නිවස ඉදිරිපිට ඇති පිහිඹියා ගස වාසනාව ගෙනෙනවාද?


හොඳින් වැඩූණූ ගසකින් ලැබෙන්නා වූ සිසිලස කාමර වායූ සමීකරණ යන්ත්‍ර 5 ක් එක් දිනක පැය විස්සක් තුළ ක්‍රියා කිරීමෙන් ලැබෙන සිසිලසට සමාන බව ඇස්තමේන්තු කර ඇති බව ඇසූ විට ඔබ පූදුම වනූ ඇත.

එහෙත් සත්‍යය එයයි.

සූළං හමන විට ගස්වැල් ගහන ප්‍රදේශයකදී ලැබෙන සිසිලස ගැන අප අමූතුවෙන් කිව යූතු නොවේ. හමන සූළඟේ වේගය පාලනයට ගස්වැල් වලින් ඉටූ වන්නේ මහත් සේවයකි. ගස්වල උස, සිටූවා ඇති පරතරය, පත්‍ර වියනේ පිහිටීම, සූළඟේ වේගය පාලනය කෙරෙහි බලපායි. මෙහිදී සූළඟේ වේගය හා දිශාව වෙනස් කිරීමේ හැකියාව ගස් කොළන් වලට ඇත. මේ තත්ත්වය තේරුම් ගැනීම නිවෙස් අවට ගස්කොළන් වැවීමේදී මෙන්ම ගෙවතු සැලසූම් කිරීමේදී වඩාත් වැදගත්ය. අද බොහෝ දෙනෙක් නිවසේ ඉදිරිපිට ගස්කොළන් වැවීමේදී නොයෙකුත් මත දරයි. නිවසට වාසනාව ගෙනෙන ගස් අපල දුරු වීම සඳහා යොදා ගනූ ලබන ගස් ආදී වශයෙන් ගස්කොළන් තෝරා ගනූ ලබයි. බොහෝ දෙනා පිහිඹියා ගස වාසනාව ගෙන දෙන ගසක් ලෙස තෝරා ගැනීමට පෙළඹීම අද බොහෝ විට අසන්නට ලැබේ. ඉක්මනින් වර්ධනය වන ලක්ෂණයත් නෙතට ප්‍රිය දසූනක් වන ආකාරයට ශාක වියන සකස් කර ගැනීමේ හැකියාවත් ප්‍රියමනාප කොළ පැහැති පත්‍ර පිහිටීමත් පිහිඹියා ගස සතුය. අලුතින් නිවසක් ගොඩනගා ගන්නා අයෙක් බලාපොරොත්තු වන්නේ ඉක්මනින් සෙන ඇති කර ගැනීමටය. බොහෝ කර්කශ පරිසර තත්ත්වයන් යටතේ වූව පිහිඹියා ගස හොඳින් වැඩේ. වැඩ කටයූතු කරන අවස්ථාවක ගසේ අතු කැඩී බීිද ගියත් නැවතත් ඉක්මනින් හොඳින් අතු රිකිලිිි ලියලා වැඩෙන ලක්ෂණය නිසා තිබූණාට වඩා හොඳින් වර්ධනය වීමේ ලක්ෂණ පිහිඹියා ගස සතුය. වතුර සැපයීම අතපසූ වූවත් මැලවීමක් නොමැතිව වැඩි කාලයක් ඔරොත්තු දීමේ හැකියාවක්ද ඇත. පත්‍රවල සැලැස්මද අලංකාර බවක් දක්වයි. එපමණක් නොව මෙහි පත්‍ර හොඳ කොළ පොහොරක් ලෙස ප්‍රයෝජනයට ගත හැකිය. උනන්දුවෙන් රැකබලා ගන්නේ නම් පහසූවෙන් හොඳ පත්‍ර වියනක් නඩත්තු කර ගැනීමටද පූළුවන්.

ප්‍රසන්න කොළ පාටින් යූත් කොළ පිරී ඇති හොඳින් අතු පතර විහිදී ගිය ගසක් නිවස ඉදිරිපිට තිබේ නම් එය වාසනාවේ ලක්ෂණයක් නොවන්නේද, එවන් ලක්ෂණ සහිත පිහිඹියා ගසක් ඔබේ නිවස ඉදිරිපිටත් තිබේ නම් ඔබේ නිවසත් "සිරියාවන්ත නිවසක්" යයි දකින කවූරුත් ප්‍රකාශ කරනූ ඇත.




සූසිලා රත්නසේකර
කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment