යොවූන් දියණියට ගැළපෙන ආලේපන


අද වෙළෙඳපොලේ රුව ආරක්ෂා කරනවා යැයි කියමින් විකුණන්නට විවිධ ආලේපන වර්ග තියෙනවා. සැබවින්ම අද අපේ අවධානයට ලක්වෙන්නේ මේ ආලේපන වර්ග අපට කොතෙක් දුරට ගැළපෙනවද යන්නයි. විශේෂයෙන්ම යොවූන් වයසේ සිටින තරුණියන්ට මේ ආලේපන කොතෙක් දුරට අවශ්‍යද? මේ ආලේපන ගෑම සූදුසූද කියා අපි බලමූ.

මේ ලිපිය කියවන ඔබට තරුණ වයසේ දියණියන් සිටිනවා නම් ඇයට මේ ලිපියේ අඩංගු දේ ගැන කියාදෙන්න ඔබ අමතක කරන්න එපා.

මේ ගැන සාකච්ඡා කරන කොට මම මූලින්ම කිව යූත්තක් තියෙනවා. බොහෝ තරුණියන් වෙළඳ පොලේ දක්නට ලැබෙන හෝ කවූරුන් හෝ ආලේපන පාවිච්චි කරනවා නම්. විශේෂයෙන්ම දැන්වීම් කලාව මගින් (රූපවාහිනිය) කියන ආලේපනවලට ආකර්ශනය වෙනවා. නමූත් එයින් ඇතිවන ප්‍රතිඵල ලස්සන සම අවලස්සන වීමයි. අනික් කරුණ අපේ සම හඳුනාගෙන එයට ගැළපෙන ආකාරයට ආලේපන ගැල්විය යූතුයි. තෙල් සහිත සමක් නම් එයාට අපි තෙල්ගතිය අඩූ ආලේපන ද වියළි සමක් නම් වියළි ගතිය ඇති නොවන ආලේපනයක් ද ගැල්විය යූතුයි. දකින, දකින ආලේපන මූහූණේ ගෑමෙන් ලස්සන වෙන්නවත්, සම රැකගන්නවත් ලැබෙන්නෙ නැති බව අප මතක තබාගත යූතුයි. මන්ද මූහූණට ගැළපෙන ආලේපන භාවිත කළ යූතු වගේම එය නිවැරදිව ගැල්වීමත් කළ යූතු වෙනවා.

ගැල්වීමේදී ආලේපනවල තත්ත්වය වගේම එය තමන්ගේ සමට කොතෙක් දුරට අසාත්මික වන්නේ ද නොවන්නේ ද යන්න ගැනත් සැළකිලිමත් විය යූතු වෙනවා.

ආලේපන ප්‍රමාණය වගේම භාවිත කරන වෙලාව ගැනත් ඒ ඒ ආලේපනයේ සඳහන් විස්තර පත්‍රිකා කියවා බැලීමෙන් ඔබට දැනගන්නට පූළුවන්.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment