වසන්තය උදාවීමත් සමග දියණියට ඇතිවන ගැටළු -තරුණියන්ට විශේෂයි


වසන්තය උදාවනතුරු අප බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. යෞවනයද වසන්තයකි. ජීවිතයේ වසන්තය එයයි. වයස අවූරුද 9- 14 අතරදී සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙකු වසන්තයට පිය ඔසවයි. ළමා වියේ සිට වැඩූණූ වියට යන ගමනේ අතිශය වැදගත් සංක්‍රාන්තිමය සමයක් ලෙස මෙම සමය සැලකීමට පූළුවන. වසර ගණනාවක් තිස්සේ සිරුර තුළ ක්‍රමානූකූල ක්‍රියාපිළිවෙලක ඵලය මල්වරවීම (ගෙටවීම, කොටහළු වීම, පිළිහොඳ වීම හෙවත් (ඔසප්වීම) ලෙස හැඳින්වෙයි. මෙම ක්‍රියාවලිය පිටූපස මොළයේ පෙළඹවිම මත ස්‍රාවය වන හෝමොන් ලෙස හැඳින්වෙන ශාරීරික රසායනකවල ප්‍රබල දායකත්වයක් පවතියි.

එයා දෑන් ලොකු ළමයෙක්

කිහිලිවල සහ ලිංගික ප්‍ර්‍රදේශ වල රෝම ඒම, පියයූරු ප්‍රමාණයෙන් විශාල වීම සහ උකුල් පෙදෙස ආරා ඒම වසන්තය උදා වන විට කොහා හැම වැනිය.
දෑරියකගේ වසන්ත උදාවයට බලපාන කරුණූ කිහිපයකි. අයත් ජාතිය, ආරය, සමාජ, ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය හා පෝෂණ තත්ත්ව මේ අතරින් වඩාත් ප්‍ර්‍රමූඛ ලෙස බලපායි.

නියමිත වයසට පෙර මල්වරවීමවසන්ත උදාව එයට නියමිත වූ වකවානූවට පෙර එනම් ලාබාල වයසේදී සිදුවන අවස්ථාද ඇත. අඩූ වයසින් මෙම තත්ත්වයට මූහූණ දුන් දෑරියක් ඉක්මනින් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යූතුය. එයට හේතුව මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ මොළයේ ඩිම්බකෝෂවල හෝ අධිවෘක්ක ග්‍රන්ථි වල පවතින ගෙඩියක් අර්බූදයක් නිසා විය හැකි වීමය.

හෝමෝන අඩංගු ආලේප ගැල්වීමද අඩූ වයසින් මල්වර වීමට හේතුවක්

පසූබිම් හේතුව එය නම් වහා වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යූතුය. ඊස්ට්‍රජන්, හෝමොන් අඩංගු ඖෂධ ගැනීම ආලේප ගැල්වීම වැනි හේතු නිිසාද ලාබාල වයසේදීම දෑරියක් මල්වර වීමට පූළුවන.


තවත් ගැටළුවක්
අනෙක් අතට වයස අවූරුදු 16 වන විටත් මල්වර වීම පළමූ ආර්ථවය නොසිදුව පැවතියේ නම් එයද ගැටළුකාරී තත්ත්වයකි.

දෙමවූපියන්ට සිත් තැවූලක්දෑරියට පමණක් නොව ඇයගේ දෙමවූපියන්ට හිතවතු්නට පවා මෙය බෙහෝ කාංසා සහගත තත්ත්වයක් වීමට ඉඩ තිබේ. මෙහිදී නාරිවේද විශේෂයකු වෙත යෑම දෑරියට අවූරුදු 16 ක් වනතුරු සිටීම අවශ්‍ය නැත. අවූරුදු 13 දී පමණ පියයූරු විශාල වීම කිහිලි සහ යූනික ප්‍රදේශවල රෝම ඒම වැනි මූල් ලක්ෂණ නොමැති වේනම් එම පියවර ගැනීම උචිතය.

ස්වභාවිකවම ගර්භාෂය නැතිද?
එවැනි දෑරියක තුළ ඩිම්බකෝෂ හෝ ගර්භාෂයට හෝ ස්වභාවයෙන්ම නොපැවතීම පවා සිදුවිය හැකිය. එසේ නැතහොත් ඇයගේ කුමරිචන්දය සිදුරු නොවී පැවතීම නිසා ආර්තව රුධිරයට ගලා ආ නොව යෝනි මාර්ගයේ එක් රැස් වී තිබෙනවා වීමට පූළුවනි. එවැනි විටෙක කුමරිච්ඡද පටලය ශල්‍ය කර්මයක් මගින් සිදුරු කර අවහිය ඉවත් කිරීමට සිදුවෙයි. ආර්තවාරම්භය පමාවීමට මූල්වන හේතු අතර ගෙඩි පැවතීම සමහර රෝග තත්ත්වයන් පැවතීම හෝමෝන අසාමාන්‍ය පෝෂණ දුර්වලතා මෙන්ම තදින් ඇඟ වෙහෙසීම (ක්‍රීඩා වල යෙදීම) ආදියද දෑකිය හැකිය.


සාමාන්‍ය තත්ත්වයන්
මූල් මල්වර සමයේදී ඔසප් වීම ක්‍රමවත් භාවයක් නොපැවතීමට පූළුවනි. සමහර විට මූල් ආර්තවය සිදුවී වැඩි කාලයක් නැවත ආර්තවය සිදු නොවීමට ඉඩ ඇත. නොඑසේ නම් මාස 3 - 4 කට වරක් ආර්ථවය සිදු නොවනවා වීමට පූළුවනි. මේවා බොහෝ විට සාමාන්‍යය. ඇයගේ මොළයෙන් සිදුවන හෝමෝන ස්‍රාවය වීම තවමත් ක්‍රමානූකූල නොවන නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එනිසා ඇයගේ ඩිම්බකෝෂවලින් ඩිම්බ මූදා හැරීමත් සිදු නොවනවා වීමට පූළුවන.


කල්පනාකාරී වන්න
කෙසේ වෙතත් මූල් ආර්තවයෙන් මාස 6 ක් යන තුරු නැවත ආර්තවය සිදු නොවූණහොත් වසර 2 - 3 ක් යනතුරු යාන්තම් රුධිර බිංදු කිහිපයක් පමණක් බැහැර වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා හේතුව සොයා බැලීම ප්‍රයෝජනවත්ය. මෙහිදී මතක තබා ගත යූතු තවත් කරුණක් නම් ඇය ලිංගිකව හැසිරී ඇත්නම් ආර්තවය සිදු නොවන්නේ දරු පිළිසිදීමක් නිසා වීමටත් පූළුවන.


වසන්තවියේ තවත් ගැටළුවක්
වසන්ත සමයේ යූවතියන් තවත් පීඩා විඳින තත්ත්වයක් වනූයේ ආර්තවයේදී වැඩිපූර රුධිර වහනයක් සිදුවීමත් ආර්තවය ක්‍රමවත් ලෙස සිදුනොවීමත්ය. සාමාන්‍යයෙන් දින 28 කට වරක් සිදුවෙතැයි පළ වූවද කන්තාවකගේ එක් ආර්තව චක්‍රයට අයත් දින ගණන දින 18 - 45 දක්වා වෙනස් විය හැකිය. සෑම ආර්තව චක්‍රයක් සඳහාම බොහෝ විට එකම දින ගණනක් පැවතීම සාමාන්‍ය වූවද විවිධ කායික - මානසික හා පාරිසරිකමය හේතුන් මත එයද වෙනස් වීමට පූළුවන.


රුධිර වහනය වැඩිද?
සාමාන්‍යයෙන් රුධිර වහනය සිදුවන දින ගණන දින 3 - 7 දක්වා වෙනස් වෙයි. එසේම බැහැර වන රුධිරය ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලි ලීටර 30 - 40 ත් අතර වෙයි. (සමහර කාන්තාවන් එම ප්‍රමාණය මිලි ලීටර 80 ක් දක්වා වැඩිවිය හැකිය) මෙවැනි සාමාන්‍යයෙන් ඉක්මවා යන යූවතියන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් වී එම තත්ත්වයට පාදක වන හේතු සොයා බැලිය යූතුය. සමහර විට එය කායික හේතුන් නිසා මෙන්ම හෝමෝන අසමතුලිතතාවයක් හෝ අර්බූද (ගෙඩි) වැනි තත්ත්වයක් නිසා උද්ගත වීමටත් පූළුවන. සමහර යූවතියන්ගේ පෝෂණ ඌනතා වැනි තත්ත්වයන් නිසා පෙර සඳහන් කළ තත්ත්වයන් උදා විය හැකිය. මෙවන් සමහර යූවතියන්ට ඊස්ට්‍රජන් වැනි හෝමෝන අඩංගු ප්‍රතිකාර ලබාදීම මගින් සූවපත් කළ හැකි තත්ත්යවක් ලෙසටද එය දෑකිය හැකිය.


දරුණූ බඩේ වේදනාවආර්තව දිනවල දරුණූ ලෙස වේදනාවෙන් පෙලීමද සමහර යූවතියන් තුළින් දෑකිය හැකිය. අධික ලෙස බඩ රිදීම, යටබඩ කොර වීම වැනි පැමිණිලි ඔවූන් වෙතින් සිදු වෙයි. සමහර අය තම ඔසප් වීම ආරම්භ වීමට දිනකට දෙකකට පෙරාතුවද තවත් සමහර අයට ඔසප් ආරම්භ වී පැය 1- 4 ක් අතරතද මෙම බඩරිදීම කොරවීම දින 2 - 4 දක්වා කාලයක පවතිය හැක. මෙහිදී උදර වේදනාවට අමතරව ඔක්කාරය වමනය හිසරදය ඇඟපත රිදීම වෙහෙස දෑනීම සමහර විට ක්ලාන්තය ඇතිවීම යනාදිය දෑකිය හැකිය. සූළු වේදනා නාශක ඖෂධ ගැනීම මගින් සහනය සැලසෙන අතර තවත් සමහර අය හට වඩාත් සංකීර්ණ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවෙයි.


ජීවිතයේ වසන්ත සමයේදී මතුවන මෙවැනි ගැටළුවලට බිය නොවි පසූතැවිලි නොවී වෛද්‍ය උපදෙස් ලබාගෙන සහනය සලසා ගැනීම වැදගත් බව අවබෝධ කරගන්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment