කෑම රසවෙන්න එළවළු කපන ක්‍රමයත් වැදගත්


වම්බටූ සම්බෝලය

රවූමට හෝ මදක් ඇලව පෙති ලෙස කපාගත් වම්බටූ බැද සම්බෝල සෑදීමට සූදුසූයි. ඒ වගේම වර්තමානයේ විවිධ ක්‍රමයට ආහාර පිළියෙල කරනවා. සෝස් වර්ග එක්කරමින් සාදන ආහාර වටිටෝරු සඳහා ද වම්බටූ රවූම් පෙති කපා ගත යූතුයි.


බැද ඉවීම
වම්බටූ කරල දෙකට කපා, එය හීනියට තීරු ලෙස කපා ගන්නේ බැදලා ඉවීම සඳහායි. බටූ වම්බටූ ලෙසින් හැඳින්වෙන කුඩා වම්බටූ කරල් නම් කරල පිටින්ම තීරු කපා උයන්න. නැටිටත් සමග කපා ඉවූවාම ලස්සනයි.


බටූ මෝජූ
බටූ මෝජූ සෑදීම සඳහා වම්බටූ කපන විට, වම්බටූ කරල කොටස් තුනකට කපා සිහින් තීරු කපාගත යූතුයි. අච්චාරු දෑමීමටද මෙලෙස කපාගත යූතුයි.


කිරට ඃ කිරට ඉවීම සඳහා බටූ ගෙඩිය දෙකට පලා හීනියට කපන්න.
වම්බටූ කැපූ විගස කහ ස්වල්පයක් දමා හොඳින් අතගා තබන්න. නැතිනම් කහට පිපෙනවා. කහ පමණක් අතගා තැබිය යූතුයි. විශේෂයෙන්ම බටූ බදින විට ලුණූ දමා තිබූණහොත් වතුර එකතු වෙනව.


කැරටි වෑංජනයට

කැරටි වෑංජනය ඉවීමේදී සිහින් තීරු කපා ඉවීම ලස්සනයි. ඇතැම් අය කැමතියි ලොකු කෑලි කපලා උයන්න. එහෙම අයට කැරටි පෙති කපා උයන්න පූළුවන්.


අච්චාරුවට

සිංහල අච්චාරු සඳහා යොදා ගන්නේ කැරටි තීරුයි. නමූත් මැලේ අච්චාරු සඳහා නම් කැරටි රවූම් යොදා ගන්නට පූළුවන්.


චීන ක්‍රමයට
චීන ක්‍රමයට චොප්සි සාදන විට කැරටි අලය දෙකට පලා තීරු ලෙස කපාගන්න. තරමක් මහතට තිබිය යූතුයි. නැතිනම් කුඩා කොටූ කපන්නටත් පූළුවන්.


සලාදයට

සලාද සඳහාද ඇතැම් අය සිහින් තීරු ලෙස කැපූ කැරටි යොදා ගන්නවා. නමූත සලාදයට වඩාත් හොඳ ග්‍රේටි කරගත් කැරටි. මෙය නූඩ්ල්ස්, ප්‍රයි්ඩ් රයිස් සඳහාද සූදුසූයි.

අලු කෙසෙල්
අලු කෙසෙල් කිරට ඉවීමට
අලු කෙසෙල් පෙති ලෙස කපා ගන්නේ කිරට උයන්නයි. පොතු ඉවත් කරලා හැඩයට පෙති ලෙස කපා ගන්න. මේ ක්‍රමයට බැදලා උයන්නත් වඩාත් හීනියට කපා ගත්තම චිප්ස් හදන්නත් පූළුවන්.


බැදලා ඉවීමට

අඟල් 2 ඃ 2 1/2 ක් පමණ හීනි තීරුවලට කපාගත් අලු කෙසෙල් බැදලා උයන්න පූළුවන්.


මැල්ලුමට

අලු කෙසෙල් මැල්ලුම් හදන්න අවශ්‍ය නම් කුඩා කොටූ ලෙස කපා ගැනීම සූදුසූයි. ඒ වගේම ලම්ප් රයිස් සඳහා සාදන වෑංජනයටත් අලු කෙසෙල් කුඩා කොටූ කපා ගත යූතුයි. මෙය බැදලා උයන්නත් පූළුවන්.


අලු කෙසෙල් කුමන ක්‍රමයකට කැපූවත් කපාගත් විගස කහ ස්වල්පයක් දමා අතගා ගත යූතුයි. චිප්ස් සඳහා නම් කහ දමන්න එපා කැපූ විගස වතුර භාජනයකට දමා තබා වතුර පෙරා දමාගන්න.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment