කුකුළා පහන ගෘහමූලිකයාට වඩා උස විය යූතුද?


නිවසකට යම් යම් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ අප සැළකිලිමත් වියයූතු ඇතැම් කරුණූ ඇතැයි අපි මෙතෙක් නොසිතන්න ඇති.

මූලින්ම අපි නිවසට භාණ්ඩයක් මිලට ගැනීමේදී සැලකිලිමත් වෙන්නේ එම භාණ්ඩයේ ප්‍රයෝජනය, මිල ගණන්, වෙළඳ නාමය, වගකීම වැනි කරුණූ ගැන පමණයි.

නමූත් ඇතැම් භාණ්ඩ නිවසට රැගෙන ඒමේදී අපේ ජනවහරේ ඇති ඇතැම් කරුණූ ගැන අවධානය යොමූ කිරීම වැදගත්.

විශේෂයෙන්ම පිත්තල භාණ්ඩ නිවසට රැගෙන ඒමේදී අපේ වැඩිහිටි පරම්පරාව පවසන ඇතැම් කරුණූ හරි වැරදි නොසොයාම පිළිගන්නත් ඒ අනූව ක්‍රියාත්මක වෙන්නත් අපි පෙළඹෙනවා.

විශේෂයෙන්ම දෙතුන් දාහක් වැය කරමින් නිවසේ සිරියාවට අලංකාරයට එහෙමත් නැත්නම් තම පවූලේ පෞරුෂය සඳහා ගෙනෙන කුකුළා පහන ගැන පවතින මත වැඩියිි.

හැමවිටම නිවසට කුකුළා පහනක් ගෙන එන විට නිවසේ ගෘහමූලිකයාගේ උරහිසේ උසට වඩා වැඩි විය යූතු බව විශ්වාස කරයි. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වූවත් එය අනූගමනය කිරීමට පාරිභෝගික ජනතාව පෙළඹී සිටියි.

එමෙන්ම අඩි 6කට වඩා උස ධර්මචක්‍ර සහිත පහන් නිවසේ තැබීමට නූසූදුසූයැයි මතයක් පවතී. එවැනි පහන් ආගමික සිද්ධස්ථාන වල ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම උචිතවේ.

අඩි 6 කට වඩා උස කුකුළා පහන පවා නිවසේ තබා ගැනීමට ගැමියන් අකමැතියි.

නිවසේ ගෘහමූලිකයා වන පියා හෝ සැමියාට වඩා උසින් අඩූ පිත්තල පහන් ඔබේ නිවසේ ඇත්නම් (අඩි 3, අඩි2) එය උසකින් තබා දෑල්විය යූතු බව පවසයි. කොටහලූ මඟුල් ගෙවල් සඳහා මෙන්ම අවූරුදු චාරිත්‍ර වලට ගන්නා කුඩා පහන් නිවසේ තබා ගැනීම සූදුසූවේ.

උත්සව අවස්ථාවක දොළොස් මහේ පහනක් දෑල්වීම සෞභාග්‍යමත් ලකෂණයක් ලෙස සැලකේ. එයින් නැගෙන ආලෝකයෙන් කරන්නාවූ සූබ කටයූත්ත ආලෝකමත් වන බව ගැමියන් මෙන්ම නූතන වැඩිහිටියන් පවා විශ්වාස කරයි.



පිළිමතලාවේ පිත්තල භාණ්ඩ අලෙවි නියෝජිත ජිනදාස ගමගේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment