නිවසේ වියදම අඩූ කරගන්න බණ්ඩක්කා හිටවමූ

බණ්ඩක්කා ගස් දෙක තුනක් ගෙදරකට ප්‍රමාණවත්. ගෙවත්තේ ඉඩ නැතැයි මැසිවිලි නගන්න එපා. පෝච්චියක, හාල් බෑග් එකක බණ්ඩක්කා පැළ සිටූවා ගන්නට පූළුවන්.

පේ ගෙවත්තේ ඉඩක් එළවළු වගාවට වෙන් කරමූ

විශේෂයෙන්ම එළවළුවලින් අපේ ආහාර වේලට එක්වන්නේ විටමින් හා ඛනිජ වර්ග ප්‍රෝටීන් වූවත් සෑහෙන ප්‍රමාණයක් ඒ ඒ එළවළු වර්ගවලින් ලැබෙන බව අමතක නොකළ යූතුයි.

ආහාර වේල් සැකසීමේදී ගෘහනියකට ඇත්තේ විශාල වගකීමකි. ආහාර වේලට එළවළු, පලා, මස්, මාළු හෝ කරවල පමණක් නොව ආහාර වේලෙන් පසූ පලතුරක් ආහාරයට එක් කර ගැනීමටත් බොහෝ කාන්තාවන් අමතක නොකරයි. එහෙත් එදිනෙදා ලැබෙන ආදායමට සරිලන සේ ආහාර වේල සකස් කර ගැනීමට අපට සිදුව තිබේ. ඉතින් පෝෂණය ගැන සිතිය යූතු වූවත් ආර්ථිකය ගැනත් සිතිය යූතු කාලයක් නිසා ගෙවත්තේ ඉඩ ඇති පරිදි යමක් සිටූවා ගැනීම කාලෝචිත වූත් බූද්ධිමත්වූත් ක්‍රියාවක් බව විශේෂයෙන් අවධානයට යොමූ කළ යූතුය.

ඔබේ ගෙවත්තට සූදුසූ වන්නේ කුමන බෝග වර්ගද?

අපි වගා කරන එළවළු උඩරට එළවළු හා පහතරට එළවළු වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකිය. නමූත් සමහර වර්ගවල සමහර ප්‍රභේද ප්‍රදේශයට ලෙස සකස් කර ඇත. පහතරට ප්‍රදේශවලට ගැළපෙන ගෙඩි ගෝවා ප්‍රභේද තිබීම මෙයට එක් නිදසූනකි. සමහර එළවළු වර්ග බීජ තවාන් දමා පැළ ලබාගෙන වගා කිරීම අවශ්‍ය වූවත් සමහර එළවළු බීජ කෙළින්ම සිටූවීම කළ හැකිය. බොහෝ දෙනෙක් එවැනි බීජ මගින් වගාවන් ආරම්භ කිරීමට කැමතිය. බණ්ඩක්කා, කරවිල, පතෝල, වටිටක්කා වැනි බීජ කෙළින්ම සිටූවිය හැකිය. බොහෝ දෙනෙක් ප්‍රිය කරන බණ්ඩක්කා සිටූවීම ගැන අපි අද කතා කරමූ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරනූ ලබන බණ්ඩක්කා වර්ග කිහිපයක් ඇත. ඵ ෂ 5 ල ඵ ෂ 7 හරිත යන වර්ග අද ගොවින් වගා කරනූ ලබයි. ඵ ෂ 5 වර්ගය වියළි කලාපයේ මාස් කරන්නයටත් අනෙක් කලාපවල යල මහ කන්න දෙකටමත් ඵෂ 7 වියලි කලාපයේ යල කන්නයට ද අනෙක් කලාපවල යල මහ දෙකන්නයටම ද යෝග්‍ය වන අතර දින 55 ඃ 60 කින් මූල් අස්වැන්න නෙලා ගත හැකිය. හරිත වර්ගය වියළි කලාපයේදී වඩා හොඳ වර්ධනයක් පෙන්වයි. යල මහ කන්න දෙකටම යෝග්‍ය වේ. අනෙක් වර්ගවලට වඩා කලින් අස්වැන්න ලබා දේ. යල කන්නය අපේ්‍රල් මස සිට මැයි මස මූල දක්වාත් මහ කන්නය සඳහා සැප්තැම්බර් මස මූල සිට ඔක්තෝම්බර් මස මූල දක්වාත් වගාව ආරම්භ කිරීම වඩාත් සූදුසූය.

ගෙවතු වගාවක් ලෙස සිටූවීමේදී බදුන් උපයෝගි කරගෙන බීජ සිටූව වගාවක් කළ හැකි අතර බීජ බිම ඉන්දවන්නේ නම් සෙ.මී. 90*60 පරතරයට සිටූවීම යෝග්‍යය. දිරාපත් වූ ගොම පොහොර හෝ කොම්පොහොස්ටි පොහොර වලින් හෝ සෙ.මී. 30*30*30 ප්‍රමාණයෙන් සකස් කර ගත් වලවල් පූරවා එක තැනක බීජ 3 ඃ 4 බැගින් සිටූවීම අවශ්‍යය. ජලයේ පොගවාගත් බීජ සිටූවීම පැලවීම ඉක්මන් වීමට හේතු වේ.

බීජ පැලවී සති 2 ක් පමණ ගත වූ පසූ එක තැනක නිරෝගි පැළ 2 ක් ඉතිරි කර අනෙක් පැළ ගලවා ඉවත් කරන්න.

ගෙවතු වගාවේ දී කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක වගාවක් නඩත්තු කළ හැකි වූවත් පැළෑටි පෝෂක මදිකමක් පෙන්වන්නේ නම් එළවළු වගාව සඳහා නිර්දේශ කර ඇති පොහොර තේ හැඳි 1 ක් පමණ පැළ මතු වී සති 4 ක දී හා සති 8 කදී යෙදීම කළ හැකිය.

ගෙවත්තේ ඔබ වගා කරන බෝගය නිතිපතා පරීක්ෂා කිරීමෙන් රෝග හා කෘමි හානි දකින මූල් අවස්ථාවේදීම ඒ කොටස් විනාශ කර දෑමීමෙන් ඒවා මර්දනය කර ගත හැකිය.



සූසිලා රත්නසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment