කාන්තාවන් කියවිය යුතු -ජීවිතයේ ස්වභාවික අවස්ථාවක් ඔබට හෙට අලූත් දවසක්


බිළිඳියක් ලෙස ඉපිද ළදැරියක ලෙස සූරතල් පා බාලිකාවක ලෙස පාසල් ගොස් යූවතියක ලෙස ඉන් බැහැරව යූග දිවියන එළඹ, මවක ලෙස දරුවන් ලැබ ගැහැණියක ලෙස...., කාන්තාවකගේ ජීවිත ගමන නන් ආකාරයෙන් අදියරෙන් අදියර දිග හැරිය හැකිය. එනූමූදු ප්‍රජනන සෞඛ්‍යමය නෙතින් කාන්තාවකගේ ජිවිතයේ වැදගත් සංසිද්දීන් දෙකක් ඇගේ ගමන්මග හා සෞඛ්‍යය මෙහෙයවන බව නම් කිව හැකිය. මේ අවස්ථා යූගල නම් ගැහැණූ දරුවෙකු ලොකු ළමයෙකු වන හෙවත් මල්වර වන අවස්ථාවත් කාන්තාවක් සිය ඔසප් (අර්ථව) හැකියාව අවසන් කරන මල්හර වන අවසථාවත් යන අවදි දෙකය.

මල්හර වීම නැතිනම් ආර්ථවහරණ (මෙනොපෝස)් ලෙස හැඳින්වෙන තත්ත්වය හා මෙම අවදියේදී කාන්තාවක් මූහූණ දෙන අත්දෑකීම් හා ගැටළු රාශියකි.

ආර්ථවහරණය යනූ කුමක්ද?

ආර්ථවහරණය යනූ කාන්තාවකගේ ජීවිතය තුළ අන්තර් තවත් එක් සංක්‍රාන්ති සමයකි. මේ යූගයේදී ඇයගේ සිරුර තුළ නිපදවන ස්වභාවික හෝමෝන විශේෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය පහළ වැටෙයි. එතෙක් ඇය තුළ සිදු වූ මාසික ආර්ථව චක්‍රය නැතිනම්


ඔසප් වීම ක්‍රමයෙන් නතර වෙයි.

සෑම මසකම ඊස්ට්‍රජන් හා පොජෙස්ටරෝන් හොමෝන දෙක ස්තී්‍ර සිරුර ගර්භණීභාවයක් සඳහා සූදානම් කරයි. ඊස්ට්‍රජන් හෝමෝනය ගර්භාෂ බිත්ති සාදන අතර පොජෙස්ට්‍රරෝන් මෙම සැකසීමේ නිමාව ඇති කරයි. ගැබ් නොපිිළිසිදෙන විට මෙම හෝමෝන ස්‍රාවය වන ප්‍රමාණය පහළ බැස ඔසප් වීම ඇති කරයි. කාන්තාවක් වයස්ගත වන විට මෙම ස්වාභාවික ලිංගික හොමෝන නිෂ්පාදනය අඩූවෙයි. ඒ හා සමගම මාසික චක්‍රය අවූල් වී ක්‍රම ක්‍රමයෙන් එය නතර වන තැනට ගමන් කරයි.


ආර්ථවහරණය හඟවන ලක්ෂණ තිබේද?

ආර්ථවහරණය පිළිබඳ ලක්ෂණ එක් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට වෙනස් වෙයි. ඒවා දෑනෙන ප්‍රමාණය අඩූ වැඩි වීමටද පූළුවන. එහෙත් ආර්ථවහරණයේදී කාන්තාවන් බොහොමයකට පොදුවන ලක්ෂණද කීපයකි. ඒවා නම්


ඔසප් වීමේ අක්‍රමවත් බව

වරින් වර දෑනෙන ඇඟ උනූසූම් වීම
රාත්‍රි කාලයේදී දහඩිය දෑමීම
යෝනි මාර්ගයේ වියළි බව
වේදනාව ඇතුළු ලිංගික සංසර්ගයේදී දෑනෙන අපහසූතා
මූත්‍රා දෑවිල්ල, මූත්‍රා කිරීමේදී වේදනාව දෑනීම ආදී මූත්‍රා කිරීම සම්බන්ධව ගැටළු

ලිංගික ආශාවන් හීන වීම
චිත්ත ස්වභාවය (මූඩ් වෙනස්වීම)
විශාදයට යොමූ වීම
සම වියළි තුනීවිම
නින්ද නොයාම
හිසරදය
මතක නැති වීම
නොඉවසිලිමත් බව හා ඉක්මනින් තරහායාම


ඇඟ උණූසූම් වීම යනූ කුමක්ද?

ආර්ථවහරණ ආරම්භයත් සමග ඉතා සූලබ තත්ත්වයක් වන මෙය "හොටි ෆලෂස්" ලෙස ඉංගී්‍රසියෙන් හැඳින්වෙයි. මෙහිදී එක්වරම තම සිරුරේ උණූසූම් බවත් රත් වීමත් සිරුර පූරා දිව යන බවත් කාන්තාවට හැඟෙයි. සමහර විට හද ගැස්මත් ඉහළ යයි. තත්ත්පර ගණනාවක සිට මිනිත්තු කීපයක් දක්වා පැවතිය හැකි මෙම තත්ත්වය දවස පූරා වරින් වර ඇති විය හැකිය. මේ නිසා නින්දටද බාධා පැමිණෙයි. රාත්‍රි කාලයේදී මේ හා සමග අධික ලෙස දහඩිය දෑමීමටද පූළුවන.

ආර්ථවහරණයෙන් ටික දිනකින් මෙම තත්ත්වයන් පහ වී යාමද ස්වභාවිකය.


නොසන්සූන් බව ඉක්මනින් කෝප වීම මෙම යූගයේ සූලබ ලක්ෂණද?
මෙය ද බොහෝ කාන්තාවන් තුළින් දෑකිය හැකි මෙම යූගයේ ගැටළු තත්ත්වයකි. සැමියා හා දරුවන් වැනි සමීපයන් සමග පවා සූළු දෙයටත් කේන්ති ගෙන දබර කර ගැනීමටද පෙළඹෙයි. මෙහිදී කාන්තාවන් මෙම වයසේදී මූහූණ දෙන ස්වභාවික තත්ත්වයන් තේරුම් ගෙන ඇයට සහය වන ලෙස ක්‍රියා කිරීම ආදරණීය සැමියා හා දරුවන් ඇතුළු පවූලේ සමීපයන්ගේද යූතුකමකි.


ආර්ථවහරණයෙන් පසූ විමසිලිමත් වන්න.

1.ඔස්ටියෝපොරෝසිස්

ආර්ථවහරණයෙන් පසූ කාන්තාවකගේ අස්ථිවලින් කැල්සියම් බැහැර වීම නිසා ඇට වල ගුණාත්මකභාවය පහළ වැටී ඇට බිඳිම් තත්ත්වයන් පහසූවෙන් ඇති විය හැකිය. මෙය ඔස්ටියෝපොරෝසිස් නමි. කාන්තාවකගේ අස්ථි ඝනත්වයෙන් සියයට එකක ප්‍රමාණය වාර්ෂිකව අහිමි කරවන නිසා එය පාලනයට පියවර ගැනීම වැදගත්ය.

කිරි (කෝපප 1 ක මි. ග්‍රෑ 300 ක්) යෝගටි (කෝප්ප 1 ක මි. ග්‍රෑ 400 ක්) හා වෙනත් කිරි ආහාර නිතිපතා ගැනීම

වියළි හාල්මැස්සන් හා කුඩා මාලු කටූත් සමග ආහාරයට ගැනීම


එළවළු හා පලතුරු බහූල මිශ්‍ර ආහාර වේලක් ගැනීම


දිනක් හැර දිනක් පාහේ පැය 1/2 ක කාලයක් ව්‍යායාම ගැනීම


ශරීරයේ බර පාලනය කර ගැනීම (තෙල් ,මේද ,පිටි හා සීනි බහූල ආහාර ගැනීම අඩූ කිරීම)


දුම්පානයෙන් වැළකීම


කැල්සියම් පෙති වශයෙන් ගැනීම


ස්ටෙරොයිඩ (උදා ප්‍රෙඩිනසලෝන්) ගණයේ ඖෂධ ගැනීමෙන් වැලකීම


වෛද්‍ය උපදෙස් මත කැල්සියම් අඩූ කරන ඖෂධ හා හෝමෝන ප්‍රතිකාරය ලැබීම


2. හෘදයාබාධ ඇතිවීම


ඊස්ට්‍රජන් හෝමෝනය සැලසූ ආරක්ෂාව නිමාවීම නිසා දෑන් හෘදයාබාධ ඇතිවීමට පවත්නා ඉඩකඩ පිරිමියෙකුට සමානය. ආර්ථවහරණයත් සමග
වසරකට වරක්වත් රුධිරගත කොලෙස්ටරෝල් මටිටම මැන බැලීම
පලතුරු, එළවළු, නිවූඩ්ඩ සහිත හාල් අඩංගු ආහාර වේලකට හූරු වීම
තෙල් හා මේදය සහිත ආහාර ගැනීම අවම කිරීම
නිතිපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර රැක ගැනීම
දුම්පානයෙන් ඈත්වීම හා දුම් බොන අයඅසල පවා නොසිටීම.
මෙහිදි සහනය ලැබීමට ගත හැකි පියවරයි


පියයූරු පිළිකා සහ ගැබ්ගෙල පරීක්ෂාවට ලක් කරන්න
පියයූරුවල අසාමාන්‍ය තත්ත්වයක් ඇත්දැයි විමසා බැලීම

පැප් පරීක්ෂණයට වසර 2 - 3 කට වරක්වත් යොමූ වීම
(ගැබ්ගෙල පිළිකාව සඳහා)

අවශ්‍ය උපදෙස් හා පරීක්ෂණ ඔබේ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සූවනාරි සායනයෙන් ලබාගත හැකිය.


ලිංගික ආශාවන් හීන වීම
මෙය බොහෝ විට තාවකාලික තත්ත්වයකි. සැමියා සමග පවත්නා තත්ත්වය ගැන සාකච්ඡා කරන්න. දරු ගැබක් හට ගැනීම සඳහා ඉඩක් නැති බව දෑනීමත් සමගම වඩාත් සතුටූදායක ලෙස ලිංගික ක්‍රියාවන්හි නිරත වීමට ඉඩ තිබේ.
යෝනි මාර්ගයේ වියළි බව නැති කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා සූදුසූ ජෙල් වර්ගයක් පාවිච්චි කිරීමටද පූළුවන්.

ආර්ථවහරණ බලපෑම් වලින් මිදීමට ගත යූතු ක්‍රියා මාර්ග කවරේද?
සෞඛ්‍යයට හිතකර ආහාර වේලකට හූරුවන්න

ආහාරයෙහි අඩංගු වන මේද තෙල් හා පිටි ප්‍රමාණය අඩූ කරන්න.

පලතුරු සහ එළවළු වැඩි වැඩියෙන් ආහාරයට හූරුවන්න. තන්තු

හෙවත් රොඩ්ඩ බහූල ආහාර (උදා. පොළොස්, කෙසෙල්මූව, කොහිල, පියලි ඇට, නිවූඩ්ඩ, ආහාරයට ගන්න. (සෝයා බෝංචි නිෂ්පාදන තුළ ඊස්ට්‍රජන් සමාන රසායනික අඩංගුය.)

කිරි සහ යෝගටි වැනි කිරි නිෂ්පාදන නිතර ගන්න. එය ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන් පාලනයට ද සමත්ය.

ඇවිදීම, පිහිනීම, එකතැන දිවීම වැනි ව්‍යායාමවල නිරත වන්න. (මෙම පියවර ආර්ථව ලක්ෂණවලින් මිදීමට පමණක් නොව අස්ථි ශක්තිමත් වීමට සහ හෘදයාබාධ තර්ජනය අවම කිරීමටත් උදව් කරයි.)

කපූ ඇඳුම් - විශේෂයෙන් කපූ යට ඇඳුම් අඳින්න.

ආතතියෙන් මිදීමට භාවනාවට හා වෙනත් ආගමික හා සිත සන්සූන් කරන කටයූතුවලට හූරුවන්න

හෝමෝන ප්‍රතිකාර අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනූව එය ලබාගන්න.

කෙටිකාලීන වශයෙන් හෝමෝන ප්‍රතිකාර (ඊස්ට්‍රජන් හෝමෝන) ගැනීම නිසා ඇඟ උණූසූම් වීම, නින්ද නොයාම, රාත්‍රි කාලයේදී අධිකව දහඩිය දෑමීම, යෝනි මාර්ගය වියලීම, මතකය ගිලිහී යාම, ඔස්ටියෝපොරෝසිස් ඇතිවීම වැනි තත්ත්වයන් සමනය වන බවටත් දීර්ඝ කාලීන ලෙස සහ පියයූරු පිළිකා, රුධිරය කැටි ගැසීම සහ හෘදයාබාධ තර්ජන ඇතිවිය හැකි බවටත් වෛද්‍ය මත පවතින බව දෑන සිටීම ඔබට යහපත්ය.

පෙර අධ්‍යයනයන් මගින් හෝමෝන ප්‍රතිකාර ගැනීම නිසා ලැබෙන සෞඛ්‍ය වාසිවලට වඩා අවාසි ඇති බවට තර්කයක් ගොඩ නැගිනි. එහෙත් ඉතා මෑතකදී කළ අධ්‍යයනයට අනූව සිය වයස 40 දශකය අග භාගයේදී 50 දශකය මූල් සමයේදී ආර්ථවහරණයට ලක් වන කාන්තාවන්ට හෝමෝන ප්‍රතිකාර මගින් වැඩි වාසි හා ප්‍රයෝජන ලැබෙන බව දක්වා ඇත. මෙහිදි ඔබට උපදෙස් ලැබිය හැකි හොඳම පූද්ගලයා වන්නේ ඔබේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාය.


ප්‍රති විශාදිය ඖෂධ
වෛද්‍ය උපදෙස් අනූව ලැබිය හැකි මෙම ඖෂධ මගින් ඇඟ උණූූසූම් වීමට, රාත්‍රි දහඩිය දෑමීමට හා ආතති තත්ත්වයට යම් සහනයක් ලද හැකිය.

සෑම කාන්තාවක්ම ආර්ථවහරණයට මූහූණ දිය යූතුය. එය ඇයට තවත් අභියෝගයක් පමණි. ජීවිතය වඩාත් ඵලදායි කර ගැනීමට බොහෝ කර්තව්‍යයන් මෙම අභියෝගයට මූහූණ දීමේදී යොදාගත හැකිය.







Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment