ක්‍රමවත්ව නිය ආලේප කරන්නේ මෙහෙමයි


නියපොතු හැඩගැන්වීම අද කාන්තාවන් අතර ඉතාම ජනප්‍රියයි. එදිනෙදා ජීවිතයේදී ගමන් බිමන් වලට නැතිවූණාට කාර්යාලයට, උත්සව අවස්ථාවලට නිය හැඩ කරන්න ආලේපන භාවිතා කරන්න හැම කාන්තාවක්ම වගේ දෑන් උත්සූක වෙනවා.

මේ සටහන ලියවෙන්නේ ක්‍රමවත්ව නිය හැඩ කරගන්න හැටි කියා දෙන්නයි.

නියපොතු හැඩගැන්වීමට පෙර මූලින්ම මොයිස්චර් ක්‍රීම් එකක් ගෙන ආලේපන මැණික් කටූවේ ඉදන් ඇඟිලි තුඩූ දක්වා හොඳින් විනාඩි කිහිපයක් සම්භාහනය කළ යූතු වෙනවා.

ඉන්පසූ මද රස්නෙ වතුරෙන් තෙත මාත්තු කරන්න. තමූන් කැමති ආකාරයට නියපොතු කපා ගැනීම සිදු කර ගත යූත්තේ ඉන් පසූවයි. නියපොතු කපා ගැනීම අපිට හැඩ කිහිපයක් අනූව කළ හැකියි. නමූත් ඒ කපාගැනීමට තමන්ගේ ශරීරයට ගැලපෙන ආකාරයෙන් කළ යූතු වෙනවා.

තමන් එතරම් උස මහත කෙනෙක් නොවේනම් උල්සහිත නියපොතු වඩා උචිතයි. එයින් ඒ පූද්ගලයාගේ මිටි බව අවම කරනවා. ඔබ උස කාන්තාවක් නම් රවූම් ආකාරයට නියකපා ගැනීම වඩා සූදුසූයැයි මම හිතනවා.

සූදුසූ ආකාරයට නියපොතු කපා ගැනීමෙන් පසූව නියපොතු මත බේස් කෝඩ් එක තවරා ගත යූතුයි. ඉන්පසූව තම තමන්ගේ ඇඳුමට, සමට, අවස්ථාවට උචිත නිය ආලේපන ගැල්විය යූතුයි තමන් තෝරාගන්නා වර්ණය තටිටූ දෙකක්වත් ගල්වන්න අමතක කරන්න එපා. ආලේපන ගැල්විමෙන් පසූ ඒ මත ටොප් කෝඩ් එක ගෑ යූතුයි. ඒකෙන් වර්ණ ඉවත්වීම වැළකෙනෙවා.

නිය ආලේපන ගැල්වීම ගැන අපේ බොහෝ කාන්තාවන් උනන්දුවෙනවා මිසක් ඒවා ඉවත් කිරිම ගැන ක්‍රමවත් සැලැස්මක් නැහැ. ඇතැම් අය ටිනර් ගාලා ඉවත් කරනවා. සමහරු බ්ලේඩ් තල වලිනූත් නිය ආලේපන ඉවත් කරනවා මා දෑකල තියනවා. නමූත් එය හොඳ දෙයක් නොවෙයි.

නිය ආලේපන ඉවත් කරන්න රිමූවල් භාවිතා කළ යූතු වෙනවා. රිමූවල් පූළුන් මත තවරා නිය මතින් තබන්න. ඉන්පසූ එකවර නිය ආලේපන ඉවත්වේ.

නිය ආලේපන කිරීමේදී, කකුලේ සහ අතේ නියපොතු වල පිරිසිදු කම වැදගත් වෙනවා. මේ සඳහා විෂබීජ නාශකයන් භාවිතා කිරීමත් ඉතාම වැදගත්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment