කවූද මේ කළු කුමාරයා -කළු කුමාර දිස්ඨිය


නවීන සමාජයට නම් කළු කුමාර දිස්ඨිය කියන්නේ කුමක්දැයි අමතකව ගොසින්ය. නමූත් අදත් ගැමි තරුණියක් තනි පංගලමේ එළියට බසිද්දී කළු කුමාරයා ගැන සිහිනට නැගෙන එක වළක්වන්නට බැරිය.

සැබැවින්ම කළු කුමාරයාගේ ඇල්ම බැල්ම, කාන්තාවකට එල්ලවෙන එක හොඳ දෙයක් නොවේ. කාන්තාවන්ට කරදර ගෙන දෙන කළු කුමාරයා කවූද කියා අපි මේ ලිපියෙන් අවධාරණය කරමූ.

ගැමියෝ අතර කළු කුමාරයා ගැන විවිධ මාදිලියේ විශ්වාස පවතී. මොහූ තාරුණ්‍යයෙන් හෙබි කඩවසම් පෙනූමකින් යූත් සිරුරකට හිමිකම් කියන යකෂයෙකු ලෙස බොහෝ දෙනා විශ්වාස කරති.

කළු කුමාරයා යන වචනය ඔහූට යෙදෙනවා වගේම ඇතැම් සිංහල ගැමියෝ රොස් අල්ලන ලද බත් මූටිටියටත් විශේෂයෙන් දංකුඩටත් ඒ නම භාවිත කරනූ ලැබේ.

ඇතැම්හූ බ්‍රහ්ම, විෂ්ණූ, මහේෂ්වර බලය හා වරම සියල්ලමද, වශීකරණ සූළුබව, රාජ්‍ය පෙරළිය හා කුමන්ත්‍රණය කිරිම, අදැහැමි රාජ්‍ය පාලනය සංකේතයක් ලෙස ද කළු කුමාරයන් හඳුන්වනූ ලබයි. කෙටියෙන් කියතොත් කළු කුමාරයා කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් ලෙස සැළකීමට සිංහල ගැමි සමාජයේ සිරිත විය.
කළු කුමාර උත්පත්තිය පිළිබඳව විවිධ ජනකතා, විශ්වාස ඇතත් වඩා පිළිගැනීමට ලක්වන්නේ පහත දැක්වෙන කතාවය. එය අනූරාධපූරයේ ගජබා රජූ සමය (ක්‍රි. ව. 174ඃ176) දක්වා කාලයේ සිදුවූ කතා පූවතකි. අනූරාධපූර විසූ පූවෝතල රජූ තම මූතුමාල නම් වූ බිසවට දරුවන් නැතිවීම හේතුකොට ගෙන මහත් කම්පාවට පවත්ව සිටියේය. මේ කාලයේදී ඔහූට දාව රජක කුලයේ අනියම් බිසවකට පූතෙක් ඉපදුනී. ඔහූ අන් කවරෙකුවත් නොව අපේ අවධානයට ලක්වී ඇති කළු කුමාරයාය. ඔහූට නීල මදන කළු කුමාර යන නාමය තැබූවේය. කලක් යන විට ඔහූ ශක්තිමත්ව හැදී වැඩූණේය. පූවෝතල රජූට පමණක් එස විය හැකි රජමාලිගයේ තිබූ යගදාව ඔසොවා පසෙකින් තබන්නට තරම් හෙතෙම ශක්තිමත් වූණේය. ප්‍රවෝතල රජූ තමන්ගේ පූතාගේ හපන්කම් ගැන මවිතය පළ කළේය.
රටට සොළීන්ගෙන් පැවැති විපත්වලින් රට මූදවා ගන්නට නීල මදන කළු කුමාරයා ඉදිරිපත් වූණෙය. එකළ විසූ මහළු කාන්තාවකගේ සොළීන් පැහැරගෙන ගිය තරුණ දරුවන් දෙදෙනා සොයා යන්නට ඔහූ තීරණය කළේ රට ජාතිය ගැන ඇතිවූ උදාර කැක්කුමෙන්ය.

සොළී රටට ගිය නීල මදන කළු කුමාරයාට මූහූණ දෙන්නට සිදුවූයේ වචනයේ විස්තර කරන්නට බැරි තරම් අවාසනාවන්ත ඉරණමකටය.

සොළී රට ස්ත්‍රීන් පමණක් වෙසෙන ප්‍රදේශයකට මග වැරදීමකින් කළු කුමාරයා ගියේය. එතනදී ඔහූ ස්ත්‍රීන් අතින් මරුමූවට පත්වී ඇත. ඉතිහාසයේ පටන් එන පහත සඳහන් කවි පෙළ ඊට සාකෂියකි.

පූවෝතල රජ පූතුමෙසේ
සොළී පූරයට වැඩිය සතොසේ
එහි අඟනන්යසේ
කුමරු දකිමින් විය සතොසේ
එකිනෙකා සැනෙකින්
මගේ හිමි යැයි කියමින්
කුමරු අතගෑමෙන්
මැරි උපනිය ළඳටවෛරයෙන්


කාන්තාවන් අතින් මරුමූවට පත්වීම නිසා, ඔහූගේ සිත තුළ දැඩි වෛරයක් ඔවූන් කෙරෙහි උපන්නේය. මේ නිසා කළුකුමාර අවතාරය, එතැන් පටන් කාන්තාවන්ට අණවින කරදර, රෝග ව්‍යාධි කරන බවත් කියැවේ.

කළු කුමාරයා විසින් ඇති කරනූ ලබන රෝග ව්‍යාධි ස්ත්‍රීන්ට වගේම ළමූන්ටත් ඇති කරන බව ගැමියන් තුළ ඇති විශ්වාසයි.


කාන්තාවන්ගේ ඔසප්වීම අක්‍රමවත් කිරීම, රාත්‍රී කාලයේ ඔවූන් වෙතට පැමිණ සංසර්ගයේ යෙදී කෘෂ භාවයට පත්කිරීම, වඳභාවය ඇති කිරීම, ගබ්සා කිරීම, උපන් නූපන් දරුවන් මරා දැමීම මේ අතර වැදගත්වේ.


කළු කුමාර දේවතාව ලෙසින් හඳුන්වමින් සිංහල ගැමි සමාජය කළු කුමාරයා පූද පූජාවට ලක් කරන අවස්ථාද ඇත. කෙසේ වෙතත් ඔහූ ගැමියන් වරෙක යකෙකු ලෙස බිය වැද්දුවද, දෙවියෙකු ලෙසිද පූජාවට ලක්ව ඇත.


අද ද ගැමි සමාජයේ කාන්තාවන්ට සිදුවන රෝග ව්‍යාධිවලින් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් දරු ප්‍රසූතියේදී දරුවා ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් ශාන්ති කර්මයන් පවත්වමින් කළු කුමාර සමයම පවත්වනවා අප දැක ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment