනා කිරීම.


ං වැඩිහිටි නිවාසයකට හෝ ළමා නිවාසයකට හෝ පවූලේ අය සමග ගොස් සංග්‍රහයක් කිරීම, නැත්නම් සබන්, පියරු වැනි තෑගි බෝගයක් ඔවූන්ට පිරිනැමීම.


ං පවූලේ අය සමග එක්ව මල් සිටූවීම හෝ ගෙවත්තේ කිසියම් වගාවක් කිරීම.


ං අසරණ කෙනෙකුට හෝ පවූලකට පිළිසරණක් වීම.


ං විවේකයක් ලැබූණූ විට පවූලේ කෙනෙකු සමග පංච ගැසීම, දාම් ඇදීම, කැරම් ගැසීම වැනි කී්‍ර්‍රිඩාවක් කිරීම.


ං සතියකට වරක් හෝ ධර්ම සාකච්ඡාවක යෙදීම. හා මසකට වරක් හෝ දෙවරක් පන්සල පල්ලිය වැනි ආගමික සිද්ධස්ථානයකට ගොස් වන්දනාමාන කිරීම.


ං සමීප මිතුරියක් හෝ හිතවත් කෙනෙකු හෝ සමග ගොස් ඉඳහිට හොඳ නාට්‍යයක් සංදර්ශනයක් හෝ චිත්‍රපටයක් බැලීම.


ං පවූලේ කෙනෙකු හෝ කීප දෙනෙකු හෝ සමග ඉඳහිට නෑදැ ගෙදරකට හිතවත් ගෙදරකට නැත්නම් උයනකට මල්වත්තකට යාම.


ං ගුවන් විදුලියේ හා රූපවාහිනියේද තමන් සිත් ගන්නා වැඩසටහන් ඇසීමට බැලීමට උනන්දුවක් දෑක්වීම.


ං අරුණෝදයේම හෝ නින්දට යන විට සිත එකලස් කර ගැනීම සඳහා කිසියම් භාවනාවකට හූරුපූරුදු වීම.


නොඉවසූම් ගතිය කෝපයට බලපාන්නකි. කෝපය රුධිර පීඩනයට බලපාන්නකි. රුධිර පීඩනය සෞඛ්‍යයට බලපාන්නකි. සෞඛ්‍යය එදිනෙදා කටයූතුවලට බලපාන්නකි. එදිනෙදා කටයූතු හරියාකාර ඉටූ කර ගන්න බැරි වූවහොත් අසාර්ථකත්වය අත ලඟමය.


නොඉවසූම් ගතියෙන් කලකෝලාහල කර ගන්නා අය ගැන මෙන්ම සමහර විට මිනී මරා ගන්නා අයද ගැන නිතරම වාර්තා වන වග අපි දනිමූ.


ශිලාචාර මිනිසූන් හා අශීලාචාර මිනිසූන්ද වශයෙන් සමාජීය දෙකොටසම බෙදෙන්නේ සිත පාලනය කර ගැනීමේ හා පාලනය නොකර ගැනීමේ හැකියාව අනූවය.


"ඉවසීමෙන් සැනසීම ලැබේ." ඉවසන දනා රුපූ යූදයට ජය කොඩිය" යනාදී ආප්තෝපදේශ වලින් කියැවෙන දේවල් හරියටම හරි වග තේරුම් යන විට බොහෝ දෙනෙකු ප්‍රශ්න ඇති කර ගෙන හමාරය. ඒ වන විට ඔවූන් පවූල් අවූල් කරගෙන හෝ නීතියේ රැහැනට අසූ වී හෝ සිිටින්නටද බැරිකමක් නැත.


නොඉවසූම් ගතියෙන් කෙනෙකුට ඉක්මනින් වයස්ගත පෙනූමක් පවා ලැබෙන්න පූළුවන. සම වයසේ පසූවන නොඉවසිලිවන්ත කෙනෙකුත් ඉවසිලිවන්ත කෙනෙකුත් එක ලඟ තබා බැලීමෙන් ඕනෑම කෙෙිනකුට ඒ වග ඇස් පනා පිටම දෑක බලා ගත හැකිය.


නොඉවසූම් ගතිය යනූ පිරිිසිදු ජල බඳුනකට ගොම පොඩ්ඩක් හෝ මඩ පොඩ්ඩක් හෝ එක් කිරීම වැනි දෙයකි. ගොම හෝ මඩ එක් කළ ජල බඳුන අපවිත්‍ර වන අතර පානයට ගත හැකි ජලය ඇත්තේ අනිත් බඳුනේය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment