බයිසිකල් පැදීමෙන් හෝ වෙනත් කී්‍රඩා කිරීමෙන් කන්‍යා භාවය නැති වේද?

බයිසිකල් පැදීමෙන් හෝ වෙනත් කී්‍රඩා කිරීමෙන් කන්‍යා භාවය නැතිවෙන්නේ නැහැ
වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විසි තුනයි. මගේ දකුණූ පාදයේ රහස් ප්‍රදේශයට ආසන්නව දදයක් හටගෙන ඇත. මම කිසිම විටක කිසිදු පූද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධකමක් පවත්වා නැත.
මම ඉහත සඳහන් කළ දදය නිතර නිතර කසන්නට පටන් ගන්නවා. කසන විට හිස්හොරි මෙන් සූදු පාටට පොතු ගැලවී යනවා. කැසීමෙන් තුවාලවීමෙන් පසූ දියර ස්වභාවයක්ද දකින්නට ලැබෙනවා.
වෛද්‍යතුමනි මගේ හිසේ හිස්හොරි සෑදී ඇති අතර ඇහිබැමිවලද දෑන් ඒවා හටගෙන ඇත.
වෛද්‍යතුමනි ලබන මාර්තු මස මා විවාහ වීමට එකඟ වී ඇත. යෝජනාවක් අනූව විවාහ වීමට සිටින මට මගේ සහකරුට පාදයෙ ඇති දදය ගැන පැවසිමට නොහැකියි. දදය සූවකර ගත නොහැකිද? එය සහකරුවටත් වැළදේද?

පිළිතුර
පාදයේ ඉහළ කෙළවරේ නැත්නම් ඔබ පවසන ආකාරයට යෝනි මාර්ගය අවට කලවා ප්‍රදේශයේ ඇත්තේ සාමාන්‍ය සමයි. ඔබ පවසන ආකාරයේ දදයක් ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකියි. මෙය ලිංගික ආශ්‍රයක් නිසාම ඇති වෙන තත්ත්වයක් නොවේ. මේ සඳහා සූළු ප්‍රතිකාරයක් කිරීමෙන් සූවය ලබා ගත හැකියි.
ඔබ ඔබේ පවූලේ වෛද්‍යවරයා හමූවී මේ සඳහා ප්‍රතිකාර ලබාගන්න. ඇත්ත ඇති සැටියෙන් ලැජ්ජා නොවී ඔහූට පවසන්න.
මේ සඳහා කී්‍රම් විශේෂයක් ආලේපනය කිරීම ප්‍රමාණවත්. එහෙත් ඇතැම් අයට මෙම ඖෂධ අසාත්මික තත්ත්වයන් ඇති කරනවා. ඒ නිසා පූවත්පතින් ඔබට ප්‍රතිකාර පැවසිය නොහැකියි. මන්ද ඇතැම් කාන්තාවන් පූවත්පත් මගින් පවසන ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව තමාටත් ඇත්තේ මේ රෝගයයි නිශ්චය කොට ගනූ ලබනවා. ඔබ මනසික පීඩාවක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. පවූලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියා කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment